42 වන කොටස🖤🖤

1.8K 401 180
                                    

වූශියෑන් ...

ලයිකන් කින්ගෙ ගුප්ත වගේම චෞර මූන දැකපු මම අන්දමන්ද වෙලා උන්නා..මගෙ වංජියා පැරදුනොත් ..නෑ...ඊට වඩා හොදයි බෙල්ලට ගලක් ගැට ගහන් මූදෙ පනින එක....මට බෑ...මට එයාව තනියම යවන්න බෑ...එයා මගෙ...අපි පොරොන්දු දුන්නා..හැමදාම එකට ඉන්නවා කියලා ..එහෙම එකේ...එයා කොහොමද මගෙ තැන ගන්නෙ . නෑ වංජියා...එදා වෙච්ච වැරද්ද ආයම වෙන්න දෙන්න බෑ...මේක අපි දෙන්නගෙම අන්තීම අවස්තාව නම්...මට කොහොමත් බෑ...එයාට මං නැතිව ජීවත් වෙන්න හයිය තිබ්බට මට කවදාවත් එයා නැති ජීවිතයක් ගැන හිතන්නවත් බෑ...එයාගෙ තැන වෙනකෙනෙක්ට දෙන්න...විහිලුවට වත් හිතන බෑ...

වූශියෑන් .....වූශියෑන් ....වූශියෑන් .....!!!

ආ...හ්...ආ...යො...න්සෙ...න්..

එයා මාව අත් වලින් හොලවලා හොලවලා ආයම මාව මගෙ පියවි සිහියට ගත්තා ...

යොන්සෙන්....කොහෙ හරි...ලියවිලා තියනවද....මම වෙන කාට හරි අයිති වෙනවා කියලා ....ආ යොන්සෙයො...අනේ කියන්න...මම වෙන කාට හරි අයිති වෙනවා .. එහෙම නැති නම් මම තනි වෙනවා කියලා....කොහේ හරි තැනක ලියනවද...අනේ නෑනේද....ආ යොන්සෙයා ...එහෙම දෙයක් කොහෙවත් ලියවිලා නෑනෙද....

මම එයාගෙ අත් දෙක අල්ලන් අහන කොට එයා මගෙ ඇස් වල කදුලු පිහ දැම්මා....

මගෙ වූශියෑන් ...ඔයා හැමදාම වංජිගෙම විතරයි ....ඒක සැකයක් නෑ....ඒත්....ඒකට සටන් කරන්න වෙනවා....ඔයා කියන්නෙම අපි හැමෝටම හුගාක් වටින කෙනෙක්....

අනේ..මාව ඒ මනුස්සයට අරන් යන්න දෙන්න එපා...යොන්සෙයො...මගෙ වංජියා ඇරෙන්න මට වෙන කාව වත් එපා...මට...මට...

ශ්. . ශ්...අඩන්න එපා වූශියෑන් ...කෝ නාඩා ඉන්න....නාඩ ඉන්නකො....මම ඉන්නවනේ...ඔයාගෙ වංජියට මම ඉන්නවා...අපි එයාට මොකූත් වෙන්න දෙන්නෙ නෑ....ඔයාව කාටත් අරන් යන්න දෙන්නෙ නෑ...ඔයාට ඔයාගෙ  වංජියව විශ්වාසයි නේද ....ආ වූශියෑන් ...මගෙ වූශියෑන්ට වංජියව විශ්වාසයි නේද....

එයා මට අඩන් මගෙ කම්මුල් හිමින් අත ගාන ගමන් මට අඩන්න එපා....එයා ඉන්නවා..මගෙ වංජියට එයා ඉන්නවා කියලා කිව්වා ... මාව වෙන කාටවත්ම අරන් යන්න දෙන්නෙ නෑ කියන ගමන් මාව තුරුල් කර ගත්තා වගේම මගෙ වංජියව විශ්වාසයි නේද ඇහුවා.  ඔව්..මට  මගෙ වංජියව මටත් වඩා විශ්වාසයි ...අනේ...ඒත් මම තවම මනුස්සයෙක්....මම දුර්වල කෙනෙක්...මගෙ හිත...මම හිතන්නෙ තවම හරි ලාමක විදිහට...පොඩ්ඩ බැරි වෙනකොට ඇස් වල කදුලු පුරවන් අඩන මම කොහොමද මේ දේවල් දරා ගන්නෙ...අනේ   මට එයාගෙ දරුවා එක්ක තනි වෙන්න උනොත්..මම කොහොමද ...මම කොහොමද එයා නැතුව හුස්ම ගන්නෙ...මට බෑ...මට මගෙ වංජියව විශ්වාසයි...ඒත්....

W  R  O  N  G      T U R N ....(WANGXIAN  COMPLETED  )Where stories live. Discover now