එදා ශවූව දැක්ක දවසේ ඉඳන් මං ජීවත් උනේ හීනෙක.
ඔව් දකින්නත් ආස නැති, ඒත් ඇහැරගන්නත් බැරි මහා මූසල හීනෙක.
ඉතින් මේ හීනෙන් ඇහැරෙන්න නම් මට මෙහෙනුත් යන්න වෙනවා. කොළඹ දාලා ආවා වගේම.හැමදේම මං plan කලා.
Office ගිහින් මේ සතියෙ අන්තිමට අයින් වෙනවා කියලා resignation බාර දුන්නා.
ඔක්කොමලා පුදුම උනා, මගෙ හිත වෙනස් කරන්න හැදුවා.
ඒත් වැඩක් උනේ නෑ.
දැන් මේ නුවරත් අයිති ශවූට.
ශවූගෙ මතක නුවර පුරාම.
මට ආයෙ කවදාවත් ඉස්සර වගේ හිත සැහැල්ලුවෙන් වැව රවුමෙ ඇවිදින්න බෑ.
මාළිගාවට යන්න බෑ.
කොටිම්ම bar එකකට ගිහින් බොන්නවත් බෑ.
ඒ හැමතැනකම ඉන්නෙ ශවූ.
ඉතින් මට තවත් බෑ.මං නැවතිලා ඉන්න ගෙදර අයිති අයටත් මං යන බව කිව්වා.
මට ගෙනියගන්න බැරි මගේ චිත්‍ර ගැනයි මං දුක් වුනේ.
ඒත් මං යන තැනක settle වෙලා, එනකල් ඒ ටික තියාගන්න ඒ ගෙදර මිනිස්සු කැමති උනා.මං ශවූගෙ චිත්‍ර දිහා බලාගෙන හිටියා.
ඉතින් ශවූ මිතූව දාලා ගියා වගේම දැන් මිතූටත් ඔයාලාව දාලා යන්න වෙලා.
ඒත් මං ආයෙත් එනවා කියලා පොරොන්දු වෙනවා, ඔයාලවත් අරන් යන්න.
මොකද මට ඉතුරු එකම ශවූ ඔයාලා නිසා.මං ආයෙ ආයෙත් වෙච්ච දේවල් ගැන කල්පනා කලා.
මට එදා call එක answer කරන්න තිබුනද? එයා කියන දේ අහන්න තිබුනද?
එයාගෙ No එක unblock කරන්නද?ඒත් ශවූට ඕනෙ නම් මට වෙන no එකකින් call කරන්න තිබුනා.
හැබැයි එයා එහෙම කලේ නෑ.
එයාට මාව ඕනෙ නෑ කියන එක නේද ඒ?
ඇයි මගේ හිත මේ ඇත්ත පිළිගන්නෙ නැත්තෙ? ඇයි ශවූ කවදාමහරි එයි කියලා බලාපොරොත්තු වෙන්නෙ?
මෙහෙම හැම තැන්කිම්ම පැනලා ගිහින් හැංගිලා ජීවත් උනාට වැඩක් තියෙයිද, මං මේ ඇත්තට මූණ දෙන්නෙ නැතුව?ඒත් මං එච්චර හයිය නෑ.
කොයි තරම් හයියට පේන්න හිටියත්, ඇත්තටම මං දිරාගෙන යන ගහක් වගේ.
මහා සුළි සුලඟක් ඕන නෑ මාව වට්ටන්න, පුංචි ශවූ හුලඟක් හොඳටම ඇති.ඉතින් සිකුරාදා මං office එකේ හැමෝටම party එකක් දුන්නා.
එයාලා ගොඩාක් දුක් උනා මං යන එක ගැන. ඇත්තටම අපි හිටියෙ එක පුංචි පවුලක් වගේ. ලොකු ලොකු officeවල තිබුනු කැපිලි, කෙටිලි, කකුලෙන් ඇදිලි මේ පුංචි තැන තිබුනෙ නෑ.
ඒත් ඕනම තැනක මට සතුටින් ඉන්න ලැබෙන්නෙ ටික කාලයයි.
මං විඳින හැම සතුටකටම මට ඊට වඩා දස දහස් ගුණයක වේදනාවක් ලැබෙනවා.
![](https://img.wattpad.com/cover/298738146-288-k501240.jpg)