CHAPTER 21 ♠️

1.2K 346 70
                                    

© ඔය නෙතු දැහැනේ සමවැදී මෙමා
ඔය නෙතු තුළ මා සිතූ සිතුම්...
බොද වූ සිතුවම් , බිදුනු හසරැල්
සොවින් මා ඒ හෙලූ සුසුම්...
ඔබ නොදනී මුලු ලොවම දනී....🥀

~~~~~~~~~~~~~~~~~~~


සෝයොන් ගෙස්ට් හවුස් එකේම ඉද්දී , ගැන්ග් එකේ අයවත් ආරක්ෂාවට තියලා ජිමින් mansion එකට ආවේ වෙඩිකාපු සතෙක් ගාණටයි...කොච්චර ඉවසන් හිටියත් තමන්ගේ කෙල්ල විදවපු දුක ඒ කටින්ම කියද්දී මොන කොල්ලටද ඉවසන් ඉන්න පුලුවන්... විශේෂයෙන් ජිමින් වගේ ඉවසීමක් නැති කෙනෙක්ට ඉවසීම කියන්නේ නිකන් වචනයක් විතරයි.... වර්නන් ඉන්නේ තමන් ලග නිසා තවත් පරක්කු කරලා කිසි තේරුමක් නැහැයි කියලා ජිමින් හිතා ගත්තා..හැමදේකම අවසනායට හුගක් ලං වෙලා ඉන්න වෙලාවක ජිමින්ට තවත් ඉවසන්න හේතුවක් තිබ්බේ නැහෑ.. ඇත්තටම ජිමින් කාලයක් තිස්සේ එනකම් බලන් හිටිය දවස උදා වෙලා.. ඉතින් කොල්ලට තව ඉවසන් ඉන්න හේතු තියෙනවද ?...

Mansion එකට ආව ගමන් ජිමින් මුලින්ම ගියේ තමන්ගේ රූම් එකට... කාලයක් ආදරයත් එක්ක වලදාපු ජිමින්ගේ පරණ ජීවිතේ අතෑරලාදාපු සගයන්ව ආයේත් එළියට යන්න ජිමින්ට කාලය ඇවිත්... ඉතින් කොල්ලට ඉවසුමක් තිබුන් නැහෑ ඒ දේවල් ආයේ අතට ගන්නකම්....

තමන්ගේ රූම් එකට ගිය ගමන් ජිමින් රුම් එකේ දොරවත් වහන් නැතුව කෙලින්ම ටේබල් එක ලගට ගිහින් ටේබල් එකේ ලොකර් එකක දාලා තිබ්බ ප්ලැටිනම් බොක්ස් එකක් එළියට ගත්තේ කට කොණකින් හිනාවකුත් රදවගෙනයි.....


" ok baby... ඔයාලට ආයෙත් වෙලාව ඇවිත් එළියට එන්න..."


බොක්ස් එකේ දාරේ දිගේම ඇගිල්ලක් හිමීට අරගෙන ගිය ජිමින් කිව්වේ ලොකු ආඩම්බරයකින්... හරියට ඒ දේවල් නිසා ජිමින් ලොකු සතුටක් ලැබුවා වගේ... ඔව් හරියටම කිව්වොත් ජිමින් අද ඉන්න තැනට එන්න එයා එක්ක ලගින්ම හිටියේ ඒ අය.. ඉතින් ජිමින්ට ඒ දේවල් මහා හුගක් වටිනවා....


බොක්ස් එකේ තිබ්බ ලොක් එක ඇරලා ජිමින් හිමීට බොක්ස් එකේ පියන ඇරියේ දිළිසෙන ඇස් වලින්..... බොක්ස් එක ඇතුලේ තිබ්බ දේවල් දැක්ක ගමන් ජිමින්ගේ ඇස් තව දිළිසෙන්න ගත්තා.. ඒ වගේම ජිමින්ගේ මූණට ලොකු හිනාවක් ආවා කිව්වොත් හරි....


DOCTOR  MAFIA ♠️🎯 || PJM   [ Completed ]Where stories live. Discover now