Disney 8

379 86 19
                                    

"මිස් කොහෙටද යන්නෙ..."

"ඩයමන්ඩ් පැලස් එකට.."

"අර ගගක් ගාව තියන බන්ගලාවනෙ.."

"ඔව්.."


ඩයමන්ඩ් පැලස්...ඒ තැන ගැන කුඩම්මා දන්නෙ නෑ.... අම්මා මාව හම්බෙන්න ඉද්දි හිටිය ගෙදරට තමා ඩයමන්ඩ් පැලස් කියන්නේ...ඒක නිකම් බාබි ඇන්ඩ්ද ඩයමන්ස් කාසල් එකේ මාලිගාවේ පොඩි එක වගේ...අම්මා ඩිස්නි කාටුන් වගේම බාබි කාටුනුත් බැලුවා..

"මිස්..තැනට ආවා..."

පර්ස් එකේ තිබ්බ පන්සියෙ කොල තුනෙන් එකක් ඩ්‍රයිවර්ට දීලා එයාව පිටත් කරලා මම බැලුවේ ගේ දිහා...ඒක ඉස්සර වගේමයි...තාත්තා හැම මාස හයකටම පාරක් මේක අලුත්වැඩියා කරන්න කට්ටියකට බාර දීලා තිබ්බේ...මාව හම්බුනෙත් මේ ගෙදරදී...අම්මාගේ සොහොනත් මේ ගෙදර වත්තේ...තාත්තාගේ සොහොනත් අම්මාගේ සොහොනට එහා පැත්තේ...තාත්තා ඉද්දි මට කිව්වා එයාගේ ලෝයර්ට එයා කිව්වලු හොරෙන්ම එයාගේ මිනිය මෙතන වලලන්න කියලා...

මගේ මාලේ ලොකට්ටුව තමා යතුර...ලොකට්ටුවෙ තියෙන්නෙ අම්මාගෙයි තාත්තාගෙයි පොටෝ දෙකක්...මම හිමීට යතුර දොරේ යතුරු හිලට දාලා කරකවලා දොර හිමීට තල්ලු කරා...අවුරුදු විසි එකකින් මම මේ එන්නේ...මම අවුරුද්දෙදි මෙහෙ ඇවිත් තියනවා...

ගේ ගොඩක් ලස්සනයි...ටීවී එක ඉස්සරහ සෝපා එක...කාමර...ඔක්කොම තියනවා...ගෙදර තට්ටු දෙකයි...උඩ තට්ටුවට යන තැන ටේබල් එකක අම්මාගෙයි තාත්තාගෙයි වෙඩින් ෆොටෝ එක තිබ්බා..

මගේ අම්මා...ගොඩක් ලස්සනයි..අග කැරලි කහ පාට කොන්ඩේ...එයා නම් ස්ලීපින් බියුටිම තමා...තාත්තා නැති වෙද්දිවත් එයාගේ දුබුරු පාට කොන්ඩෙ එක කෙස්ගහක් සුදු වෙලා තිබ්බෙ නෑ...එයයි අම්මායි ගොඩක් ගැලපෙනවා...

මට තිබ්නේ තාත්තාගේ වගේ දුබුරු කොන්ඩයක්...අනික් ඔක්කොම අම්මාගේ වගේ...

ඇදුම් බෑග් එකත් අරන් මම හිමීට පඩිපෙල නැග්ගා...පඩි පෙලේ අත් වැඩේ මිකී මවුස්,මිනී මවුස්,ප්ලුටෝ,ගුෆී,ඩොන්ල්ඩ් ඩක්ගේ කැටයම් කපලා තිබ්බා...

උඩ තට්ටුවේ කාමර හතරයි..

පඩිපෙල ගාවම තිබ්බ එක නම් අම්මාගෙයි තාත්තාගෙයි එක වගේ...එක රැල්ලක් නැතුව ඇදේ ශීට් එක පවා ලස්සනට තියනවා...

ඊලග කාමරේ තිබ්බේ තොටිල්ලක්..මාව තියන්න හදපු එක...මම හිමිට ඒ කාමරේ ලයිට් එක ඔන් කරා...ඒක...ඒක මම එහෙ ගෙදර කාමරේ වගෙමයි..

කෙටියෙන්ම කිව්වොත් මේ මුලු ගේම කාටුන් පාරාදීසයක්....

ඊලග කාමරේ මට..ටයිල් එකේ ඉදන් සිවිලිම දක්වාම ඩිස්නි....අම්මා මම ඉපදෙන්න කලින් මම ගැන්z කොයි තරම් දේවල් ප්ලෑන් කරලද???

ඇදුම් බෑග් එක මේසයක් උඩින් තියලා මම ඇදේ දිගා උනා...අද...මම කරපු දේවල් මට මැවිලා පෙනුනා....මම කලහකාරී උනා වැඩිද...මගේ හිතේ දෝංකාර දුන්නෙ ඒක...



























😊💞 හායි..

කොටයි නේද..

මට මේකෙන් ඕන උනේ අන්‍යාගෙ අම්මා ආන්‍යා ඉපදෙන්නත් කලින් එයාට අවශ්‍ය දෙවල් හැදුව එක..සහ ඒ ගෙදර ගැන...
ඕනම අම්මෙක්ට පුලුවන් තමන්ගෙ දරුවා හැරෙද්දි මොකාටද එන්නෙ කියලා හොයා ගන්න...

කෝමද ආන්‍යාගෙ ගෙදර...
මාත් ඒම ගෙයක් හදනෝ...

Atlantic the lost empire
තමා අර කතාව..

අද ප්‍රස්නෙ බාබි ඉන්ද ඩයමන්ඩ් පැලස් හි ප්‍රදාන චරිත දෙක නම් කරන්න

Disney ✔️✔️Where stories live. Discover now