CHAPTER 19 ♠️

1.2K 360 90
                                    


©මං නුඹෙමද අහන හිතින්..
නුඹ මගෙමද හිතනවනම්..
මං විතරද අහන මුවින්...
මගේ විතරද කියනවනම්...
සාගරේ හඩ දිගේ මේ ගග ගලනවනම්...
මං නුඹේ නුඹ මගේ...
අපි අපේ විතරනම්...? 🥀

~~~~~~~~~~~~~~~~~~~~~~~~

( මේ චැප්ටර් එක කියවද්දී - නෙතු නොනිදා රෑ අදුරේ - සිංදුව අහනවනම් මං කැමතියි )

Still Flashback ....

" මං ජියාව මැරි කරනවා "

ජිමින් කිව්වේ ජේකේ වගේම ටේ , චෑන් මේ හැමෝම රෑ කතා කරන්න කියලා පහළට එකතු වුන වෙලෙයි... ජිමින්ගේ කටින් පිටවුන අනපේක්ෂිත දේ නිසා ජේකේ බිබී හිටිය වතුර එකත් පිට උගුරේ ගියා...

" ( cough ..... ) ම්වෝ ?..."

පිට උගුරේ ගිය වතුර නහයෙන් කටින් එද්දී ඒ ටික පිහදාගෙන ජේකේ එහෙම ඇහුවේ තවමත් හිස් හැගීමකින් අහක බලන් ඉන්න ජිමින්ව තමන් ඉන්න පැත්තට හරවන ගමන්... ජේකේට ඒ දේ අහන්න සිහියක් තිබ්බට ටේටනම් ඒ ගැන දැන ගන්නවත් උවමනාවක් තිබ්බේ නැහෑ.. මොකද ඒ වෙලාවේ ටේගේ අතේ තිබ්බ වීදුරුව අතටම පොඩි වෙලා යන තරමට තරහකිනුයි හිටියේ.....

" උඹට පිස්සු හැදිලද යකෝ..හරි ...සෝයොන් එක්ක තරහයි තමයි ..ඒක පැත්තකින් තියමුකෝ... මොන එහෙකටද අර කොහෙවත් ඉන්න ජියාව තමුසේ බැද ගන්නේ අහ් ? මට කියනවා ජිමින් ..."

" මේක මගේ පෞද්ගලික ජීවිතේ ජේකේ.. ඒ ගැන තීරණය කරන්නේ මං.. මට උබලගෙන අහලා ඒකට ඇඩ්වයිස් ගන්න ආවේ නැහෑ..මං ආවේ මගේ මැරේජ් එක ගැන උඹලට කියන්න... ඒක තමයි මගේ අන්තිම තීරණය.... "

" හරි මේ ගැන සෝයොන් දන්නවද ? "

" එයා දැන ගනී.. හැබැයි මගේ වෙඩින් එක දවසට.... "

ජිමින් කිසි ගාණකට නොගෙනම එහෙම කියලා එතනින් යන්න ගියේ චෑන් එක්කමයි.. ඒත් ජිමින්ට වැඩි දුර යන්න නොවුනේ ජියා ඒ වෙනකොටත් ගෙදරට ඇවිත් හිටිය නිසයි ...

" ජියා ඔයා ආවද ?"

" කොහොමද ජිමිනී... අහ් මේ හොස්පිට්ල් එක නෙවේ නිසා මට සාමන්‍ය විදිහට කතා කරන්න පුලුවන්නේ... අනික ඔයා මගේ වෙන්න හබීනේ...."

ජියා කවදාවත් නැතුව අමුතු හුරතලයක් පෙන්නලා ඇවිත් ජිමින්ගේ අතේ එල්ලුනේ ජේකේ වගේම ටේත් බලාගෙන ඉද්දියි.... ජිමින්ට ජියාට ළං වෙන්න උවමනාව නොතිබ්බත් කෙල්ලව ඈත් කරන්න පුලුවන් කමක් තිබුණේ නැහෑ. මොකද මේ වෙනකොටත් ජිමින් රෆායල්ට කියලා වෙඩින් එකට හැමදේම ලෑස්ති කරලයි තිබුණේ.... ඉතින් ජියා තමන්ගේ අතේ බලෙන්ම එල්ලෙද්දී ජිමින් කලේ මුකුත් නොකියම ජියාවත් එක්කන් යන්න ගිය ගමන ගිය එකයි....

DOCTOR  MAFIA ♠️🎯 || PJM   [ Completed ]Where stories live. Discover now