අපි

1K 158 54
                                    

ශවූ...
එයා කොහොමද මගේ ලඟ?
ඊයෙ මොකද්ද උනේ?
ඇයි මට මොකුත් මතක නැත්තෙ?

මං මොනවා හරි පිස්සු වැඩක්වත් කලාද?

මගේ ඇඟ සීතල වෙලා ගියා.
අම්මෝ...!!!!

මං ඉක්මනට blanket එක උස්සලා බැලුවා.
ඇති යාන්තම් ඇඟේ ඇඳුම් තියෙනවා.

ඒත් මට සැනසිල්ලෙ හුස්මක් ගන්න උනේ නෑ.
මේ ඇඳුම් මං ඊයෙ ඇඳෙගෙන හිටපු ඒවා නෙමෙයි. කොටිම්ම මගේ ඇඳුම්වත් නෙමෙයි.
දෙවියනේ!!!
කවුද මේවා මාරු කලේ?
ශවූද?

කෑගැස්සෙයි කියලා මං කට එක අතකින් තද කරලා වහගෙන, අනිත් අතින් හෙමීට කලිසමත් ඉස්සුවා.
යාන්තම් ඇඟට ලේ ටිකක් ඉනුවා.
මං ඇඳගෙන ඉන්නෙ මගෙම underwear එක.

පපුවෙ සද්දෙ ටික ටික අඩු වෙද්දි මං ශවූ දිහා බැලුවා.
එයා ඉන්නෙ අනිත් පැත්ත හැරිලා.
මං හෙමීට එයා ලඟට තව ටිකක් ලං උනා.

එයා ලඟ සුවඳයි.
ඒක වෙනස්ම සුවදක්
'ශවූ සුවඳ'
මං සද්දෙ ඇහෙන්නැති වෙන්න තොල් වලින් කිව්වා.
එයාගෙ බෙල්ල ලඟට මං මගෙ මූණ තවත් ලං කලා. තව නූලයි. චූටිම චූටි lip movement එකකින් මට එයාව kiss කරන්නත් පුළුවන්.

මං පපුව පිරෙන්නම ලොකුම ලොකු හුස්මක් ගත්තා.
'ශවූ සුවඳ, ශවූ හුස්මක්'
මට දැනුනෙ මං දිව්‍ය ලෝකෙ ඉන්නවා වගේ.
කවදාවත් නොදැනුනු තරමෙ සතුටකින් සැහැල්ලුවකින් මගේ හිත පිරිලා ගියා.

මං හෙමීට අත දික් කරලා එයාගෙ කොණ්ඩෙ ඇල්ලුවා.
සිනිඳුයි.

මං එයාගෙ කොණ්ඩෙ අතගගා, එයාගෙ සුවඳ විඳ විඳ එහෙම්මම හිටියා.
අනේ! මේ මොහොත හැමදාම තියෙනවා නම්....

එයා නින්දෙම දැඟලුවා.
මං ඉක්මනට ඇස් දෙක පියාගත්තා.
පපුව ගිඩි ගිඩි ගානවා.
එයාටත් මේ සද්දෙ ඇහෙයිද?

Calm down Mithu, calm down...
මං හිතින් ගණන් කරන්න පටන් ගත්තා.
එක, දෙක, තුන,........... මං සීයට යනකල් ගණන් කලා.
මොකුත් සද්දයක් නෑ.
මං හෙමීට ඇස් ඇරියා.

ශවූ තාම නිදි.
එයා නින්දෙම්ම මගේ පැත්ත හැරිලා.
රෝස පාට තොල් දෙක යාන්තමට ඇරිලා.
ඒ ලස්සන ඇස් පියවිලා.
එයා හෙමින් හෙමින් හුස්ම ගන්නවා.
Blanket එක එහාට වෙලා.
එයා ඇඳගෙන ඉන්නෙ බැගී t එකක්.
ඒක එක උරහිසකින් පල්ලෙහාට වැටිලා.
මගේ ඇස් ඉස්සරහා තිබුනෙ, මගෙ ජීවිතේටම මං දැකපු ලස්සනම දර්ශනය....
මං මාවම කොනිත්ත ගත්තා.
මේ හීනයක් නෙවෙයි.

ක්සිතිජ ඉමට (Completed)Where stories live. Discover now