Disney 2

488 97 15
                                    

"ටිශා...මොකද අවුලෙන්..."

තාත්තා බෑග් එක පැත්තකින් තියලා ටිශාගේ උරහිස් දෙකෙන් අල්ල ගත්තා....ටිශා ඊලගට අඩන්න පටන් ගත්තා....එයා හැමදාම ඔහොමයි..

"තා...තාත්තෙ...මගෙ අතින් අක්කාගේ ටැබ් එක රිසට් උනා...."

ඒක කිව්වම තාත්තා ඇස් ලොකු කරලා මා දිහා බැලුවා...මම ඇදපු චිත්‍ර ගොඩක ෆොටෝස් තිබ්බෙ මගෙ ටැබ් එකේ...මම ඒ චිත්‍ර තිබ්බ කඩදාසි පුච්චන්න දැම්මෙත් නංගි .....එදත් එයා ඒකට බොරුවක් කිව්වා....මම ඒවාගේ පොටෝ ගහන් නොතිබ්බා නම් ඉවරයි....ඒ හැම චිත්‍රෙකම තිබ්බේ මගේ හීන ලෝකේ...
ඒත් මට කිසි දුකක් දැනුනෙ නෑ....මට හොද නරක කියලා දෙන්න අම්මා නොහිටියට අම්මා ඉස්සර බලපු CD ගොඩක් තියලා ගිහින් තිබ්බා...මම ඒවාගෙන් තමා ජීවිතය ඉගන ගත්තේ...

"කමක් නෑ තාත්තේ...ඒ හැම එකක්ම මම පෙන් එකකට දා ගත්තා..."

කුඩම්මාගෙයි ටිශාගෙයි මූනු කලු වෙද්දි මම නිතරම මගේ සාක්කුවේ තියන පෙන් එක තාත්තට පෙන්නුවා...

"එහෙනම් කමක් නෑනේ ටිශා....ඔයා අක්කාගේ බඩු ආය ගන්න එපා හොදේ..එලී...තව ටිකකින් ලමයි දෙන්නා එක්ක මගේ කන්තෝරු කාමරේට එන්න..."

තාත්තා ලොකු ප්‍රශ්නෙක වගේ හිටියෙ....එයා කවදාවත් අපිට කන්තෝරු කාමරේට එන්න කියලා නෑ...
කුඩම්මා ටිශා එක්ක යනවා දැක්ක නිසා මාත් හෙමින් ඒ පැත්තට ගියා...තාත්තා අපිට පුටු තුනක් පෙන්නුවේ ඉදගන්න කියලා....එයාගේ මේසේ උඩ ලිය කියවිලි ගොඩයි...ඉඩම් ඔප්පු වගේ දේවල් වල ලියකියවිලි .....

"ම්හ්...වැල්වටාරම් නෑ...මට ලේ පිලිකාවක්...බේත් කරන්න කාලයක් නෑලු...තව සතියයි තියෙන්නේ....."

තාත්තා අත්දෙක බැදන් මේසේ ඉස්සරහ පුටුවෙන් වාඩි උනා...මම නිහඩයි ....මට ඇඩුනෙත් නෑ....මොකද එහෙම දුක පිට කරන්න තරම් සුලු දෙයක් නෙමේ තාත්තා කිව්වේ...

"මම මැරෙන්න කලින් දේපල ඔක්කොම බෙදුවා...මම නැති දාට ගැටුමක් නොවෙන්න...."

තාත්තා ආය කිව්වා...එයා කොහොමද මෙහෙම තත්වෙකදි හිනා වෙලා ඉන්නේ...තාත්තා ඉඩම් ඔප්පු ඔක්කොම කුඩම්මාගේ අතට දුන්නා...කුඩම්මා එයාගේ ලොකු දම් පාට ලේන්සුවෙන් කදුලු පිහනවා...ටිශාත් හෝ ගාලා අඩනවා...මම...නිකම් මල මිනියක් වගේ...

"එලිනා...මට ආන්යා එක්ක එක්ක ටිකක් කතා කරන්න ඕන..."

කුඩම්මා දොර වහන් මොනාද මුමුනලා එලියට යනවා මම දැක්කෙ සෙවනැලි වලින්...මට තාත්තගේ ඇස් දිහා බලන්න තරම් දෛරයක් තිබ්බෙ නෑ...මම බිම බලාගෙනම හිටියා...තාත්තා මගේ උරහිස් වලින් තදින් අල්ල ගත්තා...එයා එහෙම කරන්නෙ මගෙ හිත හදන්න ඕන වෙලාවට...

"ප්‍රින්සස්....ඔයාට කියන්න මුකුත් නැද්ද..."

"තාත්තට යන්නම ඕනද..."

"හ්ම්....මම කැමැත්තෙන් යනවා නෙමේ පැටියෝ ...අපි හැමෝටම මේ ගමන යන්න වෙනවා..."

"ඒත් මේ තරම් ඉක්මන්ට..."

"අහන්න...ආන්යා...සින්ඩරැල්ලා දුක් වින්දේ නැත්තම් එයාට කවදාවත් චාර්මින් කුමාරයාව හම්බෙන්නෙ නෑ....බියුටි පවුලෙන් ඈත් වෙලා මෘගයෙක් එක්ක ජීවත් වෙන්න අකමැති උනා නම් එයාට ඒ මෘගයාව ඇඩම් කුමාරයා කරන්න හම්බෙන්නෙත් නෑ...."

"මට කුමාරයෙක් ඕන නෑ තාත්තේ මට ඕන ඔයාව...."

"අහන්න...ප්‍රින්සස්...කාටවත් හැමදාම දුක ලැබෙන්නෙ නෑ....මේ සමුගැනීම ඔයාගේ ජීවිතේ හොද පැත්තට බලපාන්න පුලුවන්..."

"ඔයා නැතුව මොන හොදක්ද..."

"ප්‍රින්සස්....ඔය ඇති..ම්ම්..ඉන්න සතිය හොදින් ඉමු ...."

මම අඩ අඩ තාත්තාව බදා ගත්තා....මට බෑ වෙන් වෙන්න...මේ මගේ තාත්තා...මට මගේ කියලා ඉන්න එකම කෙනා....





















Anya ඉන්න කාටුන් එක තමයි Anastasia 😁 මගේ ක්‍රස් 123 න් එක්කෙන් ඒකේ...කතාව බලලා නැත්තම් බලන්න...ගොඩාරියක් ලස්සනයි ..ඒකේ ඇන්ස්ටාසියා කුමාරිගේ මතකෙ නැති වෙලා ආන්‍යා කියන නමින් ලමා නිවාසයක හැදෙනවා...කුමාරිකාව හොයා දීලා තෑගි මුදල ගන්න හදන කොල්ලෙක් සහ ආන්‍යා වටේ තමා කතාව යනේ... 😂ඒ ආදර කතාව ෆට්‍ට අප්පා..

මේ කොටසෙ ප්‍රස්නය...

Red shoes & seven dwarf හි නිවුන් සහෝදරයක් තිදෙනාගේ නම් මොනවාද....

Disney ✔️✔️Where stories live. Discover now