CHAPTER 20 Pt 1 ♠️

1.3K 351 76
                                    

© දැනෙනා සෙනෙහේ අයිතිය නැති මං
කවුරුන්දෝ කියලා ඇසුවා.....
අපගේ වරදේ ගැඹුරක් දැනෙනා...
දවසේ මොහොතක් මං සිතුවා...🥀

~~~~~~~~~~~~~~~~

Back To The Present .....

වරුවක් තිස්සේ තමන්ගේ පපුවට තුරුල් වෙලා නිදන් ඉන්න කෙල්ලව ජිමින්ට අතාරින්න හිතකවත් තිබ්බේ නැහෑ.... මොකද ජිමින් බය වුනා ඊළග තත්පරේ මොනවා වෙයිද කියලා.... මාස ගාණක් වේදනා වින්ද හැටි ජිමින්ට අමතක වෙන් නෑ... එදා ගත්ත ඒ හිතුවක්කර තිරණේ නිසා ජිමින් මැරි මැරී ඉපදුනා....සිය දහස් වතාවක් ජිමින් සෝයොන්ගෙන් සමාව ගන්න ඇති ... මොකද කොල්ලට වෙන කෙල්ලෙක්ගෙ පහස ලබන්න බැරි නිසා.. ගේ පුරාම තිබ්බ සෝයොන්ගේ මතක ජිමින්ගේ හිත දවස ගාණේ පෑරුවා....

ඒත් දැන් ඒ ආදරේ තමන් ලග ඉද්දී එක තත්පරේකටවත් කෙල්ලව ඈත් කරන්න නොහිතෙන එක සාධාරණ නැත්ද ?.....

" ම්ම්ම්...ම්ම්...."

පැය ගාණක් ඒ උහුණුමට තුරුල් වෙලා හිටිය කෙල්ල හිමීට ඇහැරෙද්දී කෙල්ල නිදියනකම් පිටට අතකින් තට්ටු කර කර හිටිය ජිමිනුත් නැගිටලා කෙල්ලට නැගිටින්න උදව් කලා....


" සෝයොන් ... ක්වෙන්චානා ?...."

ජිමින් ඇහුවේ සෝයොන්ගේ මූණට වැටිලා තිබ්බ කෙස් රොද අතින් හදන ගමන්.... ජිමින්ගේ කටහඩට බාගෙට පියවිලා තිබ්බ ඒ ඇස් හිමීට ඇරුණේ ලස්සනට හිනා වෙන ගමන්....


" දේ.... මට වතුර ටිකක්.... "

කෙල්ල හීනී කෙදිරියකින් වගේ එහෙම කියද්දී ජිමින් බෙඩ් සයිඩ් ටේබල් එකේ තිබ්බ වතුර එක අරන් හරි පරිස්සමට සෝයොන්ට පෙව්වා...


" දැන් කොහොමද මැණික ?... ඔයාට සිහිය ආවට පස්සේ ආයේ නිදා ගත්තා...මං හුගක් බය වුනා..ඇගට අමාරුවක් නැහැ නේද ?... "


" නැහෑ චිමී.. මගේ ඇගට හුගක් මහන්සී වගේ... "


" එහෙම තමයි.. හුගක් කල් සිහිය නැතුවනේ හිටියේ.. අපි හිමීට සනීප වෙමු අරස්සෝ ... "


ජිමින්ගේ අතක් හරි හිමීට සෝයොන්ගේ කෙස් අතර ගියා... අනිත් අතින් සෝයොන්ගේ සියුමැලි කම්මුලක් පිරිමැදෙද්දී ජිමින්ගේ ඇස් කෙල්ලගේ මූණ පුරා ගියේ හරිම ආදරණීය විදිහටයි....


DOCTOR  MAFIA ♠️🎯 || PJM   [ Completed ]Where stories live. Discover now