Disney 5

389 92 11
                                    

දෙක හමාරට කොලේජ් ඉවර වෙලා මම ගෙදර යද්දි තුන හමාරයි....වෙනදා වගේම ගේ ඉස්සරහදි සපත්තු දෙක ගලෝලා එලියෙ තිබ්බ රැක් එකෙන් තිබ්බෙ දාන් ඇතුලට ගියොත් බැනුම් අහන්න වෙන නිසා...මට විතරයි ඒ නීති...
මම සපත්තු දෙක ගලවලා තියද්දිම ටිශා මහ හයියෙන් කෑ ගැහුවා.

"ඕ...මයි ගෝඩ්...සෝ කියුට්.."

එයාගේ කෑ ගැහිල්ලට කුඩම්මා පහලට ආවා..

"මොකද ටිශා..."

"අම්මා දැක්කද මේ නලුවා..."

"අලුත් කෙනෙක්ද.."

"ඒ වගේ....ඒත් එයා දැන් මාර ප්‍රසිද්දයි..."

"ඒ කොල්ලා නම් ලස්සනයි.."

"ඔව් අම්මා...කොලේජ් එකේ අය පිස්සු වැටිලා ඉන්නේ මේ බෝයිට..."


මම එයාලාගේ දෙබසට වැඩිය සවන් දුන්නෙ නැත්තෙ මට අදාල නැති නිසා...ටිශා හැමදාම නලුවෙක් අල්ලන් කැ ගහනව...කුඩම්මා ඒවට හූ මිටි තියනවා...එයාලාගේ හොද නරක කියනවා...මට ඒ කතා තහනම්..මට ටීවී බලන්නත් තහනම්...තාත්තා නැති වෙන්න කලින් මට අරන් දුන්නා ලැප් එකක වැඩ කරන්න පුලුවන් පෝන් එකක්..ඒක හන්ගන්නත් පහසුයි...මම මට ඕන ඔක්කොම කරන්නෙ ඒකෙන්...

"තමුසෙ මොනාද අහන් ඉන්නෙ...අනාත කෙල්ල .."

ටිශාගේ බැනිල්ල එක්ක මම බිම බලන් කාමරේට ගියා...වාසනාවට මේ ගෙදරදි මට සින්ඩරැල්ලා වගේ වැඩ කරන්න උනේ නැ....ඒත් රපුන්සල්ට වගේ මටත් පිටත ලෝකය දකින්න ලැබුනේ නැ...එල්සා වගේ මම හුදකලාවේ හිටියෙ...උදේ දවල් රෑ කෑම ගන්න ඇරුනම මට කාමරේ දොර අරින්න තහනම්...වොශ් රූම් එකත් කාමරේම තියනවා...කුඩම්මා මම ගෙදර නිදහසෙ ඇවිදින එක තහනම් කලේ තාත්ත නැති වෙලා සතියක් යන්නත් කලින්...මගේම ගෙදර මම හිරකාරියක්..ගෙදරට එන අයට කුඩම්මා කිව්වෙ මම සමාජයට එකතු වෙන්න ආස නෑ...එයා මගේ අකමැත්තට මුකුත් කරන්නෙත් නෑ කියලා...

මම නාගෙන ඇවිත් කාමරේ දොර ලොක් කරලා පොන් එකත් අරන් ඇදේ හාන්සි වුනේ මගේ වැඩේ හරිද බලන්න...මම පොතක් ලියල ඒක තරගෙකට ඉදිරිපත් කරා...ගෙදර අයට හොරෙන්...ඒකේ රිසාල්ට් එනකල් මට ඉවසිල්ලල් නෑ...මගේ හිනෙට යන පලවෙනි අඩිය ඒක..

Disney ✔️✔️Dove le storie prendono vita. Scoprilo ora