05- සැනසෙමි මං නුඹෙන්🦋

1K 199 48
                                    

My Unconditional LoVe...🦋
.
.
.
.
.
.
.
තරු දිහා බලාගෙන ඉන්නකොට මට මගේ ගිටාර් එක මතක් උනා..
ඒකට මම මාස ගානක් සමු දීලා තිබුණේ..
වෙන පිරිමි වේදනාවට අරක්කු බීලා සැනසෙනකොට මගේ සැනසීම තිබුණේ මගේ ගිටාර් එක ලඟ.
ඒකත් වහලා දැම්මේ හෂානි කරච්චලක් වදයක් කියන නිසයි..
ඒත් මම අද සේරම දේවල් දමලා ගහලා ගිහින් මගේ ගිටාර් එක හොයලා ගත්තා...

" මේ ඉන්නේ මගේ පැටියා..." කවර් එකෙන් එලියට අරගෙන මම එයාව ආදරෙන් අතගාලා කිස් එකක් දුන්නා.. I miss y මැණික...

මම ඒකත් අරන් ආපහු එලියේ බංකුවෙන් වාඩි උනා...
රෑ 11 නෙවෙයි 12-1උනත් මට අද මගේ ලෝකේ තනිවෙන්න ඕනි..
මම මගේ 4න් එකත් ගත්තා..

හිමීට මගේ ගිටාර් එක ටියුන් කරගන්න ගමන් වොයිස් රෙකෝඩින් ඔන් කරා..
පස්සේ මම මගේ ඇස් පියාගෙන එයාව මතක් කරගත්තා..
හරියට භාවනාවක් වගෙයි...

" ඒ දිලිසෙන කළු ඇස්..
හිනාවෙනකොට තවත් පුංචි වෙලා ලස්සනයි ..
ඒ හිනාව හරිම අව්‍යාජයි...
මාව තේරුම් ගැනීම පුදුමාකාරයි...
පරණ සිංදුවක් මගේ හිතට ආවා..
එයත් ඒකේ තේරුමට ගැලපෙනවා.
සිංදුවේ කෙල්ලෙක් ගැන කිව්වත් මම එයාව ඒ අලුත් හැඟීමෙන් ම වින්දා. සමහර වචන නොගැලපුනත් එකතු කලේ මේ වෙලාවේ ඒ හැඟීම විදින්නේ මම විතරක් නිසා.

නටුවෙන් ගිලිහුණු පින්න මලක්...
සුළඟට පාව ඇවිත්.....
මගේ හඳ මඩලේ නතර වෙලා..
සෙනහස් සුව විඳිමින්....

නටු අග පිපිණට ලස්සන වනමල්
කවුරුත් නෑ එහි රුව දුටුවේ ..
පින්න කැකුලේ නුඹෙ සුවදින් මගේ
ජීවිත යහනම සුවඳ වුනේ...

ලස්සන පින්න මලේ ...
නුඹ සුවඳයි සෑම කලේ..
මගේ හද ගත්ත කලේ ....
නුඹ මගේමයි සෑම දිනේ...

බැද්දේ පිපිණු මල් ඉඹේ පරනොවී
ගත්ත නිසා මගේ හදේ ලැගුම්...
පින්න කැකුලේ මගේ නුඹ සුරකින්නම්
තියෙන තුරා මගේ හදේ සුසුම්...

ලස්සන පින්න මලේ නුඹ සුවඳයි සෑම කලේ
මගේ හද ගත්ත ප්‍රියේ.......
නුඹ සුවඳයි.........
නුඹ මගෙමයි....

🔞My Unconditional Love[NoN-FF]✔️🔚Where stories live. Discover now