09වන කොටස🖤🖤

2.5K 498 137
                                    

එයා අඩනවා ඉවරයක් නැතිවම...මට තේරෙන්නෙ නෑ මේ බැදීමෙ තේරුම මොකක්ද කියලා...එයාම මට රිදවලා එයා එයාටම ඊට වඩා සිය ගුනේකින් විතර රිදවගන්නවා .....

එයාම මට රිදවලා එයා එයාටම ඊට වඩා සිය ගුනේකින් විතර රිදවගන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං ගුලි වෙලා එයා දිහා බලන් උන්නා...මට කතා කරනව තියා කට ඇරගන්නවත් පනක් නැතිකොට මම බ්ලැන්කට් එකේ ගැට්ට ගාව ඇස් දෙක තියන් බලන් ඉන්නකොට එයා නැකිට්ටා ...මගෙ දෙවියනෙ ඒ කකුල්....ඒ කකුල් දෙක දම්ම දම්පාට වෙලා මට ගහපු බෙල්ට් පාර එයා එයාටම ඩබල් කරන් ගහන් තිබුනා වගේම එයාගෙ අර ඊයම් පාටයි සුදු පාටයි මැද තියෙන අමුතු පාට හම ගන්න දෙයක් තිබුන් නෑ වගේම එයා අර ගුචින් එක කැඩිලා උනත් හරි පරිස්සමින් එතුවා ...

උඹ හැමදාම නැති කෙරුවෙ මට වටිනම දේවල් වූශියෑන් ...මට උඹව රිදවන්නත් බෑ ..ඒත් එන තරහවට උඹට නොගහත් බෑ...මට උඹට වගේ සාමාන්‍ය හැගීම් තිබුනා නම්....උඹ දන්නවද වූශියෑන් ...උඹ මං ගාව ඉන්නකොට මම මොනතරම් ඉවසීමකින්ද ඉන්නෙ කියලා ...අවුරුදු ගානකින් ආයමත් පරන ලේ සුවද උඹෙන් එනකොට උඹ දන්නවද මං උඹට රිදවන්නෙ නැතිව ඉන්න මොන තරම් වේදනා විදිනවද කියලා ....උඹට හිතා ගන්නවත් බැරිවෙයි ....

එයා ඇස්වලින් වැටෙන කදුළු පිහදාන ගමන් ගුචින් එක දිහා බලාගන උනත් ඒ කියපු හැම වචනයක්ම මට විතරක් වෙනකොට මම යටි තොල හපාගන ඇස් වහන් උන්නා...

මං ආයමත් බ්ලැන්කට් ගැට්ටෙන් ඇස් දෙක එලියට දානකොට එයා අරගුචින් එක තනි සුදු හන රෙද්දක එතුවා....හරිටයට මමියක් ඔතනවා වගෙ...හරියටම මාව ඔතලා තියනවා වගේ...මගෙ ඇගපුරාවටමත් තිබුනෙ හන රෙදි...

එයා ඒ ගුචින් එක දිහා බලලා එයා හිටගනම උන්න රතු පාට බුමුතුරුනෙ ඉස්සුවා ...ඒ මොකක්ද ඒ...තවත් පාරක්ද...මොකක්ද ඒ.....මං බෙල්ල ටිකක් එලියට දානකොට එයා බුමුතුරුන උස්සලා ඒ ලෑලි පොලවෙ එක ලෑල්ලක් ඉස්සුවා වගේම උස්සපු ලෑල්ල ඇතුලට ගූචින් එක දැම්මා...සමහර විට ගබඩාවක්....එහෙම නැතිනම් වස්තුව හංගපු තැනක්...ඕක ඇතුලෙ තව වටින දේවල් තිබ්බොත්.... ඒවත්...අරගන....
අම්මෝ ඕන් නෑ මේ කාපු ගුටි මදිද මටත් ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නෑ...

W  R  O  N  G      T U R N ....(WANGXIAN  COMPLETED  )Where stories live. Discover now