Disney 19

306 74 11
                                    

"මාව අත අරිනවා...."

"මෙන්න මෙහෙ එනවා යන්න..."

මාස්ක්කාරයා මගේ අතින් ඇදලා කාර් එකේ ඉස්සරහ සීට් එකට දැම්මා...
මම එයාගේ කමිසෙ කොලර් එකෙන් අල්ල ගත්තේ මූට ගහලා හරි පැනලා යන්න හිතා ගෙන...පිරිමි කෙනෙක් එක්ක තනියම ඉන්න මොන කෙල්ලයද බය නැත්තේ...අනික මේ කොල්ලාටත් වැඩි වයසක් නෑ වගේ...

"මට යන්න දෙනවා...තමුසෙ ජෝර්ජ් අන්කල්ගෙ මිනිහෙක් නේද...හැම වෙලේම මගෙ පස්සෙන් එන්නෙ...ආ..."

ඒ කොල්ලා මගේ අත් දෙකම එයාගේ එක අතකින් අල්ලගෙන උඩට කරලා මගෙ මූනට ලන් උනා...මයෙ හාට්ටුවට සන්නිය හැදිලා...😂 කිස් එකක් දෙයි කියලා නම් හිතන්න බෑ මූ මාස්ක් එකක් දාලානේ...
එයා ඇස් පියාගෙන ලොකු හුස්මක් ගත්තා...ඒත් එක මොහොතකටවත් එයාගේ අත් වල ග්‍රහනය බුරුල් උනේ නෑ...

"අහන්න....මම ඔයාට කරදරයක් කරන්නෙ නෑ...මාත් එක්ක එන්න..ප්ලීස්.."

එයාගේ කටහඩ...ඒක ගොඩක් ලස්සනයි...එයා සන්සුන්ව කතා කලේ...ගොඩක් සන්සුන්ව....
ඒ එක්කම මගේ අතෙන් වේදනාවක් එන්න ගත්තේ අද උදේ එලවලු කපන්න ගිහින් උන තුවාලේ පෑරිලා...ඒ එක්කම මගේ කටින් කෙදිරිල්ලක් නිකුත් උනා..

"අහ් ...මට සමාවෙන්න...ඉන්න...මොකක්ද මේ අතට උනේ...."

එයා මගේ දකුනු අත අරන් එයාගේ කකුල උඩින් තියා ගත්තා...මම කාර් එකේ දොරට ඇලිලා හිටියේ....මට කොල්ලෙක් එක්ක ඉන්න හැටි වැඩිය පුරුදු නෑ....මොකද මට පිරිමි යාලුවෙක් ඉදලම නෑ...

"අපි මේකට බේත් ටිකක් දා ගමු...අනික ඔහොම කන්න වගේ මා දිහා බලන් ඉන්න එපා...මම දන්නවා මම ලස්සනයි කියලා...මම ඔයාව කන්නෙ නැති හින්දා බය නොවී කතා කරන්න .."

එයා කිව්වෙ කාර් එක ස්ටාර්ට් කරන ගමන්...ලස්සන...මාස්ක් එකකින් මූනෙන් බාගයක් වහන් ඉද්දි මොන ලස්සනක්ද...එක පාර මට හිනාවක් ගියේ මටත් නොදැනිමයි...

"ඔයාට හිනා වෙන්නත් පුලුවන්නේ...නම මොකක්ද...මම ජිම්..."

එයා කිව්වේ හිනාවෙලා...මම ඒක දැක්කේ එයාගේ ඇස් වලින්..

"ස්ටෙලා...."

"කාටද අනේ ඔයා බොරු කරන්නේ....ආන්‍යා...හෝව්...හෝව්...බය වෙන්න එපා...මම ඔයාව දන්නවා...කොහොමද කියලා අහන්නත් එපා....ඒවා පස්සෙ කියන්නම්....දැන් ඔයා ටිකක් විවේක ගන්න...මොකද මගෙ ගෙදර ටිකක් දුරයි..."

එයා කෝච්චියක් වගේ කියෝන ඔක්කොම අහන් ඉදලා මම කාර් එකේ ශටර් එකට ඔලුව තියා ගත්තා...

රෑ වෙලා නිසා නගරේ හැමතැනකම පාට පාට ලයිට් දාලා...ගොඩක් ලස්සනයි...කඩවල් වල මිනිස්සු පිරිලා...උස ගොඩනැගිලිවල තියන තිර වල (අර ටීවී වගේ තියෙන්නේ.) ලස්සන කොල්ලෙක් ඉන්නවා...එදා ටිශා කියපු නලුවා....එයා ඇත්තටම ලස්සනයි...කෙල්ලො වශී වෙන එක පුදුමයක් නෙමෙයිනේ....එයාට ගොඩක් සතුටු ඇති...එයාගේ හීනෙට ගියාට..
හීනයක් හීනයක් වෙන්නේ ඒක හීනයක් විතරයි කියලා අපි හිතුවොත් විතරයි...

"මිස්...හීන ලෝකෙන් බහිනවද..."

කන එහා පැත්තෙන් ඇහුන සද්දෙට මම ගැස්සිලා ගියා....ඇහ්..කාර් එක නවත්තලා...ජිම් කාර් එකෙන් බැහැලා මට බහින්න දොර ඇරියා...

මම මූනත් බිමට හරවන් යන්න යද්දි එයා එකපාරටම මගෙ අතින් අල්ලගෙන මාවත් ඇදන් දුවලා ගියා...පිස්සෙක් වගේ....ඒත්..ශෝක්..








දුක...
සතුට....
දෙකම සදාකාලික නෑ...


අරෝරාගෙ කොම්ලා පිලිප්.
අරෝරා කියන්නෙ ස්ලීපින් බියුටි.
අර රොස පාට ගවුමක් ඇදන් ඉන්නේ.

ගොඩක් අය ස්ලීපින් බියුටි කිව්වම අරෝරාවයි ස්නෝ වයිට්වයි පටල ගන්නවා..

අද ගොඩක් සරල ප්‍රශ්නයක් අහන්නද???හැබැයි හැමෝම මොනා හරි කියන්න ඕන...

🙂 වෝල්ට් ඩිස්නි ලන්කාවේ ඉපදුනා නම්....එයාට අද මේ ඉන්න තැන ඉන්න ලැබෙයිද????

Disney ✔️✔️Where stories live. Discover now