10- අනුරාගී හෝරාව 🦋

1.5K 190 29
                                    

My Unconditional LoVe 🦋
.
.
.
.
.
.
.
එදා තරම් මම සතුටු උන දවසක් නැති තරම්...
කාලය ගත වුනත් මම එයා එක්ක කිස් එකකින් එහාට ගියේ නෑ.. මොකද මගේ පොඩි එකා ඉන්නේ වයසට පොඩ්ඩක්වත්  දරාගන්න  බැරි තරම් ප්‍රශ්න ගොඩක...
ඒ නිසා මම කවදාවත් කඩිමුඩියේ දේවල් මගේ මැණිකගෙන් බලාපොරොත්තු උනේ නෑ..
අනික එහෙම කලබල වෙන්න මම වයස දහ අටේ කොල්ලෙක් නෙවෙයි.
අනික අසහනකාරයෙකුත් නෙවෙයි කියලා මගේ හිත මට කිව්වා..

ඒත් මට හැඟීම් නැත්තේ නෑ.. එයා නිසා ශක්තිමත් වෙන මගේ රහසඟ මම හොරෙන් ම මගේ අතේ පහස ලබා දීලා නිදහස් කරගත්ත වාර අනන්තයි...
ඒත් මට දුකක් නෑ... මම එයාට ආදරේ අවංකවමයි..
සමහර විට මට ෂෙරින් ගැන හැඟීමක් නැති උනෙත් මම කොල්ලන්ට කැමති නිසාද.. ඇරත් වෙන කොල්ලන්ට මට කලින් මෙහෙම හිත ගිහින් තිබුණේ නැනේ..
ඒත් ඕලෙවල් කාලේ ඒලෙවල්වලට මාරු වෙලා ගිය නිසා  මගේ හොදම යාලුවා නෙතුම් නිසා නම් මම අඩලා තියනවා..
ඒත් ඒක මීට වඩා වෙනස් හැඟීමක්...

කාලයත් ගෙවිලා ගියා..
මට ඕනි උනේ කෙයාන් එයාගේ වදක භාර්‍යාවගෙන් නිදහස් වෙනවා දකින්න..
මම එයාව ඒකට පෙලඹුවේ නෑ කිව්වොත් ඒක බොරුවක්..
කෙයාන් ඩිවෝස් වෙන්න 50%ක් මගෙත් දායකත්වයක් තිබුණා..
ඒ වචනවලින්. මම නොකියා එයාට හෂානිගෙන් අයින් වෙන්න කිව්වා..
ඒත් ඒත් මම එයාට වරදක් කරන්නේ නෑනේ .
මගේ බබාට කොහොමත් ඒ ගෑනී ආදරේ නෑ. ෂෙරින් ඒකි තරම් නපුරු නොවුනත් දෙකම වෙනස් විදියේ වදක බාරියෝ කියලා මම තේරුම් අරන් හිටියේ..
එතින් කෙයාන් මම ලගට ආව දා ඉදලා මගේ හිතේ තිබ්බා එයා එක්ක කවදාහරි එක වහලක් යටට යන්න..
කෙයාන් ඇවිත් අවුරුද්දක් ගෙවිලා ගියාම අපිට ක්ලයන්ට්ලාත් ටිකක් වැඩි උනා. අතමිට මගේ සරු උනා..
මගේ බබාගෙත් පඩිය මම වැඩි කලා..
ඉතින් එකතු කරලා මම ඉංගිරියේ ලස්සන පැත්තකින් ඉඩම් කෑල්ලක් අරන් දැම්මා...

ඒවා මුකුත් ම මගේ බබාට දැනගන්න මම තිබ්බේ නෑ..
එයාගේ ප්‍රශ්නවලින් නිදහස් වෙන්න එතකන් මම එයාට උපරිම උදව් කරා..
සල්ලි වගයකුත් දුන්නේ මගේ කොල්ලා අරකි නිසා ඔලුව නරක් කරන් ඉන්නවා දකින්න බැරි නිසා...

🔞My Unconditional Love[NoN-FF]✔️🔚Where stories live. Discover now