Disney 21

311 73 8
                                    

මම තිබ්බ මහන්සියටත් එක්ක ඇදට පැන්නා...මහන්සියට වඩා සතුටුයි...මට මගේ ෆයිල් එක ලැබුනට...ජිම්...මට සහෝදරයෙක්...යාලුවෙක්...ගුරුවරයෙක්..මම බෙඩ් ශීට් එක ඔලුවෙ හිටන් පොරෝ ගත්තේ සීතල හුලගක් හමපු නිසා...






@Nigth..

ටක්....ටක්...

කවුද මන්දා දොරට ගහපු නිසා මම බය වෙලා ඇදේම ඉද ගත්තා....වටෙන් ලොකු ගෝශාවක් ඇහෙන්න ගත්තේ හොදටම වහින නිසා...එක පාර අකුනක් ගැහුව නිසා මම ආය බෙඩ් ශීට් එක අස්සට රිංග ගත්තා....මම අකුනු වලට බයයි...ගොඩාරියක්...

ඒ එක්කම ආය කවුරු හරි දොරට ගැහුවා...සැරින් සැරේ වටේම එලිය වෙන විදුලි ආලෝකයෙන් මට පෙව්නෙ රෙදි ගුලියක හෙවනැල්ලක්.... 😬මාව කන්න බූතයෙක්වත් ඇවිත්ද...දැන්ම මැරෙන්න බෑ යකෝව්...

වෙන දෙයක් උනදෙන් කියලා නිදා ගත්ත ගියත් බය හිතුනා...කාමරේ කෙලවර තිබ්බ මොබ් එකත් අරන් හිමිට ගිහින් දොරේ අහුල ඇරියා...

දොර ඉස්සරහ හිටිය කෙනාව දැක්කම මට මොබ් එක අත ඇරුනා...ජිම්...කොට්ට මෙට්ට උස්සන්..

"ජිම්..මේ...රෑ.."

ඒ එක්කම ලොකු අකුනක් ගැහුවා...

"මේ...මේ...මේ...මේ..මම...මේ...අකුනු වලට...මේ..."

"ඔයා බයයිද...එන්න අනේ මා එක්ක නිදා ගමු..."

අකුනුවලට බයේ හිටිය මට ජිම් කියන්නෙ දෙයියො දීපු තෑග්ගක්...ඒත් එයා මාස්ක් එක දාන් මයි හිටියේ....ඇස් වහ වදී කියලා බයද මන්දා...


"ඔයත් අකුනු වලට බයයි නේහ්"

ජිම් ඇස් නටෝ නටෝ ඇහුවා..

"ඔව්...ඔයත් බයයිනෙ.."

ජිම් මුකුත් නොකියා කොට්ටටක් තුරුල් කරන් ඇදේ කොනකට උනා...කොල්ලාට ලැජ්ජා හිතෙන්න ඇති..



@Next day..

"ආලියා...නැගිටින්නෙ නැද්ද අද...කෙල්ලෙක් නේද ඕයි...පස්සට ඉර එලිය වැටෙනකල් නිදා ගත්තම හොදද.."

නාකි හරකෙක් කෑ ගහනවා වගේ ඇහුන නිසා මම හිමීට ඇස් දෙක ඇරියා...එතකොට මට ඊයේ වුන හැමදේම මතක් උනා...

"ආ...ලි...යා......."

ජිම් ආය කෑ ගහද්දි මම වට පිට බැලුවේ කාටද කෑ ගහන්නෙ කියලා බලන්න..

"මිස් ආලියා ඩිස්නි...ඔයාටයි මම කතා කරේ...."

එයා ආය මගෙ පැත්තට හැරුනා...

"මම ආලියා නෙවෙයි..ආන්‍යා.."

"මොකක් හරි...අද ඔයාගේ පලවෙනි දවස...පැය කාලෙන් ලෑස්ති වෙලා පහලට එන්න..."










😬ආන්‍යාට කරදර කරන එක ටිකකට නැවැත්තුවා...හේ...


Disney ✔️✔️Where stories live. Discover now