57වන කොටස🖤🖤

3.2K 469 442
                                    

වූශියෑන් ....වස්තුව......

ම්ම්ම්හ්හ්...වංජියෝ......

එයාගෙ අත් උඩම සිහිසන් වෙච්ච මම උන්නෙ අපේ කාමරේ වෙනකොට මගෙ ඇදුම් ඔක්කොම අයින් කරලා යට ඇදුම පිටින් විතරක් උන්නා...ඇගට දැනෙන අමාරුව කියා ගන්න බැරි වෙනකොට ඇස් අරින්න හදලත් මම ආයම , ඇස් වහගන්නකොට එයායි මමයි විතරක් නෙවෙ අපේ කාමරේ ඉන්නෙ කියන එක දැනෙන කොට මම ආයම ඇස් ඇරියා ...

රාජකීය වෛද්‍යවරු....

සුදු පාට ලෝගුවේ රත්තරන් පාට වෛද්‍ය ලාංජනය එක්ක ඒ උන්නෙ රාජකීය වෙද කන්ඩායම වෙනකොට මම හිමින් සීරුවෙ එයාලා දිහා ඇස් කරකවලාපො බැලුවා...එතන උන්න ප්‍රධානියා කියන්න පුලුවන් වයසකම වෙදදුරා මගෙ අතේ නාඩි බලලා මගෙ වංජියාද දිහා බැලුවා ...

ස්තීරයිද...

එසේමයි උතුමානනි....

ම්න්.....

එසේනම්....අවසරයි....

.....

නවතින්න....

මගෙ අතේ නාඩි බලපු වෙදදුරාගෙන් එයා ඇහුවා ස්තීරයිද කියලා..මොනවද....??මාව ආයම මැරෙන්න එනවද දන්නෙ නෑ....අනේ...ස්තීරයි ද ඇහුවෙ...මැරෙන එක ස්තීරයිද කියලද..  ??ඔව් කියලත් කිව්වා....මම ඒ දිහා හොදට බලන් උන්නා...යන්න අවසර ඉල්ලපු වෙදදුරා පස්සෙන් පස්සට යනකොට වංජියා නවතින්න කිව්වා වගේම එයාගෙ ලෝගුව ඇතුලෙ තිබුන රෙදි පසුම්බිය අරගත්තා .....එයා මොකද කරන්නෙ...මම ඇස් දෙක හොදට ලොකු කරන් බලන් උන්නා...රත්තරන් ....ඔව්මයි...එයා රන් කාසි අහුරක් එයාගෙ අතට මිටිමෙලෙව්වා.....

මේ මනුස්සයා මාව මැරෙන්න යන එක ස්තීරයි කිව්වම රන් කාසිනෙ දුන්නෙ...ඒ කියන්නෙ වංජියා....

මගෙ ඇස් වලට කදුළු  පිරුනා...මම වංජියා දිහාවත් නොබල කවුලුවෙන් එලිය බලන් උන්නා....එයාලා යන්න ගියා වගේම මට දැනුනා වංජියගෙ අත මගෙ අතේ පිට අල්ල හිමින් පිරිමදිනවා....

වූශියෑන් ...මගෙ පන...

පන...ඔව්..ඔව් දැන් පන....මෙතන ඒ මිනිස්සුන්ට සල්ලිත් දීලා...තව පනලු.....ඇයි අනෙ.  ඇත්තමයි මම හිතුවෙ නෑ වංජියා ඔයා මෙහෙම මනුස්සයෙක් කියලා. ..

W  R  O  N  G      T U R N ....(WANGXIAN  COMPLETED  )Where stories live. Discover now