Disney 17

327 72 9
                                    

ඒ අපේ ගෙදර නෙමේ...වෙන කොහෙ හරි ...

අවුරුදු හතරක විතර චූටි පිරිමි ලමයෙක් අවුරුදු දෙකක විතර ගෑනු ලමයි දෙන්නෙක් එක්ක සෙල්ලම් කරා...

"ආ...මගේ ප්‍රින්සස්ලා දෙන්නයි ප්‍රින්ස්සුයි සෙල්ලම් කරනවා වගේ..."

තරුන ගෑනු කෙනෙක් එතෙන්ට ආවේ හිනා වීගෙන..එයාව මට ටිකක් හුරුයි.

මගේ අවදානේ ගත්තේ පොඩි ලමයි තුන් දෙනා...ඒ පිරිමි ලමයට තිබ්බේ ලස්සන හිනාවක්...

"පින්තත්...."

චූටි කොල්ලා කෑ ගහද්දි කෙල්ලො දෙන්නම එයා දිහා බැලුවා..

"අයියා පින්තත් කිව්වෙ මතද අදා ටද.."

එක චූටි කෙල්ලෙක් ඔලුව හරෝ හරෝ කිව්වා...ඒ කියන්නෙ අර චූටි කොල්ලා එයාගේ අයියා...අදා කියන එකෙන් අදහස් කලේ අජා කියන එක වෙන්න ඇති...

"ඔය දෙන්නම මදෙ පින්තත්ලා...උයා තූති පින්තත්...අදා තමා වෙන්න පින්තත්.."

"වෙන්න පින්තත්.ම්.ඇදම්...මම් එතකොට දැන් ඔයාගේ පින්තත් නෙමේද.."

අනිත් කෙල්ල මූන අඩන්න වගේ හදා ගත්තම චූටි කොල්ලා කෙල්ලො දෙන්නවම බදාගෙන දෙන්නටම හාදුවක් දුන්නා..

"ආ...මෙතන තියන කෝලම් බලන්නකෝ "

එතකොටම එතෙන්ට ආවේ පිරිමි දෙන්නෙක්..
මොකක්...
එක්කෙනෙක් මගේ තාත්තා...

"ඒක තමයි...අපේ කුමාරයාට කුමාරිකාවෝ දෙන්නයිනේ..."

තාත්තා අර චූටි කොල්ලාගේ ඔලුව අත ගෑවා...

"අන්තල්...මම අදාව තියා ගන්නද.."

"අයියෝ...අන්කල්ට අද අජාව ගෙනියන්න වෙනවනෙ..."

"අයියූ....හුම්...අද දෙනියන්නකො...දවසක මම අදාව මෙහෙ නතර කරගන්නවා..."

චුටි කොල්ලා අජා කියන කෙල්ලගෙ කරට අත දා ගත්තා..

"ඇනා....ලූකස්...අද මම මෙහෙ එන අන්තිම දවස වෙන්න පුලුවන්...දන්නවනේ...මම බදිනවා...ඒ කෙනා මගේ ප්‍රින්සස්ට හොද අම්මෙක් වෙයිද කියන්න මම දන්නෙ නෑ...මේක ගන්නකෝ ..මම නැති උන දවසක මගේ කෙල්ලව ඔයාලාට බාරයි....එයාගේ අලුත් අම්මා එයාට වෙනස් කමක් කලොත් ටිකක් බලන්න.."

තාත්තා කඩදාසියක් අනිත් දෙන්නාගේ අතට දීලා අජා කියන සූටි කෙල්ලව වඩා ගත්තා...

"තාත්ති ඇදම්ට කිස් එකක් දෙන්නෝනී.."

කෙල්ල අතේ ඉදන් කෑ ගැහුව නිසා තත්තා ටිකක් නැමුනා...චුටි කෙල්ල කොල්ලාව බදා ගෙන ලොකූ...උම්මා එකක් දුන්නා...චූටි අය තුන් දෙනාම අඩන්න හදනවා...

"අදා ඔයා අයියා එක්ක මෙහෙ නවතින්න එනවද...."

එකපාර මගේ නලලට ලොකු රස්නයක් දැනුනා...ඒ එක්කම මාව ලොකු වලකට වැටෙද්දි මම ඇස් දෙක ඇරියා....
ඒක හීනයක්...

මම හිටියේ ඇදක...දිරා ගිය ඇදක...

"ක...කවුරුත් නැද්ද..."

ඇගෙන් ලොකු වේදනාවක් එද්දි මම කතා කලේ මාව මෙතෙන්ට ආවෙ කොහොමද දැන ගන්න...














හාන්ස් ක්‍රිස්ටියන්ගෙ ගොඩක් ප්‍රසිද්ද කතා snow qween (frozen) the little mermaid ,red shoes and seven dwarfs...

ගොඩක් අය හාන්ස් (හෑන්ස්) ව දන්නෙ නෑ....ඒත් සුරංගනා කතා ලෝකයේ රජු කියකත් හාන්ස්ව හදුන්වනවා...මොකද එයා 100 කට අදික සුරංගනා කතා ගොඩාක් ලියලා තියනවා...දෙසීයත් පැනලා වගේ තමා මට මතක...

ලෝක ලමා පොත් දිනය හාන්ස්ගේ උපන් දිනය දා දාලා තියෙන්නේ එයාට ගෞරවයක් විදිහටයි...

සුරංගනා කතා ලිව්වට හාන්ස්ගේ ජීවිත කතාව නම් සුරංගනා කතාවක් නෙමේ...

සපත්තු මසන්නෙක් උන හාන්ස් ඇන්ඩර්සන් (එයා හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ) සහ රෙදි සෝදන්නියක් උන ඈන් මාරී තමා එයාගේ දෙමව්පියෝ පොඩි කාලේ එයාගේ තාත්තා නැති වෙනවා...අගහිගකම් ගොඩක් මැද හැදුන හාන්ස් අවුරුදු 10 දී රෙදි මසන්නෙක්ගේ අත් උදව් කරුවෙක් විදිහට යනවා..

ඇති නෙහ්...එයා ගැන කියන්න වෙනම කොටසක් යනවා...❤️ ඒ තරම් ආදර්ශවත් කතාවක් එයාගේ ජීවිත කතාව...

හාන්ස්ගේ අනුරූ තැන් කීපෙකම තියනවා..එයාගේ ජීවිත කතාව පාදක කරන් කතා ගොඩක් හැදිලා තියනවා..🙂 ඒවා ඊලග එපියට...

අද පුරස්නේ... Cat in the hat කතාව කාගේ එකක්ද..

Disney ✔️✔️Where stories live. Discover now