Revealing the secret

912 200 5
                                    

සෘංගාරාත්මක රැයකට පසු දින ටේ බබයි චීනුයි ගොඩාක් සතුටින් උන්නෙ...
චීනුට නැගිට ගන්නවත් පනක් නැති නිසා ටේ ටිකක් බය උනා...
ටේ ඒ නිසා අද practice ඔක්කොම cancel කරලා ගෙදර ඉන්න තීරනය කලා...

ටේ සෝෆා එකේ ඉදගෙන ඉද්දි කෙල්ල උන්නෙ ටේගෙ ඔඩොක්කුවට ඔලුව තියාන ඇල වෙලා.....
ටේ කෙල්ලගෙ ඔලුව අත ගගා film එකක් බලනවා...
කෙල්ලටනම් නින්ද ගිහිල්ලා...
අජුම්ම ඇවිල්ලා බීම දෙකක් තියල ඒක බොන්න ඇගට හොදයි කියල අතින් සංඤා කලා.... කට කොනකින් හිනා වෙලා...

Tae " ඊයා අජුම්මා ඔයත් හරි හොද නෑ අනේ... ඔයා අහගෙන උන්නද... "😒

Ajumma " නෑ මට ඇහුනා... " කියල සංඤා කලා.. 😄

මේ අජුම්මා කුකී කෙල්ලත් එක්ක මෙහෙට එව්වෙ... කුකීව මේ අජුම්ම තමා ආච්චි නැති උනාට පස්සෙ බලාගෙන තියෙන්නෙ... එයාට කතා කරන්න බෑ...
මොනා උනත් ටේ එයාටත් හොදට සැලකුවා...
අජුම්ම හිනා වෙලා යන්න ගියා...

Tae " මැනික... නැගිටින්න මේක බීල ඉන්න... "
ටේගේ උනුසුම් හාදුවට කෙල්ල ඇහැරුනා...

" කෝ මේක බොන්න ඇගට පන එන්න... "

කෙල්ලව නැගිට්ටෝලා බීම එක අතට දුන්නා...
කෙල්ල ඒක බීගන බීගන ගියා...

" මැනික ඇයි ඇග රස්නෙ... ඔයාට උන වගේ... අනේ මම නිසා තමයි... "

Chinu " මොනාද අනේ කියන්නෙ.. මට උන නෑ... නිකං මහන්සියට මේ... "

Tae " hospital යන්න ඕන නැද්ද... "

Chinu .. " ම්හ්හ් නෑ... නෑ... පිස්සා.. "

කෙල්ල ටේගෙ උරහිසට හේත්තු උනා...
ටේත් ආයෙම කෙල්ලව තුරුලු කර ගත්තා...

Broom... Broom... Broom....
ටේ සාක්කුවෙ ring උන phone එක අතට ගත්තා....
" ජිනී..."
කෙල්ලගෙ මූන අදුරු වෙලා යනව දැක්ක ටේ ඒක cut කරල ටේබල් එක උඩට දානවා...
කෙල්ලගෙ මූනෙ කපටි හිනාවක් ඇදුනෙ හුරතලේට...
" අම්මෝ... මෙයාගෙ ඉරිසියාව බලන්නකො... පිස්සු කෙල්ල... "
හිහී හිහී...හී... 😄

Broom Broom Broom...
Chinu " ඒක ගන්න cut කරන්න එපා... හදිස්සියක්ද දන්නෙ නෑනෙ.... මොනා උනත් එයා මේ අපි marry කරපු මාස හයේදි ගන්න එකම call එකනෙ.... "

( චීනු මේ කරගත්තෙ කොච්චර මෝඩ වැඩක්ද කියල කතාවෙ ඉස්සරහට තේරෙයි.... අද මේ call එක answer නොකලනම් ටේත් චීනුත් සතුටින් ඉන්න තිබ්බා.... 💔)

𝑹𝑬𝑽𝑬𝑵𝑮𝑬 𝑩𝒀 𝑽𝑬𝑵𝑮𝑬𝑵𝑪𝑬 😏𝑻𝑨𝑬Where stories live. Discover now