CHAPTER 7 ♠️

1.8K 424 140
                                    


ආදරය හරි බොළදයි....

දන්නවද ?..හිතුවේ නෑ මේ දරදඩු හිත උඹේ ඔය හිත ලග බොළද වෙයි කියලා...

මං බොළදද ?..
නැහෑ..
මං ඕනාවටත් වඩා මහා ගොඩක් නුඹට ආදරෙයි ... 🥀

--------------------------------------

Present .....

" ජිමිනා.. අරූව හොයා ගත්තා... "

මැශින් ගොඩකට හිර වෙලා යන්තමින් හුස්ම අල්ල අල්ල හිටිය සෝයොන්ගේ අතක් තදින් අල්ලන් ඒ බෙඩ් එකටම ඔලුව තියන් හිටිය ජිමින් එක පාරට ගැස්සිලා ඇහැරුණේ ජේකේගේ කටහඩට.... සෝයොන් ඉන්න තත්වේ ගැනවත් නොහිතා ගාල කඩා ගත්තා වගේ ජේකේ කලබලෙන් රූම් එකට දුවගෙන ආව නිසා ජිමින්ට කේන්තී ආවත් ජේකේ කිව්ව දේ එක්ක ජිමින්ට ඕන වුනේ ඒ දේ ඉක්මනින් දැන ගන්න.. ඉතින් ජිමින් ජේකේවත්  රූම් එකෙන් එළියට ඇදගෙන ගිහින් කොරිඩෝ එකේ බිත්තියට තද කලේ කොල්ලගේ කොලර් වලින් දැඩිව අල්ලගෙනයි....

" කියපන්.. මොකාද ඒ #**#*$*@..... අහ් ....කියපන් ජේකේ... "

" මාත් එක්ක වරෙන් යන්න... ඌ ඉන්නේ අපේ ප්ලේස් එකේ..... "

" වාහනේ රෙඩි කරපන්.. මං විනාඩියෙන් එනවා.. "

ජිමින් ජේකේව එතනින් යවලා ආයෙත් ගියේ සෝයොන් ලගට... සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා හිතත් එක්ක වාද කරන ජිමින් සෝයොන් ලගට ගිහින් තමන්ගේ සීතල ඇගිලි කෙල්ලගේ ඔලුවේ කෙස් අතර අරගෙන ගියේ හරි පරිස්සමට....

" මං ඉක්මනට එනවා මැණික.. ඉක්මනට... පරිස්සමෙන් ඉන්නවා නේද ?... "

ජිමින්ගේ එක අතක් සෝයොන්ගේ කෙස් අතර යද්දි අනිත් අතින් කෙල්ලට කැනියුලා එක ගහලා තිබ්බ අත අරගෙන තමන්ගේ තොල් වලින් උණුසුම් හාදුවකින් තෙත් කලේ කලේ හරි පරිස්සමට .. මොකද ඒ හාදුවෙන්වත් කෙල්ලට රිදෙනවට ජිමින් දැන් හරි බයයි...


කොච්චර දරුණු හිතක් වුනත් තමන්ගේ ආදරේ ලග ඒ හිත් හරියට පොඩි එකෙක් වගේ ... අහිමිවෙයි කියන බය හිතේ කැකෑරෙනකොට ජිමින්ට තමන්ගේ ආදරේ නොපෙන්ව ඉන්න බැරි තරම්... තමන් ලග ඉද්දී මල් පෙත්තක් වගේ හරි පරිස්සමට පරිස්සම් කල කෙල්ලව අද මෙහෙන දකිද්දී ඉතින් ඒ සීතල ගල් හිත වුනත් එහෙම වෙන එක අරුමයක් නෙවෙයි... ආදරය කියන අකුරි හතරවත් හරියට නොදැන හිටිය ඒ සීතල හිත අද ඒ ආදරේටම උණු වෙලා... වචන වලින් විතරක් නෙවෙයි කදුලු වලිනුත්..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

DOCTOR  MAFIA ♠️🎯 || PJM   [ Completed ]Where stories live. Discover now