CHAPTER 10 ♠️

1.6K 403 105
                                    


©අඩුවක් වුනාදෝ සෙනේ...
හැර යන්න ඇයි ළං වුනේ...🥀

~~~~~~~~~~~~~~~~~~~

End Of 9th Chapter ....

" ජි...ජිමින්...ශි..."

" තමුසේ කටවහා ගන්නවා.... තමුසේ ගැන මං පස්සේ බලා ගන්නම්.... "

සෝයොන් ජිමින් දිහා බලන් පුදුමෙකින් ඇහුවත් ජිමින් කලේ කෙල්ල දිහාවත් නොබලා කෑගහලා සෝයොන්ව පැත්තකට කරලා අඩියට දෙකට vernon ලගට ගිහින් උඩ පැනලා vernon ට පාරක් ගහපු එක.. ඒ පාරේ සැරට vernon මීටර් දෙකක් විතර දුරට විසිවෙලා ගිහින් වැටුනේ , වැටුන පාරට බිමට ඇණුණ අත වේදනාවෙන් අල්ලන් කෑගහන ගමන්...

Since then........

" යහ් කේශික්‍යා .... උඹව මං දන්නවද කියලා නේද ඇහුවේ?... අහ් ? ... දේ.. අරා... ඕනාවටවත් වඩා උඹ ගැන මං දන්නවා... "

බිම වැටිලා බිමට වැදුන අතත් අල්ලන් නැගිට ගන්න බැරුව වර්නන් හිටියේ අමාරුවෙන්.. ඒත් වැස්සේ වුනත් ඒ මූණේ ඇදිලා තිබ්බ කපටි හිනාව ජිමින් දැක්කා.. සෝයොන් හිටියේ ජිමින්ට කවර් වෙලා ..මොකද කෙල්ලට වර්නන්ගේ මූණ බලන්න තරම් හිතේ හයියක් තිබ්බ් නැහෑ...

බිම වැටිලත් , නැගිට ගන්න පණක් නැතුවත් වර්නන් හිනා වෙද්දී ජිමින්ට එයාගේ තරහා පාලනය කරගෙන ඉන්න බැරි වුනා.. වැහි වතුර නිසා ජිමින්ගේ ඉලිප්පිලා තිබුන නහර හොදින් කැපීපෙනුනා..

සෝයොන් ජිමින්ගේ අතකින් අල්ලන් ජිමින්ව පස්සට අදිද්දි ජිමින් කලේ වර්නන් ලගට යන්න හැදුව එකයි....

" අතාරිනවා මාව... තමුසෙට මැරුම් කන්න ඕනේ නැත්නම් අතඇරපන්..."

" චේබාල් ...චේ ....බාල්.. ජිමින්ශී.. අපි යන්.. මට බෑ මෙතන ඉන්න.... අපි යන්..."

" තමුසේ දන්නවද මූ කරන දේවල්...? අහ්?.. මූ තමයි...."

" එපා... එපා. චේබාල් මට ඒ දේවල් අහන්න බෑ.. අපි යන්.. අපි මෙතනින් යන්...."

කෙල්ලව වෙව්ලනවා.. වැස්ස නිසා ඇගට දැනුන සීතලට වඩා හිතට දැනුන බය නිසාම කෙල්ලව වෙව්ලනවා.. හිටගෙන ඉන්න වාරු නැති තරමට කෙල්ලව අඩපණ වෙලා.. ඒත් ඉතුරු වෙලා තිබ්බ අන්තිම ශක්තියත් යොදවලා කෙල්ලට ඕන වුනේ ජිමින්වත් එක්කන් එතනින් ඉක්මනින් යන්න... ජිමින් ආයේ ආයේ වර්නන්ට ගහන්න යන්න හැදුවත් සෝයොන් ජිමින්ගේ අතේ එල්ලිලා ඒකට ඉඩ නොදුන්න නිසා ජිමින් මුල්ම සහා අවසාන වතාවට කෙල්ල කියන දේ අහලා එතනින් එන්න හැරුණා...

DOCTOR  MAFIA ♠️🎯 || PJM   [ Completed ]Where stories live. Discover now