Disney 6

398 81 9
                                    

Next day ..

වෙනදා වගේමයි...ටිශා කාර් එකේ යද්දි මම පයින් යනවා...ඒත් මම ආසයි පයින් යන්න...පාර දෙපැත්තේ වෙන දේවල් බලන්නත් මම ගොඩක් ආසයි...ඔය ඔක්කොම කරලා බෙල් කරන්න කලින් කොලේජ් එකට රිංග ගන්නත් මට පුලුවන්...

වෙනදා වගේම ජනේලේ කොනේ තිබ්බ මගේ මේසෙන් මම ඉදගත්තා...එතෙන්ට ලස්සනට අහස පේනවා...පන්තියෙ වෙන හිත රිදෙන ඒවා ඔක්කොම අමතකයි අහස දැක්කම (😑💔 ජනේලේ ගාව ඩෙස් එකක් අහු වෙලා තමා සිස්සත්වෙට කෙල වුනේ )
හැමදාම වගේ මට එහා පැත්තෙ කවුරුත් නෑ...මා ගාව ඉන්න කවුරුත් ආස නෑ...මම වැඩිය කතා බහ කරන්නෙ නෑනේ...මම ආසයි කතා බහ කරලා ඉන්න...තාත්තා ඉන්න කාලේ මම ගොඩක් කටකාරයි....මට හරියන යාලුවෝ ඉන්නේ මගේ හීන වල විතරක්ද කොහෙද...

"ගුඩ් මෝනිම් ලමයි...අද ඔයාලාගේ ක්ලාස් එකට අලුත් ගර්ල් කෙනෙක් එනවා..."

මිස්ගේ කටහඩට මම ඔලුව උස්සලා පන්තිය දිහා බැලුවා...මිස්ට එහා පැත්තේ හිටියේ අලුත් ගෑනු ලමයෙක්...මට නම් වැඩක් නෑ...මම ආය ඔලුව පහලට නමා ගත්තේ මිස් කියන ඒවාට කන් යොමාගෙන ඉන්න ගමන්..

"හායි..මම ක්ලෙයා...වයස විසි දෙකයි.."

"ක්ලෙයා...ඔයා ගිහින් ඉදගන්න.."

මිස් ආය බෝඩ් එක පැත්තට හැරිලා මොනාද මන්දා ලිව්වා..

"හේයි...මම මෙතනින් ඉද ගන්නද.."

මොකක්..එයා ඒ මට ඇහුන එකමද කිව්වේ....මා ගාව...මම ඔලුව වැනුවේ හා කියලා...එයා ලස්සන හිනාවක් දාලා මා ගාවින් වාඩි උනා....වෙනදා වගේම බෙල් කලේ මම අකමැතිම විවේක කාලයට වෙලාවයි කියමින්...
පන්තියෙ ලමයි හැමෝම පන්තියෙන් එලියට යද්දි මම ඇතුලෙ...මට කන්න නෑ...මේ වෙලාවට කන්න මට කෑමක් දෙන එක බොරුවට සල්ලි නාස්ති කිරීමක්ලු....කුඩම්මා ඒ නිසා මට දවල්ට කන්න දුන්නත් කොලේජ් එකේදි කන්න මුකුත් දෙන්නෙ නෑ...මට බඩගිනිත් නෑ...දුකකුත් නෑ....ටිශා සල්ලි මිටි ගනන් කැන්ටිමට පූජා කරද්දි මම බඩගින්නේ...ඒත් මම හොදින්...මට කිසි දුකක්..තරහක් නෑ...

"ඔයා කන්න යන්නෙ නැද්ද..."

ක්ලෙයා මගේ මූනට එබුනා..මම ඔලුව හෙලෙව්වෙ නෑ කියන්න...එයත් කන්න යන්න නැගිට්ටා උනත් ආය ඉද ගත්තා..

Disney ✔️✔️Where stories live. Discover now