අද

951 148 74
                                    

මිතූ, මගේ අතින් අල්ලගෙන හිටියා.
අපි හිනා උනා.
එයා හෙමින් හෙමින්, හෙමින් හෙමින් මගේ ලඟට ලං උනේ මාව kiss කරන්න වගේ.
මගේ ඇස් පියවුනා.
ඒ මත්කරන පහස විඳින්න මගෙ මුළු ආත්මෙන්ම මං ලෑස්ති උනා.
ඒත් ඒ kiss එක ලැබුනෙ නෑ.
මං බලාගෙන හිටියා.
තාමත් එයා නැති තැන ඇස් ඇරියා.
අනේ!!! එයා නෑ!!!!
එයා යනවා.
ඈතට ඈතට පාවෙලා යනවා.
මං කෑගැහුවා.
මිතූ......

මං ඇහැරුනේ ගැස්සිලා.
දෙවියනේ ඒ හීනයක් නේද?
මං පපුවට අත තියාගත්තෙ වේගෙන් එක දිගට ගැහෙන පපුව නවත්තගන්න වගේ.

මිතූ... මිතූ...
මං වටපිට බැලුවා.

එයා හිටියෙ නෑ..
එයාට මං අන්දපු ඇඳුම් ඇඳ උඩ.
එයා ඇඳගෙන ආපු ඇඳුම් නෑ.

දෙයියනේ මිතූ!!!!!
ඔයා කෝ???
මාව දාලා යන්න ගියාද????
මිතූ... මිතූ..., please මං කරපු වැරැද්දම කරන්න එපා.
අපිට අපිව ඕනෙ මිතූ!!!

මං ඉක්මනට පාරට දිව්වා.
මිතූ නෑ. කොහේවත් පේන්න නෑ.

මං ඇතුලට ඇවිත් මිතූගෙ photo එකක් පෙන්නලා එයාව දැක්කද ඇහුවා.
නෑ... කවුරුත් දැකලා නෑ.

අයියෝ!!!!
මං මොකද්ද දැන් කරන්නෙ.

එතකොටයි මට මතක් උනේ මං ලඟ දැන් මිතූගෙ no එක තියෙන බව.
මං call කරා.
Rings ගියා.
ඒත් එයා cut කලා.
මං ආයෙත් try කලා. දිගටම try කලා.
ගන්න බෑ.

පැය ගානක මහන්සියෙන් පස්සෙ මට තේරුනේ එයා මාව block කරලා කියලා.
ඇයි මිතූ?
දැන් ඔයාට මාව එපා වෙලාද?

ඔව්, මං කලේ ලොකු වැරැද්දක්.
ඒත් මට එකම එක අවස්ථාවක් දෙන්න මිතූ...

වෙන no එකකින් call එකක් දෙන්න හිතුනත්, මං එහෙම කලේ නෑ.
ඒ මං කියලා දැනගත්තොත් මිතූ කොහොමත් කතා කරන්නෙ නෑ.
අන්තිමේ මේ no එකත් මාරු කලොත්, මං ලොකු අමාරුවක වැටෙනවා.

මට එයාව මුනගැහෙන්න ඕනෙ.
මං දන්නවා එයාට මගේ මූණ බලාගෙන මාව මග අරින්න බෑ.
මං plan කරන්න පටන් ගත්තා.

අන්තිමේ best option එක විදියට මට මතක් උනේ සචිත්.
ඌ මොනවා හිතුවත් කමක් නෑ කියලා මං විස්තරේම ඌට කිව්වා.

ඒකා හිනා වෙනවා.
"උඹ උගේ විස්තර හොය හොය මැරෙන්න හදද්දිමයි බං මට ඕක තේරුනේ.
කොහොම උනත් thanks මාව විශ්වාස කරලා මේ දේවල් කිව්වට.
මං උඹලට බොක්කෙම්ම support"

ක්සිතිජ ඉමට (Completed)Where stories live. Discover now