හැරයාම

846 137 34
                                    

ඉතින් ඒ ලස්සන රෑ ගෙවිලා ගියා.
උදේ ඇහැරෙද්දි මං හිටියෙ මිතූට තුරුල් වෙලා.
එයා තාම නිදි. ඒ තරු ඇස් වහගෙන.
මං බලාගෙන හිටියා.
මං ඔයාට යන්න දෙන්නෙ නෑ මිතූ...
ඔයා මගේමයි.
මගේම විතරයි.
මං එයාගෙ නලලට kiss එකක් දුන්නා.

මං හෙමීට නැගිටලා බලද්දි වෙලාව 10ත් පහු වෙලා.
ඔව්, ඉතින් ඊයෙ රෑ කීයටද නිදා ගත්තෙ.
මාව එකපාරටම ලැජ්ජාවට රත් වෙලා ගියා.
ඒත් ඉතින් හැම රැයක්ම ඊයෙ වගේ වෙනවනම්...

මගේ ඇඳුනුත් මාරුකරලා. මිතූ වෙන්නැති.
මට දැනුනෙ මගෙ මුළු ජීවිතේම සම්පූර්ණ උනා වගේ.

පව්! මගෙ කොලු පැටියා නිදි.
බඩගිනිත් ඇති.
එයා නැගිටින්න කලින් කෑම හදන්න ඕනෙ. මං එලියට ගියා.

මං උයන්න වතුරත් අරගෙන එනකොට මෙන්න මෙයා ඇහැරිලා මාව හොය හොය කෑ ගහනවා.
මාව දැක්ක ගමන් ඇඟට පැනලා බදාගත්තෙ koala bear කෙනෙක් වගේ.
මං හීන ලෝකෙ පියෑඹුවා.
ඔයාට මං නැතුව විනාඩි 5ක් ඉන්න බැරිද මිතූ??
එච්චරටම මාව ඕනෙද?

ඉතින් අපි හිනා වෙවී කෝලම් කර කර කෑම හැදුවා.
ජිවිතේ ඇත්තටම මේ තරම් ලස්සන වෙන්න පුළුවන්ද???

මිතූ සැරින් සැරේ ඊයෙ රෑ ගැන කතා කරන්න හැදුවත් මට දැනුනෙ පුදුම ලැජජාවක්.
මට එවෙලෙ කිසිම control එකක් තිබුනෙ නෑ.
මං ඉවරයක් නැතුවම කෙඳිරි ගාපු හැටි, එයාව ඕනෙ කිය කිය කෑ ගහපු හැටි, තද කරලා බදාගෙන හපපු හැටි, නියපොතු වලින් හූරපු හැටි මතක් වෙද්දි පොළොව පලාගෙන ගියා නම් සැපයි හිතුනා.
සොමාලියාවට පාන් කෑල්ලක් දැම්මා වගේ කියලා මිතූට හිතුනද දන්නෑ.

ඉතින් අපි එන්නත් පිටත් උනා.
අපි ඔහේ කියව කියව හිනා වෙවී ආවට මිතූ හිටියෙ මේ ලෝකෙ නෙමෙයි.
එයා ඉන්නෙ මොකක් හරි දේකට upset ගිහින්.
ඇයි ඒ??? එයා දැන් මේ වෙච්ච දේවල් ගැන පසු තැවෙනවද?
ආයෙත් මට අර දෙගිඩියාවම දැනෙන්න ගත්තා.

එයා ඊයෙත් ගොඩක් බිව්වා.
අර kiss එක වගේ මේකත් අසිහියෙන් උනාවත්ද?
නැත්තම් just the heat of the moment වගේ...
ඒත් අද උදේ???
එයා මාව බදාගත්තා. කෝලම් කලා.
ඒවා නිකන් එවෙලෙ fun එකට වගේ කරපු දේවල්ද?
සමහර වෙලාවට යාළුවොත් එහෙම කෝලම් වැඩ කරනවද??
මගේ ඔළුව කරකැවෙන්න වගේ ගත්තා.
මට නිවී සැනසිල්ලෙ වාඩි වෙලා මේ ගැන කල්පනා කරන්න ඕනෙ.

ක්සිතිජ ඉමට (Completed)Where stories live. Discover now