FINAL CHAPTER Pt 2 ♠️

1.7K 378 223
                                    

DOCTOR MAFIA ♠️🎯 අවසන් කොටස

" ජියාආආආආආ... මං උබව මරණවා.... උබ මගේ ලගම ඉදන් මාවම රැවැට්ටුවා.... බැල්ලී....."

ජිමිගේ අතක් ජියාගේ බෙල්ලට හිර වෙද්දී ජියා ඒත් හිටියේ වියරුවෙන් වගේ හිනා වෙන ගමන්.... ඒ ඇස් වල නහර වලට ලේ පිරිලා... මූණේ පවා නහර පේන්න අරන්... ඒත් ජියාට බෙල්ලෙන් දැනුන වේදනාව ගාණක්ම නැතුව දිගටම එක එල්ලේම ජිමින් දිහා , ජිමින්ගේ ඒ වියරු වැටුන ඇස් දිහාම බලන් හිටියා..

" මං තමුසෙට ආදරේ කලා ජිමින්... තමුන්ගේ අප්පා මගේ අප්පාව මරලා දාලාත් මං පිස්සුවෙන් වගේ තමුන්ට ආදරේ කලා .. ඒත් තමුන් හැම වෙලේම තෝර ගත්තේ මේ හිගන කෙල්ලව... මේ දැනුත් තමුන් කරන්න හැදුවේ ඒක... තමුසේ මාව බේර ගන්න එක පැත්තක දාලා අර වැඩකට නැති සතාගේ මලකුණ බලන්න ගියා ... මේකී පිට දාලා තමුන්ව මෙතනට ගෙන්න නොගත්තනම් තමුන්ට ඒත් මං ගැන ගාණක් නොවෙන්න තිබ්බා...."

" කටවහපන් බැල්ලී...."

ජිමින්ගේ සැර අතුල් පහරකින් ජියාගේ කම්මුලක් රත් වෙද්දි කෙල්ල එහෙන්ම බිමට වැටුනේ තමන්ගේ පුපුරු ගහන කම්මුල අල්ලගෙනමයි......

" උඹයි මගේ අප්පගෙයි අතර කිසී වෙනසක් නැහෑ.... උඹලා හැමෝම අහිංසක ජීවිත එක්ක සෙල්ලම් කරනවා...දන්නවද මං තමුසෙට අකමැති වුන හේතුව.. තමුසේ මටත් කලින් මට කැමති වුන එක.. මාත් එක්ක නිදා ගත්ත කෙල්ලන්ගෙනුයි උඹෙයි අතර වෙනසක් මං දැක්කේ නැහෑ ජියා....දන්නවද ? පිරිමියෙක්ගේ හිතක් ලේසියෙන් තමන්ගේ කර ගන්න බැහෑ.... තමුන් මොනවා කරත් ඒ දේ වෙනස් කරන්න බැහෑ.... මේ දේ මං කලින් දැන ගත්තනම් උබට සමාවක් දෙන්න තිබ්බා... ඒත්...ඒත් උබ මෙච්චර දුර ආව එකේ මාත් නිකන්ම හැරිලා යන් නෑ.... "

බිම වැටිලා හිටිය ජියාගේ කම්මුල් වලට අතුල්පාරවල් එක පිට එක වදිද්දි, තොල් පැලිලා ලේ ගලද්දී ජියාටනම් ඒ කිසිම දේක ගාණක් වුනේ නැහෑ...හරියට ජියා ජිමින්ගේ ඒ දරුණු හැසීරීමට පවා ආදරය කරනවා වගේ. ජියාගේ ආදරෙන් , වෛරයෙන් වියරු වැටුන ඇස් දිගටම ජිමින්ගේ ඇස් යාවෙලා තිබ්බා....

DOCTOR  MAFIA ♠️🎯 || PJM   [ Completed ]Where stories live. Discover now