CHAPTER 5 ♠️

1.8K 434 123
                                    

මා සදනම්...
ඔබ මට එළිය දෙන හිරු වෙනවද ? 🥀...

- SoYeon -

~~~~~~~~~~~~~~~~~

ජිමින්ගේ වියරු වැටුන ඇස් ටික ටික රතු වෙද්දී කෙල්ල කදුලු පිරුණ ඇස් වලින් ඇහිපිල්ලමක්වත් නොගහා ජිමින් දිහා බලන් හිටියා... ජිමින්ගේ ඇස් සෝයොන්ගේ මූණ පුරාම ගියත් ඒ ගියේ තරහකින් මිසක් වෙන හැගීමකින් නෙවෙයි....

" කතා කරපන්... උඹ කොහොමද මාව දන්නේ ?".....

" ජි.....මින්..... මං....මං තමයි..... "

" ඔව් කවුද උඹ... ?"

" එදා ..... අර .. අර...නරුමයාගෙන් බේර ගත්තේ.... 😢😢 "

බයෙන් , වේදනාවෙන් වෙව්ලන තොල් වලින් සෝයොන්ගේ වචන පිට වුනේ සද්දේ ඇහෙන නෑහෙන ගානට.. කියන්නද , නොකියන්නද කියලා හිත වද දුන්නත් නොකීවොත් ජිමින්ගෙන් බේරුමක් නැහැයි කියලා දන්න නිසාම අමාරුවෙන් වචන ගැටගහන් කෙල්ල කතා කලේ ඇස් වලින් බේරුණ කදුලු කැටවලට ඔහේ ගලාගෙන යන්න ඉඩ දීලා.....

සොයොන්ගේ වචන ටික වෙලාවකට ජිමින්ගේ කේන්තිය පාලනය කලත් සෝයොන් කියන්නේ මොකක් ගැනද කියලා ජිමින්ට කල්පනා වුනේ නැහෑ... ටික වෙලාවක් ඒ විදිහටම scalpel එක සෝයොන්ගේ බෙල්ලට තද කරන් ඉදලා දිගටම බෙල්ලෙන් ලේ බිංදු කාන්දු වුන නිසා ජිමින් සෝයොන්ව අත ඇරලා නැගිටලා බෙඩ් එකෙන්ම ඉද ගත්තා.......

ජිමින්ගේ අතේ scalpel එක තාලෙකට එහේ මෙහේ ගියේ කෙල්ල ඉතුරු ටික කියයි කියලා බලාපොරොත්තුවෙන්.... ඒත් සෝයොන් වචනයක්වත් කතා නොකල නිසා ජිමින්ම කතාවට මුල පිරුවා...

" තමුන් කියන දේ මට පැහැදිලි නැහෑ....මං ප්‍රශ්න දෙකක් අහන්නම්... කෙලින් උත්තර දෙනවා... "

" ම්ම්ම්.. "

කෙල්ල කිව්වේ අමාරුවෙන් නැගිටලා ආයෙත් හෙඩ් බෝර්ඩ් එකට හේත්තු වෙන ගමන්....

" කවදද ?... කොහෙදීද ?... "

.
.
.
.
.
.

ටික වෙලාවක් යනකනුත් සෝයොන් වචනයක්වත් නොකියා ඉකිගගහා බිම බලන් හිටියේ තමන් මතක් කරන්නවත් අකමැති අමිහිරි දවස ගැන කොහොම කියන්නද කියලා කල්පනා කරන ගමන්....

DOCTOR  MAFIA ♠️🎯 || PJM   [ Completed ]Where stories live. Discover now