අනේ.....හ්..වංජි...යෝ...ඕ...
මට එච්චරම තමා කියන්න හම්බ උනෙ...එයා මාව එතන දාලා යන්න යනකොට එතන උන්න හාමුදුරු නම මාව එක්ලන් ගිහින් මගෙ මාරු කෙරෙව්වා...
අනේ අප්පා මේවා ඇදන් ඉන්නෙ කොහොමද අනේ...මගෙ මුලු ඇගම තලා දාලා වගේ අප්පා...ඒක හරියටම කොයි වගේද කියලා කියනවා නම් ජිම් කවදාවත් ජිම් එකකට ගිහින් නැති කෙනෙක් පලවෙනි පාරට ජිම් ගිහින් පහුවෙනිදට බඩගාගන නැගිටිනවා වගේ...
අනෙ අම්මපා මේ වංජියා...මට රට හරකෙක්ට වහෙ බත් ගිල්ලුවෙ මෙක තමා..නිකනුත් නෙවෙ දැවිල්ල බත්...අනේ මාත් අහු උනානෙ...මේ මොන නවනිංගිරාවක්ද අනේ..බත් බෝල් එකකට රැවටුනා කියන්නෙ...ම්ම්හ්ක්...මට බෑ..අප්පා...මමා ගෙදර ගිය වෙලේක තැලුම් තෙල් ටිකක් ගාවන් අතගාගන්න ඕනා අප්පා...ම්ම්හ්ක්...
මම නහයෙන් අඩ අඩ එයාව හෙව්වා ..වංජියා තියා කලුකිච්චා කඩප්පුලියත් පේන්න නැති වෙනකොට මම මූන බෙරි කරගත්තා ....
ආ..මේක කකුල් වලින් පොඩි කරන්න..
ආ.. හ්....!!!!
මෙච්චර කාලෙකට මට හම්බ උනේම මම කියන වචනයක් තේරුම් ගන්න බැරි වෙච්ච අය වෙනකොට දෙයියො බැලුවා වගේ හාමුදුරු නමට මං කියන දේවල් වගේම මට හාමුදුරු නම කියන දේවල් තේරුම් ගන්න පුලුවන් උනා...තරහවෙන් වගේම දුකෙන් උන්න මම එයාගෙ අතේ තිබුන වේලුන රට දෙල් කොලේ දිහා බලන් උන්නා....එයා මොකුත් නොකියම කොලේ බිම දානකොට මම වංජියා එක්ක තියන තරහව කොලේ පිටින් යවන ගමන් අර වේලුන කොලේ කෑලි කෑලි වෙන්න පොඩි පට්ටම් කෙරුවා...එක කකුලකින් නෙවෙ...කකුල් දෙකෙම්ම මම ඒ කොලේ කඩු කරල දැම්මා.....
දැන් තරහව නිවුනද??
අ..ආහ්..
මම දෙල් කොලේ පිටි වෙන්නම කඩලා තිබුනා වගේම එයා මගෙන් ඇහුවා තරහව නිවුනද කියලා...ඔව් මයි...එයා කිව්වා හරි...කොලේ පොඩි වෙන්න පොඩි වෙන්න මගෙ හිතේ තරහව චුට්ට චුට්ට නැති වෙලා ගිහින් තිබුනා ..එයා මාව සංසුන් කරන්න පොඩි ටෙක්නික් එකක් පාවිච්චි කරලා...මම දැන් අර ඇදුම පිටින් කකුලෙන් බලි කුරුටු ඇන්දා වගේම එයා ටිකකිම්ම මට හන ගස් වලින් හදපු මිට නැති කොස්සක් දීලා කිව්වා ඒ හරියම අතුගාන්න කියලා...