අපි අපේ

1.4K 188 149
                                    

ඉතින් අපි අපේම පුංචි ලස්සන ගෙදරක අපේ හීන පාට කරා.
චූටි රයන් (ඔව්, ඒක තමයි අපේ බෝල කොලූගෙ නම. මිතූට ඕනෙමයි කියපු නම) අපි දෙන්නගෙ ලෝකෙට එළිය ගේන හුරතල් ඉර කුමාරයා උනා.
එයාගෙ වැඩ, job වල වැඩ එක්ක අපි ගොඩාක් busy උනා තමයි.
ඒත් අපේ චූටි ගේ ඇතුලෙ ආදරේ ඕනවටත් වඩා උතුරන්න තිබුනා.
හැම රැයක්ම අපිව තව තවත් අපේම කලා.
මට දැනුනෙ මං මේ ලෝකෙ වාසනාවන්තම කෙනා විදියට.
මිතූ.... මගේම, මගේම මිතූ......
මගෙ ජීවිතේ සතුටින්, සැනසීමෙන් පිරෙව්වා.

ඉතින් ඒ ලස්සනම ලස්සන දවස් ගෙවිලා ගියේ හරිම ඉක්මනින්.
දවසක් මං office එකේ ඉද්දි call එකක් ආවා.
නංගි කතා කලේ.
මේ වෙද්දි ගෙදරින් මට කතා කලේ එයා විතරයි.
අම්මයි, තාත්තයි මාව අත් ඇරලා වගේ හිටියෙ. හිතට දුකක් දැනුනත් මං ඒ හැමදේම අමතක කලේ මං ගත්ත තීරණේ හරිම තීරණේ කියලා මං දැනගෙන හිටපු නිසා.

ඒත් අද නංගි කතා කරලා කිව්වෙ, අම්මට අසනීපයි කියලා.
පුළුවන් නම් ඉක්මනට අම්මව බලන්න එන්න කිව්වෙ, අම්මා මාවම හොයනවා කියලා.

මට මොනවා කරන්නද හිතාගන්න බැරි උනේ මිතූත් මේ වෙද්දි හිටියෙ city එකෙන් පිට නිසා.
එයාට සතියක් යනකල් ගෙදර එන්න පුළුවන් කමක් තිබුනෙ නෑ.
ඉතින් මේ වෙනකොට අවුරුදු 2ක් වයස රයන්ව බලාගත්තෙ මං තනියම.
දවල්ට childcare, හවස මං යද්දි ගෙදර එක්කං යනවා.
රයන්වත් අරගෙන මේ ගමන යන්න අමාරුයි.

මං මිතූට විස්තරේ කිව්වා.
එයා කිව්වෙ එයා මොකක් හරි කරන්නම්, මට ඉක්මනටම ලංකාවට යන්න කියලා.
රයන්ව ගන්න එයා හෙට උදේම එන්නම් කිව්වා.
මගේ මිතූ එහෙමයි.
හැමදාම මගේ ප්‍රශ්න, මගේ stress එක නැති කරන ඉර එළිය එයා.

ඉතින් Office එකෙනුත් නිවාඩු අරගෙන මං පහුවදාම ලංකාවට යන්න පිටත් උනා.
මිතූයි, බබායි එහේ නැවතුනා.
මිතූ කිව්වෙ එයාලා හෙමීට එන්නම්, එතකල් මට මෙහේ කිසිම දෙයක් ගැන කරදර නොවී ගිහින් අම්මාව බලාගන්න කියලා.

ඉතින් මං ගියා.
අම්මා හිටියෙ hospital එකේ.
එයාගෙ මොළේ ලේ කැටියක් හිර වෙලා තිබුනෙ.
සැරින් සැරේ සිහිය එනවා යනවා වගේ තත්වයක් තමයි තාමත් තිබුනෙ.
වයස, අනික් ලෙඩ වගේ දේවල් එක්ක ඉන්න තත්වෙ අවදානම් කියලා doctorsලා කියලා තිබුනා.

ක්සිතිජ ඉමට (Completed)Where stories live. Discover now