Disney 23

311 69 19
                                    

"දැන් කාර් එකට නගින්නවද මිස්..."

ජිම් දගකාර හිනාවක් මූනේ ඇදන් කිව්වා...මාත් එයා දික් කරපු අතින් අල්ලන් කාර් එකට නැග්ගා....මගේ හීනේට යන්න ඕන...ඒත් ඊට කලින් ඉගෙනීම සම්පූර්න කරගන්න ඕන...

අපි විබාගේ තියන තැනට ආවා...එතකොටම ඒ හරියේ තිබ්බ ශබ්ද විකාශන යන්ත්‍රෙ කැ ගහන්න ගත්තා...

📣📣 විභාග අපේක්ශකයන්ගේ දෙමව්පියන් විභාග අපේක්ශකයන් සමග කෙටි රැස්වීමකට ප්‍රදාන ශාලාවට පැමිනෙන්න...නැවතත් එම නිවේදනය විභාග අපේක්ශකයන්ගේ දෙමව්පියන් විභාග අපේක්ශකයන් සමග කෙටි රැස්වීමකට ප්‍රදාන ශාලාවට පැමිනෙන්න...

මම අසරන වෙන මොහොත....තාත්තා ඉන්න කාලේ එයා මගේ හැම රැස්වීමකටම ආවා...එයා ලොකු කම්පැනි එකක ලොක්කෙක් කියන එක අමතක කරලා අනිත් දෙමව්පියෝ අතරම ඉද ගත්තා...එයා කිව්වේ 'මගේ කම්පැනි එකේදි මම බොස් උනාට මෙතනදි මම ඉස්කෝලේ එන දරුවෙක්ගේ තාත්තෙක්' කියන එක....එයා නැති උනාට පස්සෙ රැස්වීම් වලින් මාව නියෝජනය කරන්න කිසි කෙනෙක් ආවේ නෑ...මුල් දවස් වල දුක හිතුනා....ඒත් පස්සේ ඒක ගානක් නැතුව ගියා...

"මොකද ගල් වෙලා...යන්නෙ නැද්ද..."

ජිම්ගේ කටහඩ මාව ආය පියවි ලෝකෙට එක්ක ආවා...

"ඒත් ජිම්....."

"මම ඔයාගේ අම්මාවත් තාත්තාවත් නොවෙන්න පුලුවන්.....ඒත් ඔයාගෙ යාලුවා මම...මම ඔයාට වඩා වැඩිමල් නිසා ඔයාගේ බාරකාරයා, අයියා මේ ඔක්කොම මම...ඒ හින්දා දැන් එන්න...අනික තමා ඔයා කවදාවත් තනි වෙලා කියලා හිතන්න එපා..."

මම මුකුත් කියන්න කලින් ජිම් මාවත් ඇදන් රැස්වීම තියන හෝල් එකට ගියා..

"සර්....මාස්ක් දාන් යන්න තහනම්..."

මේ අවස්තාවේ ඒක කියපු සිකුර්ටි අන්කල්ට ලොකූ උම්මා එකක් දෙන්න ඊටත් වඩා ලොකූ ආසාවක් මගේ හිතේ නලියනවා....මේකා මාස්ක් එක ගලවනකල් මම මාර නොඉවසිල්ලෙන් ඉන්නේ...මාස ගානක් එක වහලක් යට ඉදලත් මම මුගේ මූන දැකලා නෑනේ...ජිම් කන්නෙත් වෙනම...සිරාවටම රහස් පොලිසියෙද දන්නෙ නෑ...

"පොඩ්ඩක් ඉන්න..."

ජිම් එහෙම කියලා එයාගේ සාක්කුවෙන් අයිඩී එක අරන් සිකුර්ටිට පෙන්නුවා...මමවත් එයාගේ අයිඩී එක දැකලා නෑ....එකපාර සිකුර්ටියගේ ඇස් නලලට ගියා..

"සොරි සර්...ඇතුලට යන්න..."

සිකිර්ටි කිව්වෙ නලලේ තිබ්බ ඇස් දෙක එහෙම්ම තියාගෙන..

අද්‍යාපනය ගැන දිග දේශනයකට පස්සේ අපිව විභාග ශාලා වලට දැම්මා....ජිම් මට සුබ පතලා ගියා...ගියා කිව්වට එයා කිව්වා මම එනකල් කාර් පාර්ක් එකේ ඉන්නම් කියලා...

මගේ ආදරනීය ගුරුවරයාට පින් සිද්ද වෙන්න පේපර් එක කිරි කජු....කාලය යනවා දැනුනෙවත් නෑ...

පේපර් එක කලින් කරපු අයට යන්න කිව්වා (ලන්කාවේ විභාගයක් නොවන බව කරූනාවෙන් සලකන්න)

මම එලියට එද්දි ජිම් කාර් එකට හේත්තුවක් දාන් කෝල් එකක....මම එයාට බාදා නොකර එයාට එහා පැත්තෙන් හිට ගත්තා....

"ආ..ඔයා ආවද...."

ජිම් මාව දැකලා පුදුම උනා..

"ඔව්..."

"ලේසිද...."

"ඔව්...."

"මොකද අනේ ඔක්කොටම ඔව්...ගාන්නේ.... නගින්නකෝ කාර් එකට...ඔයාට පොඩි බඩ්ඩක් ඕඩර් කරා...සමහර විට දැන් ගෙදරට ඇවිත් ඇති...."

"මොනාද...."

"පන්ඩිත කෙල්ලේ කිව්වම අහන්න....ආ...තව හෙට ඔයාට ඉන්ටවිව් එකකට යන්නත් තියනවා....ගල් පිලිමෙ වගේ ඉන්නේ වාහනේට නගිනවාකෝඕඕඕඔ"

ජිම් මාව බලෙන් වගේ කාර් එකට දා ගත්තා...





😊🌸 අපිට ජීවිතේ ගත කරද්දි සමහර පුද්ගලයෝ හම්බෙනවා...අමතක කරන්න බැරි...

Disney ✔️✔️Where stories live. Discover now