ඇයි?

850 140 66
                                    

මාසයක් ගත උනා. මං හිටියෙ hospital එකේ නැවතිලා. තාත්තට ආරංචි වෙලා මාව බලන්න ඇවිත් ගෙදර එක්කං යන්න හැදුවා.
ඒත් ඒ එයාලගෙ ගෙදර මගේ නෙමෙයි. මං කැමති උනේ නෑ.

Hospital එකෙන් discharge කලත් මට හැම මාසෙකම clinic යන්න තිබුනා. මට සමහරවිට ජීවිත කාලෙම බෙහෙත් බිබී ඉන්න වෙයි.
ඒත් කමක් නෑ. හැමදේම වෙන්නෙ මිනිස්සුන්ටනෙ. අපිට ජීවත් වෙන්න කෑම බීම ඕන වගේම, බෙහෙතුත් ඕනෙ වෙන්න පුළුවන්. ඒකෙ වැරද්ද මොකද්ද?

මං ගියේ මගේ ගෙදරට. හැමදේම ගැන නිවී සැනසිල්ලෙ හිතලා බලන්න මට ඕනෙ උනා.
කොහොම උනත් ආයෙ කිසිම දවසක මේ වගේ කඩා වැටෙන්නෙ නෑ. මං මටම පොරොන්දු උනා.
ජීවිතේ සතුට වෙන කෙනෙක් මත්තෙ තියාගන්න එක තමයි තමන්ට කරගන්න පුළුවන් ලොකුම වැරැද්ද. මගේ ජීවිතේ මංම හොයා ගන්නවා.

ශවූ, ඔයා මෙහෙම කලේ ඇයි කියලා කියන්න මම දන්නෙ නෑ. ඒත් මීට පස්සෙවත් ඔයාගෙ හිතේ තියෙන කරදර, ප්‍රශ්න ඔයාට ආදරේ කරන කෙනෙක් එක්ක බෙදා ගන්න.
හැම තීරණයක්ම තනියම අරන් හරි යන්නෙ නෑ. අපේ ජීවිතෙත් එක්ක බැඳුනු අනිත් ජීවිත ගැනත් අපිට වගකීමක් තියෙනවා.
ඉතින් ඔයා මට කිව්වා වගේම මාත් කියන්නෙ ඔයාගෙ හැම හීනයක්ම ඉශ්ට වෙලා, සතුටින් හැමදාමත් ඉන්න ලැබෙන්න කියලා.

මේ වෙද්දි මට වැඩට යන්න පුළුවන් කමක් තිබුනෙ නෑ.
මාසයකටත් වඩා මං කිසිම දැනුම් දීමක් නැතුව office එකට නොගිහින් හිටියා.
සමහරවිට hospital එකෙන් මගේ තත්වය පැහැදිලි කරන ලියුමක් අරන් ගියොත් මට ආයෙ වැඩ පටන් ගන්නත් තිබුනා.
ඒත් මට දැනුනෙ කලකිරීමක්.

කොයි තරම් හිත හදා ගත්තත් ඒ ශවූගෙ මතක පිරිනු තැනක්.
මං කොහොමද එයත් එක්ක බැඳුනු මතක දරාගෙන එතන වැඩ කරන්නෙ.
මට බෑ. තවමත් මං ඒ තරම් ශක්තිමත් නෑ.

මට ඕනෙ උනේ වෙනසක්. හැමදේම අලුතින්. අලුත්ම ජීවිතයක්.

හුඟ වෙලා කල්පනා කරලා මං තීරණය කලා කොලඹට සමුදෙන්න.
මං යන්න තෝර ගත්තෙ නුවර.
ඒ ලස්සන පරිසරය මගේ බිඳිනු හිතට නැගිටින්න උදව්වක් වෙයි. අනික එහෙ මට job එකක් හොයාගන්න අමාරු වෙන එකකුත් නෑ.
එහේ hospital එකට clinic එක මාරු කරගන්නත් පුළුවන්.
ඔව්, මං නුවර යනවා.

ක්සිතිජ ඉමට (Completed)Where stories live. Discover now