Disney 29

316 71 20
                                    

ප්‍රින්සස්..ඔයාට මොනා හරි උනොත් මම මටම සමාව දෙන එකක් නෑ....

මට ජෝන් අන්කල් කිව්ව එකම දේ එයාගේ ප්‍රින්සස්ව බලාගන්න කියපු එක....එයා මැරෙන්න සතියකට කලින් මට කිව්වෙත් ඒක...

මගේ අම්මා ඇනා....තාත්තා ලූකස්...ජෝන් අන්කල් ගේ හොදම යාලුවා මගේ තාත්තා ලීසා ආන්ටිගේ හොදම යාලුවා අපේ අම්මා...ඒකෙන්ම තේරෙනවනේ අපේ පවුල් දෙක හොදම යාලුවෝ...

ලීසා ආන්ටි ස්ලීපින් බියුටි කතාවේ අරෝරා වගේමයි....මම චූටි කාලේ ඒ දෙන්නට අරෝරා ආන්ටි පිලිප් අන්කල් කියලා කතා කරලා තියෙන්නේ...මම මේ ලෝකේ දැක්ක හොදම මිනිස්සු දෙන්නෙක් තමා ඒ දෙන්නා....

ජෝන් අන්කල් ලොකු කම්පැනියක බොස් කෙනෙක් කියලා කාටවත් කියන්න බෑ....මොකද එයා ඒ තරම් සරලයි....නාන්න සල්ලි තිබිලත් එයාට තිබ්බේ එක කාර් එකයි....ලෝබ කමක් නෙමේ....එයා කියන්නේ සල්ලි වගේ අද තිබිලා හෙට නැති වෙන දෙයක් නිසා උඩගු වෙන්න හොද නෑ කියලයි..
ලීසා ආන්ටි..එයා කියුට්...ප්‍රින්සස් කෙනෙක් වගේමයි...නිල් පාට ලොකු ඇස් දෙක නිසා දකින ඕනම කෙනෙක්ගේ හිතේ ලීසා ආන්ටි ගැන කැමැත්තක් ඇති උනා...පොඩි කාලේ මම හිතන් හිටියෙ එයා ආවේ සුරංගනා ලෝකෙන් කියලා...ඒ තරමටම එයා ලස්සනයි...ලස්සන වගේම තමා කරුනාවන්තකම..එයා ගොඩක් කරුනාවන්තයි...අහින්සකයි....බුද්දිමත්.

මගෙ නම කියන්න බැරි උනානේ...මම ඇඩම් ජෝන්ස්....

මම අවුරුදු තුනේදි ට්‍රෝල්හන්ටර්ස් කියන කාටුන් එකට පිස්සු වැටිල හිටියේ....මොන වගේ රවුම් දෙයක් හම්බුනත් මම ඒක අරන් 'මර්ලින්ගේ ආනුභාවයෙන් දිවා කිරණේ අණ දෙන්නා මමයි' කියලා වටේටම ඇහෙන්න කෑ ගහලා කාඩ්බෝඩ් කඩුවකුත් අරන් මාස්ටර් ජිම් වටේ ගේ වටේම දුවනවා..ඒ පිස්සුව නම් මට තාම තියනවා....

ඒකේ ජිම්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් තමා මගෙ පලවෙනි ක්‍රශ් එක....ක්ලෙයා...

මට අවුරුදු තුනේදි අම්මාට ආය බබෙක් හම්බෙන්න හිටියේ....ලීසා ආන්ටිටත්...මට ඕන උනේ ක්ලෙයා වගේ නංගි බබෙක්...ඒ වගේ නිල් පාට ලොකූ ඇස් තියන කියුට් නංගියෙක්....

මුලින්ම හම්බුනේ අපේ නංගියා...මම හින්දම අම්මා එයාට ක්ලෙයා කියලා නම තිබ්බා...මගේ චූටි නංගියා ගොඩක් කියුට්...රෝස පාට බෝලයක් වගේ...උස්සලා පොලේ ගහන්න හිතෙනවා....මම ඊලගට බලන් හිටියේ ලීසා ආන්‍ටිත් මට ප්‍රින්සස් කෙනෙක් ගේනකල්....

Disney ✔️✔️Where stories live. Discover now