16-නව තනුව 🦋

856 166 78
                                    

My Unconditional LoVe 🦋
.
.
.
.
.
.
.
"කෙයාන් මල්ලී ඔයා කැමති සිංදුවක් කියමු නේද...???

පවන් අයියා මගෙන් ඇහුව ගමන් මට බැලුනේ සංකු දිහා
එයා මට ඇස්වලින් ඒක කරන්න කියනවා වගේ ඉඟි කලා...

මම එයාගේ දිහා තප්පර කීපයක් බලාගෙන කල්පනා කරාම මගෙ මතකෙට ආවේ TM. ජයරත්න මහත්මයාගේ වළා තීරයෙන් එහා සිංදුව..

" අයියේ.. TM සර්ගේ වළා තිරයෙන් එහා...!
මම පවන් අයියට කිව්වම එයා ලාවට හිනාවෙලා එයාගේ බෝයිට ඉඟි කලා..
අපි වගේම තමා වැඩිපුර ඉතින් ඉඟි බිඟි භාෂාව කතා ජරන්න තෝරගෙන තිබුණේ...
ඉතින් මම වැඩිය ඇගට ගන්නේ නැතුව ඇස් පියාගෙන ඒ පදවැල් මිමිනුවා...

සිංදුව කියලා ඉවර වෙලා මම ඇස් ඇරියම සේරම මංදිහා වශී වෙලා බලාගෙන හිටියත් අරුන් සර් මට කට උල් කරලා කිස් එකක් පා කරලා එව්වා..
මගේ බඩේ සමනල්ලු දුවනවා මට තේරුනා. එයා සේරම ඉස්සරහා ගානක් නැතුව මට ආදරේ දෙන එකට මට උඩ පැන පැන සතුටු වෙන්න ඕනිකම තිබුණා...

ඇත්තටම ජීවිතේට ආදරේ ආවම දකින හැමදේකමත් සුන්දරත්වයමයි අපි දකින්නේ...
ආදරේ හරියටම මායාවක් වගේ..
ඒත් ඒ මායාව අපේ ජීවිත යහපතට මෙන්ම අයහපතටත් බලපාන්න පුළුවන් ..
මම ප්‍රාර්ථනා කරන්නේ එයාගේ ආදර මායාවෙන් අපිට යහපතක් ම වෙන්න කියලයි....

මගේ දැහැන බිදුනේ ආයෙම පවන් අයියගේ හඩින්...

"මල්ලී හින්දි එකක් යමුද...???"

"අහ්...ඕකේ අයියා..."

මම තෝරගත්තේ Ganster hindhi movie එකෙව් song එකක්.. ඒ ෆිල්ම් එක මාරම ලස්සන ඒ කාලේ මගේ හිත පැලෙන්න වැදුණු ෆිල්ම් එකක්...
අපි සමහර මිනිස්සු කරන ජොබ් එකෙන් මනිනවා.. ඒත් මැරයෙක්ගේ ඇතුලේ උනත් ඉන්න පුළුවන් ආදරේ පිරුණු මනුස්සයෙක්.. තමන්ගේ ආදරේ වෙනුවෙන් මරන්න වගේම මැරෙන්නත් පුළුවන් මනුස්සයෙක්....

🔞My Unconditional Love[NoN-FF]✔️🔚Where stories live. Discover now