49වන කොටස🖤🖤

1.8K 413 123
                                    

ම්ම්හ්හ්.....ව්...ව..ංජි....යො.....

මුලුසර්වාංගෙම එකම තුවාලයක් වෙනකන් ගුටි කාපු රැයෙන් බාගයක් එයාට යට උන මගෙ හුස්ම කවුරුත් ම උදුරගන නැති වෙලා තියන කොට මම හරි අමාරුවෙන් ඇස් ඇරියා ....අවසානෙදි මොකද උනේ කියන්න නොදැනම ඇස් පිය උන මගෙ ඉනෙන් පහල නෑ කියන හැගීම මට දැනෙන කොට යටි බඩ කොර වෙලා ගිහින් තිබුනා වගේම ඇඩුම් මැදම මම එයාව හෙව්වා ....

බෑ...හ්හ්....බෑ.....හ්හ්හ්.....

ච්...චුක්..කියෝ....

අරින්න අමාරු ඇස් දෙක හිමින් හිමින් ඇරපු මට කාමරේ පුරාවටම දුවන බොද වෙච්ච චායාවක් එක්ක බෑ හ් කියන සද්දයක් ඇහුනා..ඒ මගෙ චුක්කියා...එයා ඇතුලේ...මම හිමින් හිමින් මාව පොරවලා තිබුන බ්ලැන්කට් එකෙන් එලියට ආවා..ඒ ආවා උනත් ඇගෙ තෙහෙට්ටුවටමද කොහෙද ඇගට දැනුන අසාමාන්‍ය සීතල ගතිය එක්ක මම ආයම බ්ලැන්කට් එක ඇතුලට රිංගුවා...

තද දම් පාට...නෑ...කලු පාටටත් නැති අගුරු දම්පාටත් නැති ඉටිපන්දම් ලැවැන්ඩර් සුවද බෙදන කොට මම මගෙ ඇග දිහා බැලූවා...එයා තුවාල වෙච්ච හැම එකමටම බෙහෙත් ගාලා හන පටි ඔතලා තිබුනා...කකුල් දෙකෙම තනිකරම ඊජිප්තු මමීයක් වගේ වනකොට වේවැල් පාරටවල් වලට රතු උන පාරවල් වලට අමතරව එයාගෙ දත් පාරවල් පපුව පුරාවටම තිබුනා....

මම බ්ලැන්කට් එක යට ඉදන් කාමරේ පුරාවටම ඇස් යැව්ව...ඊයෙ තිබුන චූටි තොටිල්ල අද එතන නෑ...ඊයේ රෑ කනපිට ගහපු කාමරෙ අද මොකුත් නොවුන ගානට තියනකොට එකම එක සෙල්ලම් බඩුවක් වත් එයාගෙ චූටි සපත්තුවක් වත් ඒ කිසිම දෙයක් තිබුන් නෑ...ඒ හැම දේම අස් කරලා ඒ වෙනුවට එයා මට කන්න අරන් දීපු හැම චිප්ස් පැකට් එකම වගේම බිස්කට් බනිස් පැකට් මේ හැම දේම විල්ලුද කවිච්චිය උඩ ගොඩගහලා තිබුනා...

අමු නිරුවතින් උන්න මම ඇද වියල උඩ තිබුන එයාගෙ දුහුල් ලෝගුව ඇන්දා...ඒක ඇන්දම මාව හොයන්න දැල් දාන්න ඕනා...යටින් පෑගෙනවා...මම සෙරෙප්පු නැති නිරුවත් යටි පතුල් බමුතුරනට තියලා ඇද වියල අල්ලන් හිට ගත්තා ..හැබැයි මම හිට ගත්තට වඩා වේගෙන් යටි බඩ අල්ලන්  ආපහු දෙකට නැවුනා....

W  R  O  N  G      T U R N ....(WANGXIAN  COMPLETED  )Where stories live. Discover now