මුල ඉඳන්

990 146 48
                                    

එයා මගේ දිහා බලාගෙන ඉන්නවා.
මේක හීනයක්ද?
ඒ ඇස් මගේ ඇස් එකට පැටලිලා.

අකුණක් කෙටුවා.
නෑ, අහසෙ නෙමෙයි මගේ ඇඟ ඇතුලෙ.
හැබැයි ගැස්සුනේ මම නෙමෙයි එයා.
ඒ ඇස් ආයෙමත් හැංගුනා.

ඒත් මං.
මං තාමත් එහෙමමයි.

එයා මාව දන්නවා. එයා මාව අඳුනගෙන.
මගේ හිත කෑ ගැහුවා.

ශවූ..?
ඇත්තටම ඔයා මාව අඳුනගෙනද?
ඒකද මාව මගාරින්නෙ?
ඒකද මාව රිද්දන්නෙ?
ඔව්, මං ඒ දවස්වල හැසිරුනේ මනුස්සයෙක් වගේ නෙමෙයිනෙ.
ඔයාට මාව පිළිකුල් ඇති.

ඒත් දැන් ගොඩාක් කල් ගිහින් ශවූ.
ඔයා, මම, අපි ඔක්කෝම කාලෙත් එක්ක වෙනස් වෙලා.
දැන් ඉන්නෙ ඉස්සර හිටපු මිතුල් නෙමෙයි ශවූ.
ඔයා දන්නෙ නෑ, ඔයාට හිතා ගන්නවත් බෑ, මට සිද්ද වෙච්ච දේවල්.
මට එකම එක අවස්ථාවක් දෙන්න බැරිද ශවූ හැමදේම මුල ඉඳන් පටන් ගන්න?
මං කරපු වැරැද්ද හරි ගස්සන්න?
මගේ හිත කෑ ගහනවා ඔයාට ඇහෙනවද ශවූ..?

ඒත් එයාට මොකටද මාව?
මං වගේ මිනිහෙකුගෙ යාළුකමකින් එයාට වැඩක් තියෙනවද?
එයා මොන ප්‍රශ්නෙ තිබුනත් කකුල් දෙකෙන් හිටගෙන, අද ඉන්නෙ මට වඩා ගොඩාක් ඉහල තැනක.
ඉතින් එයාට මාව වැඩක් නැහැ නේද?

මං එයා දිහාම බලාගෙන කොයි තරමක් වෙලා කල්පනා කලාද කියලා මං දන්නෙත් නෑ.

මං මේ ලෝකෙට ආවෙ කව්දෝ කහින සද්දෙකට.
ඒ එයා, එයාට කැස්සක්!!!
පිට උගුරෙ ගිහින්ද?
මගෙ දිහා බල බල එයා කහිනවා.

මං කොහොමද බලාගෙන ඉන්නෙ?
මම එයා ලඟට ගියා.
ගියේ කොච්චර හෙමින්ද කියනවා නම් මං යනකොට එයාගෙ කැස්ස ඉවරයි.

ඒත් මං හිත හදාගෙන ගියේ.
මං අද මේ හැමදේම ඉවර කරනවා. මේ දේවල් හිතේ තියාගෙන වැරදිකාරයෙක් වගේ හැමදාම දුක් විඳින්න මට බෑ.

"Excuse me Mr. Shane.
Are you ok?"

එයා කටත් තද කරගෙන ඔලුව වනනවා, මේසෙ දිහා බලාගෙන.
කමක් නෑ, ඔයා කොයි තරම් මාව මග අරින්න හැදුවත් මං අද හැමදේම කියලා මගේ හිත නිදහස් කරගන්නවා ශවූ.
මං මේකෙන් නිදහස් වෙනවා.

"Good then.
And mmm.. can I talk to you for a moment?"

ආයෙමත් අපේ ඇස් පැටලුනා.
ආයෙමත් ඒ ඇස් හැංගුනා.

ක්සිතිජ ඉමට (Completed)Where stories live. Discover now