ආයෙමත්

987 151 57
                                    

ඉතින් ජීවිතේ යාන්තමට ගොඩ ගත්තත් ශවූව මට අමතක උනේ නෑ.
මං එයාට කලේ වැරැද්දක් කියලා හැමදාම මට මගේ හිත දොස් කිව්වා.
හොයන්න පුළුවන් හැම විදියටම එයා ගැන හොයන්න හැදුවත්, මට කිසිම දෙයක් හොයාගන්න බැරි උනා.

ඇත්තටම එහෙම හොයන්න ගනිද්දි තමයි මට තේරුනේ මං එයාගෙ නමවත් හරියට දන්නෙ නෑ නේද කියලා.
'ශවූ'
ඒක pet name එකක් වගේ.
එයාගෙ ඇත්තම නම් මොකක් වෙන්නැතිද?
Surname එක, 'සූරියආරච්චි' විතරයි මං හරියටම දන්න එකම නම.

මං fb, insta, twitter, එකී මෙකී නොකී හැම social media platform එකකම හොයන්න බැලුවා.
ශවීන්, ශෙවෝන්, ශවිත්, ශෙවාන්, ඔය වගේ එක එක නම් හිත හිත හද හද search කලා.

ඒත් එයා නෑ.
හරියට හොරු අරන් ගිහින් වගේ.

එයාව ආයෙ කවදාවත්ම මට දකින්න ලැබෙන්නෙ නැති වෙයිද?
මගේ වැරද්දට සමාව ගන්න බැරි වෙයිද?
කිසිම දවසක අපිට ආයෙමත් මුල ඉඳන් හැමදේම පටන් අරන් යාළුවො වෙන්න බැරි වෙයිද?

ආයෙමත් උත්තර නැති ප්‍රශ්න පත්තරයක්. මගෙ ජීවිතේම උත්තර හොයාගන්න බැරි කාලකන්නි විභාගයක් වගේ.

කාලෙ ගත උනා. අපිට ඕනෙ උනත් කාලය නවතින්නෙ නෑනෙ.
එහෙම පුළුවන් නවත්තගන්න පුළුවන් උනා නම් මගේ ජීවිතේ කොයි තරම් වෙනස් වෙයිද?

මං ටිකෙන් ටික ටිකෙන් ටික job එකේ උඩට උඩට promote උනා.
හොඳ salary එකක්, වාහනයක් එක්ක ගෙයක් මට තිබුනා.
ඒත් මොකටද? මිනිස්සුන්ට ඒ හැමදේම ඕනෙ කරන්නෙ තමන් ආදරේ කරන අයත් එක්ක බෙදාගන්න නෙමෙයිද?
අඩුම ගානෙ යාළුවෙක් එක්කවත්.

ඒත් මට කවුරුවත් හිටියෙ නෑ.
රවීන්, කවිඳු එහෙම උනත් එයාලගෙ ලෝක වල busy වෙලා හිටියා.
ඇත්තටම ඉස්කෝලෙ යන කාලෙ වගේ සැහැල්ලුවෙන් යාළුවොත් එක්ක ඉන්න පුළුවන් කාලයක් ආයෙම ජීවිතේට එන්නෙ නෑ.
එතනින් පස්සෙ අපි හැමෝම අපේ අපේ ලෝකවල තනි වෙනවා.

දවසක් අපේ office එකේ job vacancies වගේකට interview තිබුනා. මම panel එකේ නොහිටියාට, අපි ඔක්කොමලා ඇහැ ගහගෙන හිටියෙ කවුරු select වෙයිද කියලා.
මොකද ඔයින් vacancies දෙක තුනක් අපේ unit එකේ ඒවා නිසා.

ලස්සන cute කෙල්ලො set එකකුත් ඇවිත් හිටපු එකේ, අපි වැඩිපුරම කලේ උන්ගෙ waiting area එක ලඟින් එහේ මෙහේ ඇවිදපු එක.
මොකද වේලි වේලි ඉන්න එකේ කෙල්ලෙක්වත් set උනොත් නරකක් වෙයි කියලයැ.

ක්සිතිජ ඉමට (Completed)Where stories live. Discover now