Disney 11

372 79 10
                                    

ඒ ගැන හිත හිත ඉද්දි වත්ත කෙලවර තියන කහ පාට මල් පිරුනු ගහ යට කවුරු හරි ඉන්නවා දැක්කා...මේ ගෙදරට හොරුත් නො එන එකේ ඒ මේ ගේ බලාගන්න කෙනාද කියන එක ගැන මගේ හිතට ලොකු සැකයක් ආවා...මම එයා ගාවට යන්න ගියත් එයා ඊට කලින් මා ගාවට ආවා..

"ඔයාද මේ ගේ බලාගන්නේ..."

කිතුල් ගහක් ගිලලා වගේ උස ගෝනිබිල්ලෙක් වගේ ඇදන් ඉන්න ඒ කොල්ලාගෙන් මම ඇහුවා..

"මගේ තාත්තා...ඔයා කවුද...මේ ගෙදර අයිති ජෝන් අන්කල්ටනේ..ඔයාට කොහෙන්ද මේ ගෙදර ය..."

"මම ආන්‍යා..."

"මො...මොකක්...ඔයා."

"ඔව් මම දන්නවා..නිවුස් වල කිව්ව දේ මම ඔයාගෙන් ඉල්ලන්නෙ එක දෙයයි..මම මෙහෙ කියල කාටවත් කියන්න එපා...ප්ලීස්.."

"හ්ම්...ජෝන් අන්කල් වෙනුවෙන් කරන්නම්.."

"ඔයා කවුද.."

එතකොටම ඈතින් "අයියේ..." කියලා කෑ ගහන කටහඩක් ඇහුන නිසා මා එක්ක කතා කර කර හිටිය කෙනා මට අත වනලා ගියා...එයාව ටිකක් හුරියි වගේ...

ඔක්කොම මනස්ගාත ඔලුවෙන් අයින් කරලා ගෙට ගිහින් මම අතට ගත්තෙ චිත්‍ර පොත...පෝන් එකෙන් චිත්‍ර අදිනවට වඩා පැන්සලක් අරන් අතින් අදිද්දි හරි අපූරුවට හැගීම් පින්තාරු වෙනව...ඒක මට කියා දුන්නෙ තාත්තා...ඩිස්නිගෙ පලවෙනි චිත්‍රය තමා සුදු තීන්ත ගාපු ලී බිත්තියෙ කලු පාට තාර වලින් එහෙට මෙහෙට ගාපු ඉරි කෑලි...මගෙ පලවෙනි චිත්‍රෙ තමා තාත්තා ආසම සුදු පාට කමිසෙ පින්සලකින් ඇදපු ඇටකෝටු රූප...එතකොට මට අවුරුද්දයි...තාත්තා එදා මට බැන්නෙ නෑ එයා සතුටු උනා...ගොඩක්...

මගේ සිතුවිලි පැන්සල් තුඩින් කොලයට ගියේ මටත් හොරෙන්...හතර වටේම ස්නැකල් තියාගෙන කකා මම මගෙ වැඩේ කරන් ගියා....මගේ මනසේ රැව් දුන්නෙ එක දෙයයි...

හීන දකින්නන් කිසිදා පරාජය නොවේ..

අදටත් ලෝකේ වැඩිම ඇකඩම් සම්මාන ගානකට හිමිකම් කියන්නෙ වෝල්ට් ඩිස්නි...ගෝල්ඩන් ග්ලෝබ් විශේශ කුසලතා සම්මාන 2,ගෞරව සම්මාන 2 යි මේ ඔක්කොම සම්මාන 59 කට වැඩියි...එයා ගනිතඣයෙක් නෙමේ..විද්‍යාඥයෙක් නෙමේ...බිස්නස් කරන කෙනෙක් නෙමේ...එයා කලේ දරුවන්ගෙ සිහින පුබුදවපු එක...
ඒ නිසා තාම තවමත් මිනිස්සුන්ගෙ හදවතේ walt disney නාමය රැව්දෙන්නේ...

Disney ✔️✔️Where stories live. Discover now