CHAPTER 4 ♠️

1.7K 443 146
                                    

~ ඇහිපිල්ලමක් යට තියන් වගේ හරි පරිස්සමට ලගින් ඉද්දී බලා ගත්ත ඔයාව...,
සත්තයි මැණික මෙහෙම දුකක් ලැබෙනවා කියලා දැන වුන්නනම් යන්න දෙන් නෑ මගෙන් දුරකට..... 🥀 ~

~~~~~~~~~~~~~~~~~~~~~~~~

Back To The Flashback ....

" තමුසෙනම් මහා වදයක්...."

කෙල්ල බයෙන් බිමට පාත් වෙලා ඉද්දී ජිමින් ඒ එක්කම කෙල්ලව තමන්ගේ අත් වලට ගත්තේ සෝයොන්ගේ ඇස් පුදුමෙන් ලොකු කරවන ගමන්....

" ති...යන්න...මාව.... මොකද මේ... "

" කටවහන් එනවා යන්න.. "

" මට..මට ඉන්න දෙනවා... "

සෝයොන් හිටියේ ඇත්තටම බය වෙලා නිසා කෙල්ල ඉන්නේ ජිමින්ගේ අත්වල කියන එකත් අමතක කරලා ජිමින්ගේ අත් වලින් බහින්න දැගලුවා.. ජිමින්ට ඕනේ වුනේ සෝයොන්ගේ බය නැති වෙන්න ටිකක් කතා කරන්න වුනත් කෙල්ලගේ මේ වැඩේට ජිමින්ට ආයෙත් කේන්ති ගිය එකයි වුනේ.... සෝයොන්ගේ ඉණ වටේ වගේම කකුල් වටෙන් ගිය ජිමින්ගේ අත් වල ඇගිලි වලින් කෙල්ලගේ ඒ තැන තද වුනත් කෙල්ල අමාරුවෙන්ම බහින්න උත්සහා කලා....

" තමුසෙට ...... "

" අහ්හ්හ්...... අහ්... ඔම්මා.. 😖😖😖😖 "

අන්තිමට ජිමින්ගේ ඉවසිමේ සිමාව රතු කට්ටටම එද්දී කොල්ලා කලේ සොයොන්ව එහෙම බිමට අත ඇරිය එකයි..... ජිම්න් ඒ ගැන වැඩිය නොහිතුවත් කෙල්ල කෙලින්ම බිමට වැටිනේ කොණ්දම බිමට ඇණෙන විදිහට නිසා කෙල්ලට නැගිට ගන්න බැරිව එහෙන්ම බිම දිගා වුනා...

කොණ්දෙන් දැනුන වේදනාවත් එක්ක කෙල්ල ඇස් පියන් බිම ඇකිලෙද්දී ඒ අමාරුවටම කෙල්ලගේ ඇස් වලින් කදුලු බේරිලා ගිහින් බිම තෙත් වුනේ ජිමින් බලන් බලන් ඉද්දියි...

බයට පැනලා යන්න ඕනේ වුනත් කකුල් අත් වල තිබ්බ වේදනාවල් වලට වදා කොණ්දෙන් දැනුන වේදනාව නිසා සෝයොන් යන්තමින් ඇස් ඇරලා තමන් ඉස්සරහා හිටන් ඉන්න ජිමින් දිහා බැලුවේ අසරණ වෙලා....

කිසිම අනුකම්පාවක් නැතුව තමන් දිහා හිනා වෙවී බලන් ඉන්න ඇස් දිහා කදුලු පිරුණ ඇස් වලින් සෝයොන් බලන් හිටියේ පිළිකුලකින්.. මාෆියාකාරයන් ගැන තිබ්බ අප්පිරියාව තව තවත් සෝයොන්ගේ හිතේ වැඩි වෙන්න ජිමින්ගේ මේ හැසිරීම හේතු වුනා...

DOCTOR  MAFIA ♠️🎯 || PJM   [ Completed ]Where stories live. Discover now