Disney 22

304 77 20
                                    

ජිම් නම් අද්‍යාපනය කාලා අද්‍යාපනයෙන්ම සුප් එකක් හදන් බීලද කොහෙද...ඔක්කොම වතුර වගේ කියවන් යනවා....

"ජිම්...ඔයාගේ ජොබ් එක මොකක්ද..."

මම ඇහුවම එයා අතේ තිබ්බ පොත පැත්තක තියලා මා දිහාට හැරුනා..

"මම..ර......චිත්‍ර ශිල්පියෙක්...ඇයි.."

"මම හිතුවෙ මහාචාර්‍ය කෙනෙක් කියලා.."

"ඉගන ගන්න එක කවදාවත් අපතේ යන්නේ නෑ....ඔයා මේ ගනන් ටික හදන්නකෝ...මම දවල්ට කන්න දෙයක් හදන්න යනවා..."

ජිම් මට ඇහැක් ගහන් එතනින් ගියා.

ජීවිතේ හරි පුදුමයි..මගේ කතාව මුල ඉදන් කියෙව්වොත්...ආය පාරක්...මට ශුවර්...අනිවාරෙන් ඔයා ගොඩක් ගොඩක් ගොඩාක් පුදුම වෙනවා...මටත් මගේ කතාව පුදුමයක්...

@Two Month....


"අකීරා.....නැගිටිනවා....අද එක්සෑම් එක නේද....මිස් අකීරා ඩිස්නි...අර්.ර්.ර්.ර්.ර්.ර්.ර්....මේ කෙල්ල නම්...අකීරෝ...ගෙදර ඉගන ගත්තට එක්සෑම් එක ගෙදර ලියන්න බෑනේ...නැගිටින්නයි කිව්වේ කම්මැලි කෙල්ල...."

ජිම් දවස පටන් ගන්නෙ එහෙමයි...හැමදාම උදේ පාන්දර ලෝකේ කොහෙ හරි ඉන්න කෙල්ලෙක්ගෙ නම මතක් කරලා ජාතිය අමතනවා...අකීරා...ආලියා...ආර්‍යා..අමායා...අලීටා....ඔක්කොම මට තමා...හුටා...අද එක්සෑම් නේද..

දූවලා ගිහින් දත කට මුව සෝදා ලෑස්ති වුනේ අද පරක්කු වෙන්න බැරි නිසා....ගෙදර ඉගන ගත්තට අනිත් අයත් එක්ක තමා එක්සෑම් ලියන්න වෙන්නෙ ජිම් මගේ නම ස්ටෙලා විදිහට දාලා ඔක්කොම වැඩ කටයුතු සම්පාදනය කරලා...

"ආකීටා....කාමරෙන් එලියට එන්න එපා.."

මම කාමරේ ඉදන් මනෝ පාරක් ගහන් ඉද්දි ජිම් එකපාර ඇවිත් කාමරේ දොර ලොක් කරා....ඒ එක්කම ඇහුනේ වාහනයක් නවත්තන සද්දයක්....මම හොදට රබර් කන දාන් හිටියෙ කවුද එන්නෙ බලන්න...

"ආ...තාත්තා...අහ්...එලීනා ආන්ටි..."

ඒ නම ඇහෙද්දිම මම පපුවත් අල්ලන් දොරට පිට තියලා හේත්තු උනා..ජිම් මාව අල්ලලා දෙන්නද යන්නේ???...වෙන්න බෑ...එයා...එයා මගෙ යාලුවෙක්...

"ආ..පුතා...අපේ දුවට ඔයාව බලන්න ඕන කිව්වා..."

කුඩම්මාගේ කටහඩ ඇහෙද්දි මගේ හදවත හයියෙන් ගැහෙන්න ගත්තේ බයට .

"ඇයි නැන්දේ නංගි මාව  බලන්න ඕන කිව්වේ..."

"දන්නෙ නැද්ද...."

කුඩම්මා උත්තර දුන්නේ තොදොල් වෙවී...

"මොකද අයියේ අපි ආවට අකමැත්තෙන් වගේ...."

"වගේ නෙමේ ටිශා...එහෙම තමා...මම අද දවසම බිසී...පස්සෙ වෙලාවක එන්න.."

"අනිවාරෙන්...."

ආය කාර් එක ස්ටාර්ට් වෙන සද්දෙ ඇහෙනවත් එක්කම මම එතනම බිමින් ඉද ගත්තා...

"අමීශා....අමීශා.....ආය නිදා ගත්තද..."

ජිම් දොරට තට්ටු කරද්දි මම දොර ඇරියේ ඇස් වල කදුලු පිහ පිහ....ජිම් මොකක් හරි කියන්න ගියත් ඒක නවත්තලා මගේ උරහිස් දෙකෙන් අල්ල ගත්තා..

"මොකද අඩන්නේ....ම්..."

මට දෙන්න තිබ්බ එකම උත්තරේ අඩන එක.....වෙන මොනාද කියන්නේ....

"අයියෝ...බාබි....අඩන්න එපා...එතකොට ඔයා නපුරු මායාකාරියක් වගේ....ඔයා හිතුවා නේද මම ඔයාව අහු කරලා දෙයි කියලා...කවදාවත් නෑ...බාබි..."

ජිම් මට හිතන්නවත් වෙලාවක් නොදී මාව එයාගේ පපුවට ලන් කරන් මගේ ඔලුව උඩින් එයාගේ නිකට තියා ගත්තා...ඒ එක්කම එයා හිමීට මුමුනපු දේ මට ඇහුනා...

"මම එයා වෙනුවෙන් ඔයාව ආරක්ශා කරගන්නවා බාබි...."

කවුද එයා කියලා අහන්න හිතුනත් මම නිකම් හිටියා....

"ඒක නෙමේ අලීටා...දැන් යමුද..."

ජිම් කිව්වේ මගේ අතකින් අල්ල ගන්න ගමන්...එයාට මගේ නම කවදාවත් මතක හිටින්නෙ නෑ...

"මම ආන්‍යා...."

"දැන් ඉදන් ස්ටෙලා....ඕකේ..."

"ඕකේ...ඕකේ...."

Disney ✔️✔️Where stories live. Discover now