Disney 7

367 85 6
                                    

ඒ එක්කම සාලේ ෆෝන් එක කෑ ගහනවා ඇහුනා...මගේ කාමරේ දොර ඉස්සරහින් ඇහුනේ කවුරුහරි හයියෙන් යන සද්දයක්...බැරිවෙලාවත්..කවුරු හරි අහන් ඉදලද...නෑ...නෑ...ඒක වෙන්න බෑ...සමහර විට කෝල් එක ආපු නිසා නිසා දුවගෙන යන්න ඇති...පහලින් ටිශා කුඩම්මා එක්ක මොනාද මුමුනන සද්දෙ ඇහුනා....ඊට පස්සෙ එයා කෝල් එක ආන්සර් කරා..

-හලෝ..

-

-ඔව්...මම එලීනා..

-

- නෑ...ජෝන්ට ඉන්නේ අවුරුදු විස්සක දුවෙක් විතරයි..

-

-අහ්..මොකක්..තරගෙකින් දිනලා...

-

-අනේ..ඒ ජෝන්ගේ පලවෙනි කසාදේ ලමයා එයාගේ ඔලුව ටිකක් හොද නෑ..

-

-අහ්..මේ කවුද කියන්න නම් මම දන්නෙ නෑ මිස්ටර්..ඒත්...ආන්‍යා කියන්නේ හොද මානසිකත්වෙකින් ඉන්න දරුවෙක් නෙමේ...ඒ නිසා මම කාරුනිකව ඉල්ලනවා එයාට ඔය තරගෙට ඉදිරිපත් වෙන්න දෙන්න එපා....මොකද මම කැමති නෑ මගේ දරුවා අපහසුතාවෙට පත් කරන්න....ආන්‍යාත් මට මගෙම දරුවෙක් වගේ..අනික ඔයාගේ පුතාට ආන්‍යාව ප්‍රපෝස් කරන්න බෑ...එයාගේ මානසිකත්වෙ එක්ක....ඒකට මගෙ දුව කැමති වෙයි...

කුඩම්මා පෝන් එක තිබ්බා ....මට දැනුනෙ මගෙ ලෝකයම කඩන් වැටුනා වගේ...මම පහල තට්ටුවට කන යොමන් හිටියා..

"අම්මේ අරකි ගාව ෆෝන් එකක් තියනවා..."

මම හිතුවා හරි...ටිශා දොර ගාව ඉදලා තියෙන්නේ....
කුඩම්මා ටිශා එක්ක මොනාද මොනාද කියෝ කියෝ මගේ කාමරේ පැත්තට ආවා...

ඉවසීම...මම මේ ඉවසුවා ඇති..මොකටද තව ඉවසන්නේ...මගේ ජීවිතේ වැදගත්ම දේත් නැති උනාට පස්සේ..බෑග් එකට ඇදුම් ටික දාලා මම ඒක ජනේලෙන් එලියට විසික් කරා...මේසෙ උඩ තිබ්බ පෝන් එකයි පෙන් එකයි ගන්න යද්දිම කුඩම්මා ආවා...

"උබ...උබට මම මේ ගෙදර ඉන්න දුන්නා...හහ්..තරග වලට යන්න...එක අඩියක් හෙල්ලෙන්නේ නෑ මේ ගෙදරින්...අනික උනේ මහ ලොකු තාත්තා උබට එක බිං අගලක් ලියලා නෑ...ඒ නිසා මගෙ අනුකම්පාව පිලිඅරන් ගෙදරට වෙලා ඉදහන්..."

තාත්තා මට මුකුත් ලියලද කියන එක මට කිසි වැඩක් නැ..
මොකටද මට ඒවා..

"අදින් පස්සෙ උබට මේවා තහනම්.."

කුඩම්මා මගේ ෆෝන් එක පොලේ ගහලා පෙන් එක බිම දාලා කකුලෙන් පෑගුවා...
කාලය මොහොතකට නැවතුනා වගේ...

මගෙ අවුරුදු ගානක මහන්සිය....කුඩම්මා එක තප්පරේකින් විනාශ කරා...මගේ හීනයට යන පලවෙනි පඩියට අඩිය තිබ්බ ගමන් කුඩම්මා ඒ පඩිය කඩලා දැම්මා....මටත් කියලා ඉවසීමේ සීමාවක් තියනවා...

මගෙ ඇස් රතු වෙලා..මට දැනෙනවා...දැන් මාව පාලනේ කරන්නෙ මම නෙවෙයි...වෙනම කෙනෙක්...

මම කුඩම්මාව ඇදට තල්ලු කරා..මගේ පාර හරස් කරන්න ආව ටිශාට කම්මුල් පාරක් දුන්නේ මේ තරම් කල් මට කරපුවට...ගෙදර මාව නවත්තන්න කෙනෙක් නෑ....මම එහෙම්ම එලියෙ තිබ්බ මගෙ ඇදුම් බෑග් එක අරන් ටැක්සියකට නැග්ගා...











නව වසරක්...
ඒ එක්කම..
ආන්‍යාගේ ජීවිතය අලුත් පාරකට ගන්න මම තීරනය කරා...

කලින් ප්‍රස්නෙට දෙන්නෙක් හරි උත්තර දීල තිබ්බා...
👇 මෙන්න පිලිතුර

pacahontas..

👇 අද ප්‍රස්නෙ..මේ කතාව මොකක්ද..

මම පරනම කාටුන් වලින් ප්‍රශ්න අහන්නේ ඒවා ගොඩක් ලස්සනන නිසා...ගොඩක් අයට ඒවා මග ඇරිලා...අලුත් කාටුන් නිසා පරන ඒවා ගොඩක් අයට අමතකයි...😊❤️ පරන ඒවත් බලන්න...ඒවා ගොඩක් ලස්සනයි

Disney ✔️✔️Where stories live. Discover now