එයා

2.4K 166 37
                                    

තරුවක්!!!
නිවි නිවි දිලිසෙන තරුවක්. එකක් නෙමෙයි ඒ වගේ තරු මහා ගොඩක්. මං මීට කලින් මෙච්චර තරු ගොඩක් කවදාවත් දැකලා නෑ. මමත් මනුස්සයෙක් නොවී එයින් එක තරුවක් උනා නම්....
එහෙනම් මං සතුටින් ඉඳියිද?...

තරුව බොඳ වෙලා ගියා.
පළවෙනිම කඳුලු බිංදුව වැටුනෙ මගේ අත උඩට.
අනිත් අතේ ඇඟිල්ලෙන් මං ඒක එහා මෙහා කලා. කඳුළු බින්දුවෙන් මං ලිව්වෙ 'S' අකුරක්.

ඒත් එක්කම... ඒත් එක්කම මට තවත් තරු දිහා බලන්න බැරි උනා. මූණ දිගේ, අත් දිගේ, හැමතැනකින්ම කඳුලු බිංදු බිමට ඇදගෙන වැටුනා
සීතල හුලඟත් එක්කම, මට තවත් හුස්ම ගන්න බෑ කියලා දැනෙද්දි, මං තොල් දෙක යාන්තමට ඈත් කරගෙන එතනිම්ම හාන්සි උනා....

මට එදා තාම මතකයි. අපි o/l ඉවර වෙලා a/l class එකට ගිය මුල් දවස් ඒ. අලුතින් ළමයි අපේ ඉස්කෝලෙට එනවා කිව්වෙ එදා.
මං ගියේ කොලඹ ප්‍රසිද්ධ පෙලේ ඉස්කෝලෙකට. ඉතින් මේ අලුතින් එන ළමයි වැඩිය ගණන් ගන්න හොඳ නෑ කියලා අපි හිතන් හිටියා.

ඒ ළමයි අතරෙ තමයි එයා හිටියෙ. දැක්ක ගමන් ඇත්තටම මට ආස හිතුනා. සමහරු දැක්කහම මාර fit එකක් දැනෙන්නෙ. අන්න ඒ වගේ. ඒක විස්තර කරන්න අමාරුයි.

ඔව්, මට තිබුණා එයාගෙ යාළුවෙක් වෙන්න. එයා හිටියෙ නොසන්සුන් වෙලා. ඒ ඇස් වල පුංචි බයකුත් තිබුනා. අලුතෙම්ම ලංකාවෙ හොඳම ඉස්කෝලෙකට එන්න උනාම කාටද බය නොහිතෙන්නෙ?

ඒත් මගේ ලොකුකම ඔක්කොටම උඩින් හිටියා. අපි අලුත් එවුන්ව ගනන් ගත්තවත් නෑ. Interval එක වෙනකල් උන් උන්ගෙ පාඩුවෙ ඉද්දි අපි අපේ පාඩුවෙ හිටියා. ඒත් මං සැරින් සැරේට ඒ පැත්ත බලන්න අමතක කලේ නෑ.

පොතටම මූණ ඔබාගෙන ඉන්න හැටි. පොත් ගුල්ලෙක්ද මන්දා, මට හිතුනා.
කරන්නම්කො වැඩක් ඕකට.

Interval එක ආවා.
"අද ගොඩ බැහැපු set එක, මෙහෙ එනවලා..."
ඒ රවීන්. අපේ පන්තියෙ නහයට නාහනම එකා.
අලුත් එවුං මූණට මූණ බලාගත්තා. ඊලඟට බිම බලාගත්තා මිසක් එකෙක් ඉස්සරහට ආවෙ නෑ

"යකෝ! උඹලා අඳ ගොළු බිහිරි පාසලකින්ද ආවෙ? මෙහෙ වරෙවු"

කට්ටිය හෙමින් හෙමින් ඉස්සරහට ආවෙ එතකොටයි ඔන්න

ක්සිතිජ ඉමට (Completed)Onde histórias criam vida. Descubra agora