Disney 13 Disneyland

367 78 4
                                    

මම අම්මා නැති වෙන්න කලින් මට අදුන්න කියලා ඩිස්නි කාටුන් වලින් ඩිසයින් කරපු ගවුම දා ගත්තා...සුදුම සුදු පාට ගවුමේ හැම ඩිස්නි චරිතයක්ම හිටියා...

මම නැවතිලා හිටිය තැන ඉදන් ඩිස්නිලන්තෙට ලොකු දුරක් තිබ්බෙ නෑ...ඒ අවට හැම ගෙයක්ම පෙනුනේ පුන්චි මාලිගා වගේ....කඩවල් වල පවා විකුනන්න තිබ්බේ කාටුන් චරිත වල බෝනික්කෝ...සමහරුන්ට වෝල්ට් ඩිස්නි කියන්නේ මිත්‍යා වලින් ලමයින්ගෙ ඔලු පුරෝපු කෙනෙක්...ඒත් වොල්ට් ඩිස්නි කියන්නේ ලමයින්ට ලමා කාලය ලමයෙක් වගේ ගෙවන්න උගන්නපු කෙනෙක්...හීන වලට යන පාර ලමයින්ට පෙන්නපු කෙනෙක්...

ඩිස්නි ලන්තේ ගේට්ටුව ගාවට ආවම මගේ හදවත ගැහෙන්න ගත්තා...හයියෙන්...අහල පහල මිනිස්සුන්ටත් ඇහෙයි කියලා හිතුන නිසා මම අත් දෙකෙන්ම පපුව අල්ල ගත්තා...මගේ කකුල් දෙක පොලවට ඇලිලා මුල් ඇදලා වගේ....අඩියක්වත් හෙල්ලෙන්න බෑ....අඩන්නද හිනාවෙන්නද හිතා ගන්න බෑ...මාව නිකම් පුපුරලා යන්න වගේ....ඒ සතුට...මාව වෙව්ලනවා....මේ ගේට්ටුව ඇතුලෙ මොනා තියෙයිද....මම තොලක් හපන් කදුලි මැඩගෙන හිමීට ඉස්සරහට ගියා....
(එයා ටිකට් ගත්තලු හොදේ)

ඩිස්නිලන්තෙ ගේට්ටුවේ ලස්සනට Disney සලකුන ගහලා තිබ්බා...මම ගොඩක් ආසයි ඒකේ D අකුර තිබ්බ විදිහට....
සෙබලු වගේ ඇදන් හිටිය සිකුර්ටිල දෙන්නෙක් ගේට්ටුව අරිද්දි මට හිතුනා සතුටට මගේ හදවත පැලිලා මාව මැරෙයි කියලා....

හිමින් හිමින් මම ගේට්ටුව ලගට ගියා...ඩිස්නිලන්තය ....මාලිගා ගොඩාක් තියන රාජදානියක්....මේක හදන්න කොයි තරම් මහන්සි වෙන්න ඇද්ද....

කියන්න සතුටුයි...මෙතෙන්ට තනියම ආපු එකම කෙනා මම...

මම හිමින් ඉස්සරහට ගියා...මුලින්ම ආවේ මිකී මවුසුයි එයාගේ යාලුවෝයි...ඩිස්නිගේ සාර්තකත්වයේ පලමු පියවර...එයාල සමරු සටහන් දුන්නා...පොටෝ ගත්තා...මේක නම් හීනයක්...
බියුටි ඇන්ඩ්ද බීස්ට් එකේ කෝප්ප ආසන විදිහට හයි කරපු කැරකෙන සීසො එකකුත් තිබ්බා...ඒකේ එක වටයක් ගිහින් මම නැවතුනේ කැරකිල්ලට ආපු නිසයි...තව කොයි තරම් දේවල් කරන්න තියනවද...

තව ටිකක් ඇතුලට යද්දි ඩිස්නි කුමාරිකාවෝ ටික ආවා...එයාලා ඇත්ත අය වගේමයි...

"කොහොමද ඔයාව සාදරෙන් පිලිගන්නවා ඩිස්නි ලන්තයට.."

ස්නෝ වයිට් එයාගේ ගවුමේ දෙකෙලවරින් අල්ලන් මට ආචාර කරා...මාත් එයාට ආචාර කරා...

"මේක...මේක මගේ හීනයක්..."

"ඔයා ඔයාගේ හීනෙට ගියාද..."

"තව ටිකක් තියනවා..."

"අනිවාරෙන් ඔයා දිනනවා..."හිරු අදුරේ සැගවුනාම දුක් වෙන්න එපා...මොකද දවසක ඔයාට පුලුවන්...ඉර වෙලා ලෝකේම එලිය කරන්න..."

ස්නෝ වයිට් එහෙම කියලා අනිත් අය ඉන්න තැනට ගියා....ඔව්..දවසක මම ඉර වෙලා ලෝකෙම එලිය කරනවා...

මට කවුරු හරි මගේ පස්සෙන් එනවා වගේ දැනුනත් මම ඒක ගනන් නොගෙන ගියා...මේක ඇත්තටම හීන ලෝකයක්...





😭 මට ක්ලාස්..
ඉතුරු ටික ටයිප් කලම්න වෙන්නෙ නෑ

😭😭😭 සොලීඊඊ

Disney ✔️✔️Where stories live. Discover now