CHAPTER 14 ♠️

1.7K 389 111
                                    


©ඈ සනසවමින්...මේ ගී වැල් ගයමි මෙමා...
මේ මිහිරි ලොවේ .. සැනසුම මා ලැබ ගන්නම්...
කුමරියනේ...කිමද මා ගැන නොසිතන්නේ .... 🥀...

~~~~~~~~~~~~~~~~~

Back to The Flashback ....🍂

දින කිහිපයකට පසු~

" ජිමිනා... මොකද බන් මේ? උඹ දැන් හැමදාම බොන්න පටන් ගත්තද ? "

" මට මහන්සියි ටේ... "

ජිමින් කිව්වේ තමන්ගේ අතින් අල්ලන් නවත්තන් හිටිය ටේගේ අත අයින් කරන ගමන්.. කෙලින් ඉන්න බැරි තරමට බීලා නොතිබ්බත් ජිමින් ලගින් ඕනාවටත් වඩා ඇල්කොහොල් ගද ආවා.. ඒ වගේම කොල්ලාගේ අවුල් වුන කොණ්ඩේ , බට්න් ගැලවුන ශර්ට් එක නිසා කොල්ලව පෙනුනේ පිස්සෙක් වගේ.. ජිමින්ගේ ශර්ට් එක ඇල්කොහොල් වලින් තෙත් වෙලා ඇගට ඇලිලා තිබ්බා වගේම බට්න් ගැලවිලා නිරාවරණය වෙලා තිබ්බ ජිමින්ගේ පපුවේ තැන තැන තිබ්බ රතු වුන පැල්ලම් වලින් තේරුණේ කොල්ලා අදත් කෙල්ලෙක් එක්ක ෆන් එකක් අරන් කියන එකයි..

" උඹ මේ දවස් ටිකේම දවසෙම හොස්පිට්ල් එකේ ඉදලා රෑට රෑ වෙල ගෙදර එන්නේ..ඒකත් කෙල්ලෝ එක්ක ලැගලා ලැගලා බීගෙන.. උඹට මොකද්ද ඔච්චර තියෙන ප්‍රශ්නේ ජිමින් ?... "

" මට මහන්සී බන්.. කිව්වනේ සැරයක්... "

ටේ ජිමින්ව සැරින් සැරේ නවත්තලා කතා කරන්න හැදුවත් කොල්ලා කලේ ටේව වදයක් ගාණට දාලා මගඇරලා යන්න ගිය එකයි...

තමන්ගේ කාමරේට යන්න ගිය ජිමින් ආයෙත් දෙයක් මතක් වුන නිසා ටේ ලගට හැරිලා ආවා... ඒත් ටේ ජිමින්ව ගණන් නොගෙන අහක බලා ගත්තේ ජිමින් අහන්න යනදේ දැනගෙනයි...

" සෝ..යොන් කොහෙද ?"

ජිමින් හැමදාම අහන ප්‍රශ්නේ ... හැමදාම රෑට බීගෙන ඇවිත් ජිමින් හොයන්නේ සෝයොන්ව.. ඒක ටේ දන්න නිසාමයි ගණන් නොගෙන අහක බලා ගත්තේ...

කිසිම දෙකට වට්ටන්න බැරි වුන ජිමින් අද කෙල්ලෙක් නිසා පිස්සුවෙන් හැසිරෙන විදිහට ටේ අකමැති වුනා... ටේ වුනත් සෝයොන්ට තමන්ගෙම සහෝදරියක්ට වගේ සැලකුවට ජිමින් මේ විදිහට විනාශ වෙනවට කැමති වුනේ නැහෑ.. හේතුව නොදන්නවා වුනත් ටේට සෝයොන් ගැන තරහක් ඇති වුනේ ඒකයි. ඒත් ටේ ඒ බවක් ඇගවුවේ නැහෑ...

DOCTOR  MAFIA ♠️🎯 || PJM   [ Completed ]Where stories live. Discover now