SPECIAL CHAPTER 🖤

2.4K 410 349
                                    

වස්තුව .......

වංජියො.....

හැමදාම වගේ පස්දෙනාම එකට නිදාගන්න ලොකුම ලොකු ඇදේ අදත් මම එයාට තුරුල් වෙලා උන්නා...

පස්දෙනාම...???

මම කිව්වෙ පස්දෙනා කියලද.....??ඔව්...මම කිව්වෙ පස් දෙනා කියලා තමා....මායි මගෙ වංජියයි ළමයි තුන් දෙනයි..මල්ලි බබා ආවට පස්සෙ චුක්කියව ආය කාමරෙන් එලවගන්න බැරි තරමට එයා මගෙ කොල්ලට ලන් උනා...හැමදාම රෑට පොඩි උන් දෙන්නව තොටිල්ලට දැම්මම චුක්කියත්  අපේ ඇදේ කොනක ගුලි උනා...කොච්චර කොහොම සාම කාමි උනත් මහ රෑ දෙගොඩ හරියෙදි අඩන්න ගන්න වංජියගෙ ළමයි දෙන්නා තොටිල්ලෙන් ඇදට මාරු වෙද්දි ඒ ඇඩිල්ලට හරි යන්න චුක්කියත් බෙරිහන් දෙනවා....ඒ කොහොම කලබල තිබ්බත් ගේ ගිනිගත්තා උනත් මට නම් මැරිලා වගේ නින්ද යනකොට  වංජියා.මේ හැම කන් කරච්චලේම හරි අපූරුවට ඉවසන් උන්නා...

රැයක් එලි වෙනකන් අඩන ළමයි නලවපු වංජියා මට කතා කෙරුවා....

කෝ වංජියො ඒ දෙන්නා....

මම රහසින් වගෙ ඒ දෙන්නා කෝ ඇහුවම එයා ආයම තොටිල්ල දිහාවට ඇගිල්ල දික් කරලා මට සද්ද කරන්න එපා කියලා තොල්පටට ඇගිල්ල තියා ගන්නකොට මාත් සද්ද කරන්න එපා කියලා මගෙ ඇගිල්ලකුත් තොල්පට උඩින් තියා ගත්තා .....

එයා ගෙ අත උඩ ඉදන් ඔලුව හරවන්නෙ නැතිව මම හෙමින් සැරේ  ඇස්දෙක විතරක් කරකවලා තොටිල්ල දිහා බැලුවා...අනේ ඒ දෙන්නම ගුලි වෙලා දොයි...ඒ එක්කම ලාවට ඔලුව උස්සලා චුක්කිය දිහා  බැලුවා...ඒකා චූටි දිවත් එලියෙ දාන් වංජියගෙ කකුල් මැද ගුලි වෙලා උන්නා..ඒ අනිත් තොත්ත බබා...අනේ මන්දා ඒ ලමයව ලොකු වෙන්නෙ නැද්ද කොහෙද ...දැන් කවදද ඉදන් තවමත් තියෙන්නෙ දත් දෙකයි....අනිත් ළමයි දෙන්නා ලොකු වෙන්නත් ඇවිත් ඒත් චුක්කියා තවම ඒ සයිස් මයි....

මං නැකිටින්න ඕනා මගෙ වස්තුව ...

අනේ තව චුට්ටක් ඉන්නකො වංජියො...

එයා නැකිටින්න ඕනා කියනකොට මම එයාව කුරූගාන ගමන් කට උල් කෙරුවා ....වට පිට බලපු එයා ඇබිත්තකට නැති හාදුවක් දීලා මොකුත් නොවුනා වගේ උන්නා..අනේ එයාගෙ ලැජ්ජාව....මොකට ලැජ්ජවා වෙනවද....මේක හරි වැඩක් නෙ අනේ....මෙයාට ළමයි.ඉස්සරහා මගෙ ඔලුව කන්න හොදයි හාච්චියක් දුන්නම තමා ලැජ්ජාව...ඉදපන්කො කරන්නම් වැඩේ...

W  R  O  N  G      T U R N ....(WANGXIAN  COMPLETED  )Where stories live. Discover now