Disney 1

992 115 32
                                    

හීන.....ගොඩක් අය කියන්නේ හීන කියන්නෙම හීන විතරක්ලු..මම...මගේ හීනෙට ගියා....මේ මගේ කතාව...








༻༻༻༻༻༺༺༺༺༺༺





"ප්‍රින්සස්...කෝ මගෙ ප්‍රින්සස්..."

තාත්තා වෙනදා වගේම ගෙට ඇතුල් උනේ මගේ නම කියාගෙන....

"තාත්තේ...."

මම තාත්තව බදා ගත්තේ කියාගන්න බැරි සතුටකින්....මට කුඩම්මා ආදරෙන් සලකන්නේ තාත්තා ඉද්දි විතරයි....මාව හම්බෙද්දිමයි මගේ අම්මා නැති වෙලා තියෙන්නේ...තාත්තා තනියෙන් මාව හදා ගන්න ගියත් ආච්චිගේ බලකිරිමට එයා කසාදයක් කර ගත්ත...කුඩම්මා මට අවුරුදු දහයෙ ඉදන් ගොඩක් වෙනස්කම් කරා....එයාටත් දුවෙක් ඉන්නවා...තාත්තා ගෙදර නැති වෙලාවට මාත් නිකම් සින්ඩරැල්ලා වගේ...ඒත් අපේ ගෙදර හිටිය සර්වන්ට් ...මීනා ආන්ටි නිසා මට වැඩිය කරදර උනේ නැ...

මගේ තාත්තා ගොඩක් පෝසත් එයාගෙ නම ජෝන්..මගේ අම්මා ලීසා මම එයාගේ පොටෝ එකක් දැකලා තියනවා එයා නිකම් ස්ලීපින් බියිටි වගේ ඒ වගේමයි...කොන්ඩෙ රත්තරන් පාටයි...අග්ගිස්ස ක්‍රේල්....මගේ තාත්තත් නිකම් පිලිප් කුමාරයා වගේ හැන්සම්...තාත්ත කියන්නේ එයාට බැරි උනාලු මායාකාරි අම්මාව නිදි කරවන්න කලින් බේර ගන්න....ඒත් අම්මාව සදහටම නිදි කරවපු මායාකාරි මම කියලා මම දන්නව...

මගේ කුඩම්මාගෙ නම එලීනා...එයත් ලස්සනයි...ඒත් මගේ අම්මා තරම් නෑ....කුඩම්මාව මට පෙනුනෙ ගොතෙල් වගේ...(රපුන්සල්ව බලාගත්ත කෙනා) ඒ වගේම කලු ක්‍රේල් කොන්ඩෙ කපටි හිනාව...ඒත් මම කවදාවත් එයාට නරකක් හිතන්නෙ නෑ....මොන දේ කලත් එයා මාව බලාගන්නවානේ..

ටිශා තමා මගෙ නංගි..කුඩම්මාගේ දුව..එයා මට වඩා අවුරුදු දෙකක් බාලයි....ටිශාට තිබ්බෙත් එයාගේ අම්මාගෙ පෙනුම...එයාත් මට වැඩිය ආස නෑ...ඒත් මම එයාට ගොඩක් ආසයි...මොන දේ උනත් එයා මගෙ නංගි...

අන්තිමට මම..ආන්‍යා ඩිස්නි...මම වෝල්ට් ඩිස්නිගෙ කවුරුත් නෙමේ...මගේ අම්මා ගොඩක් කාටුන් වලට ආසයිලු...ඒකයි එයාමට ඒ නම දාල තියෙන්නේ...මාත් ආසයි..මගේ හීනේ තමා වෝල්ට් ඩිස්නි වගේ කාටුන් හදලා පොඩි අය සතුටු කරන එක...තාත්තා මගේ හීනෙට ගොඩක් උදවු කරනවා...මට වයස දා හතයි.

"ආ...මේ ඉන්නේ...අද මොනාද කරෙ.."

"අද...මම චරිතාපදාන වගයක් කියෙව්වා.."

"ඉස්කෝලේ හෝම්වර්ක්..."

"ඒවා සම්පූර්නයි උතුමානනී..."

මම දෙකට තුනට නැමිලා කිව්වම තාත්තා හිනා වෙලා මගේ කරට අත දා ගත්තා...

"තාත්තේ.."

එතකොටම ටිශා පඩිපෙල බැහැන් ආවේ කුඩම්මා එක්ක...

"ආ...මේ ඉන්නේ මගෙ චූටි කෙල්ලත්...අද මොනාද කලේ...ම්ම්.."

ටිශා බිම බලාගෙන මගේ පැත්තට අමුතු හිනාවක් දාලා ඇගිලි වලින් ටයිල් එක පහුරු ගාන්න ගත්තා...මගේ හදවත බයෙන් ගැහෙන්න ගත්තේ ටිශාගේ මේ හැසිරීම මට කරදරයක් වෙන්න කලින් හැමදාම සිද්ද වෙන නිසයි...



















ආන්‍යාට මොනා වෙයිද..

මම ඔයාලාගෙන් එක කොටසකින් එක ප්‍රශ්නෙ ගානේ අහනවා...

අද ප්‍රශ්නය...

Anya කියන කාටුන් චරිතය ඉන්න කාටුන් එක මොකක්ද???

Disney ✔️✔️Tempat cerita menjadi hidup. Temukan sekarang