04- හදවතේ ආයාචනාව🦋

1.7K 243 30
                                    

MY Unconditional LoVe...🦋
.
.
.
.
.
.
.
" සර් මගේ අත අතාරින්නකෝ මට නම් අවුලක් නෑ. සර්ට ලැජ්ජයිනේ... "

" හපෝ ඔව් ඔයාට ලැජ්ජ ඇති මම තාත්තා වගේ ඇතිනේ.."

" අනේ මේ..... 😠😡
අතාරින්නකෝ විකාර කියෝනවානම්.. ඕන්නෑ...

මම අත ගසලා දැම්මේ ඇත්තටම එයා එයාටම වයසයි වයසයි ගාන නිසාමයි... කොච්චර මං අකමැතී කියලා දැන දැනත් ඒකම කියනවා.

මම හිමීට කෙලවරේම තිබුණු පුටුවක් ඇදලා එයාට රවාගෙනම වාඩි වුනා..
ඒත් එක්කම එයාගේ පෝන් එක රින්ග් උනා...
එයා ඒක සාක්කුවෙන් එලියට ගත්තේ ටිකක් චකිතයකින් වගේ...

" හෙලෝ...
අයියෝ බන් මම එන්නම් හිමීට වෙන දවසක.
මේ මම වෙන ගමනක් ආවා බන්..
අපේ එක්කෙනා ඇහුවොත් උඹලා එක්ක ඉන්නවා කියපන් හොදේ...
හපෝ හරි හරි... තේරුණා...

එහෙම කියපන් ඇහුවොත්.. "

හරි බායි...

කියපු ටික ලොකුවට තේරුනේ නැති උනත් මට දැනුනා ඒ යාලුවෙක් කියලා..

මගේ මූන අවුල් ගියේ ඇයි කියලා මට හිතාගන්න බැරි උනා දුක හිතුනා එයා වටේටම අපහසුවෙන් බොරු කියන විදිය දැක්ක නිසා..
මම නිසා එයාටත් මම පව් පුරවනවා...

එයා පොන් එක කට් කරලා සාක්කුවේ දාගෙන මං දිහා බැලුවා. මම මගේ පෝන් එක බොරුවට අරගෙන fb එක පැත්තේ ගියේ මගේ ඇස්වලින් එන කඳුළු මගෑරගන්න...ඒත් මම මගේ ඇස් ඉස්සුවේ මගේ ඔලුවට දැනුනු එයාගේ අතේ උණුසුම නිසා.

" කෙයාන් බබා... අවුල් ගියා නේද...???
සොරි කෙයාන්.. මට වෙන කරන්න දෙයක් නෑ.. ඔයා හිතන්න එපා මම බොරු කියන එකට ඔයා පලි කියලා...
මමයි ඔයාට ආදරේ කරන්න තීරණය කලේ...
ඒ නිසා ඒක ඔයාගේ පිට දාගන්නවට මම ආස නෑ...
අනික වැරැද්ද කරන්නේ අපි දෙන්නම නම් අපි දෙන්නා ඒකේ පව හරි මොකක් හරි බෙදාගමු.
ඒත් මම හිතන්නේ නෑ අපි දෙන්නගේ ආදරේ නිසා කාටවත් නරකක් වෙයි කියලා.

එයා හිමීට මේස යට තිබ්බ මගේ එක අතක එයාගේ ඇඟිලි පටලවා ගත්තා...

🔞My Unconditional Love[NoN-FF]✔️🔚Where stories live. Discover now