02- හිතට වහල් වීම🦋

1.2K 223 25
                                    

My Unconditional LoVe

.
.
.
.
.
""කෙයාන් ප්ලීස්...ඔයා ඔහොම ඇඬුවම මට අවුල් කෙයාන්...
මම බැඳපු මිනිහෙක් තමයි.. ""

මම ඉක්මනින් මගේ කඳුළු ඇස් දෙකේම දිය කරගන්න උත්සහා කලා..
පස්සේ මම අමාරුවෙන් සර්ගෙන් මිදිලා ආයෙම කුස්සි කෑල්ලට ගියා...

මම තේරුනා එයා මගේ පිටිපස්සේ ඉන්නවා කියලා. මගේ පපුවේ ලොකු ගලක් බැදගෙන ඉන්න තරමට පපුවට බරක් දැනුනා...

"සර් විතරක් නෙවෙයි සර් මමත් බැඳලනෙ.. ඉතින් සර් ඕක මට කියන්නේ මොකටද.. ? මට අවුල් ගියේ මගේ පෞද්ගලික ප්‍රශ්නයකට..""

මම ආස උනේ නෑ මගේ සැනසීම නැති කරගන්න. මට එයාව මගේ නොවුනත් මට ඕනි උනේ එයාව දවසගානේ දැකලා පිරෙන මගේ හිත පරිස්සම් කරගන්න...
ඒ නිසා මම එතනින් එහාට සාමාන්‍ය වෙන්න උත්සහා කරා...

" කෙයාන්... ?

" කෙයාන්...?

එයා මට කතා කරනවා. මට ඒ මූන බලන්න තරම් හයියක් තිබ්බේ නෑ...
හිත් කොනේ එයා මගේ උනානම් කියන බලාපොරොත්තුව සුන් වෙලා ගිය නිසා මගේ හිත මට එකවර හදාගන්න බෑ කියලා මම දන්නවා...
හෂානි වෙනුවෙන් ගැහුණු මේ හදවත අරුන් සර් ලග නැවතිලා ගිහින්....
මටම මගේ හැඟීම් තේරුම් ගන්න බෑ...

"මම චපල ද? මම ලෙඩෙක් ද..? මම සමලිංගිකයෙක් ද.? " මම මගේ හිතෙන් කෑ ගහලා ඇහුවා..."

" කෙයාන්.. එයාව මගේ අම්මා මට ප්‍රපෝසල් එකකින් මැරි කෙරෙව්වේ...

ඒ කියන්නේ එයා මට කතාවක් කියන්න හදන්නේ... මම තේ දෙකම හදලා එයාට එකක් දික් කලා..
නටපු උණුවතුර වැටුනත් වතුරට අල්ලගෙන හිටපු නිසා දැන් ඒක ගානක් උනේ නෑ.. ඊට වඩා මගේ හිත පෑරිලා තිබුනා....
එයා ඒක අතට අරන් මගේ දිහා බලාගෙන ආයේ කතාව පටන් ගත්තා..

" මගේ අප්පච්චි නැති වුනේ මම 4 වසරෙදි කෙයාන්.. ඉතින් මට අම්මයි අයියයි මල්ලී අක්කයි ඉතුරු උනේ.. එයාලා තමා මගේ බර පැන දරලා මාව රැකගත්තේ..
තාත්තා ග්‍රාමනිලධාරී කෙනෙක් උන නිසා අපිට පොඩි පැන්ෂන් එකක් හම්බුනා..
අපේ පවුලේ සහෝදරයින්ගේ වයස් පරතරය වැඩි නිසා
එයාලා මට මහන්සි වෙලා ඉගැන්නුවා..
මම ශිෂ්‍යත්වයත් පාස් වෙලා ආනන්දෙට ගියා..
හොදට ඉගෙන ගත්තා මිසක් ආදරේ කරන්න මට ඕනි උනේ නෑ.. මොකද ඊට වඩා පවුලේ අසරණකම මගේ හිතේ තිබුණා...
ඉතින් මම ඒලෙවල් මහන්සි වෙලා කරලා ලෝ ෆැකල්ටි ගියා..
ඒ ගිහිනුත් මම කරේ ඉගෙන ගත්ත එක විතරයි කෙයාන්..
මගේ ජීවිතේ මම ආදරේ වින්දේ මගේ පවුලේ අයගෙන් විතරයි..
එහෙන් මෙහෙන් ෆැකල්ටි එකේ කෙල්ලො මට කැමති උනත් මම හිනාවෙලා ඒවා මගෑරියා...
ඉතින් සේරම ඉවර වෙලා මට පත් වීමකුත් ලැබුනට පස්සේ මට 28 දී මම ෂෙරින්ව අම්මගේ යෝජනාවකට අනුව මැරි කලා..
මොකද එයා ටීච කෙනෙක් නිසා මට එයාගේ වරදක් පෙනුනේ නෑ..
දැනටත් මට පපුව පිරෙන්න ආදරේ නොලැබුණත්, මගේ හිත ඔයාගේ ලග තරම් එයාගේ ලග ගැහුනේ නැති උනත් ෂෙරින්ගේ වරදක් නෑ කෙයාන්..
එයා යුතුකම් දන්න ගෑනියෙක්.. එච්චරයි ...
මගේ හිතේ එයාට තියෙන්නේ ආදරේකට වඩා ගෞරවයක්.. මොකද මට අඩුපාඩුවක් කරන්නේ නෑ..
ඒත් අපි දුරයි.. හදවතින් තාමත්...

🔞My Unconditional Love[NoN-FF]✔️🔚Where stories live. Discover now