මගේ

907 145 38
                                    

ඉතින් අපි trip එක යන්න පටන් ගත්තා.
උදේ පාන්දරම.
ශවූට පිස්සු දෙයියනේ!!!
මොකට මේ මහ පාන්දර කළුවරේ නැගිටගෙන දඟලනවද මන්දා.
මොකුත් කියන්නත් බෑ බෝම්බෙ වගේ පුපුරනවා.
මගේ ඇස් දෙකත් රිදෙනවා අප්පා. තාම වෙලාව 4.30යි. හොඳට පෙරවගෙන හීනයක් බල බල නිදාගන්න තිබ්බ වෙලාවනෙ මේ.

මං ඇස් දෙක පියාගෙන නිදා ගන්න හැදුවා. ඒත් හිතට හරි නෑ.
එයා drive කරද්දි මං හොඳ සැපට නිදාගෙන යන එක පව්නෙ.

මං එයා දිහා බැලුවා.
අම්මෝ!!! Full serious mode.
වටපිට බලන්නෑ. කතා කරන්නෑ. කොටිම්ම මේ මිනිහා ඇස් පිල්ලමක්වත් ගහන්නැද්ද මන්දා..?

"ශවූ" "ශවූ...." "ශවූ........"
"ශව්වො........."
"ශේ...." "ශේ බබෝ....." "පැටියෝ..."
මං කෑ ගැහුවා.
හප්පහ්... මං මොකද්දේ කිව්වෙ?
දැන් නිකං ලැජ්ජත් වගේ.
ශවූ මොනවා හිතයිද?
කමක් නෑ ඇහුවොත් විහිළුවට කිව්වෙ කියනවා, මං හිතාගත්තා.

ඒත් ඇස් කොනින් මං දැක්කෙ ශවූ හිනාවෙනවා.
ඉතින් මාත් එයත් එක්ක හිනා උනා.
අපි දෙන්නම හිනා උනා. හයියෙන් හිනා උනා.
ඒක හරිම ලස්සන හැඟීමක්.
අපි දෙන්නා, car එකේ, දුර ගමනක් යනවා. ලස්සන සින්දුවක් background එකෙන් ඇහෙනවා.  ශවූ.. මගෙ ලස්සන ශවූ, ලස්සනම ලස්සනට හිනා වෙනවා. මං එයා ලඟින්ම එයත් එක්ක හිනා වෙවී ඉන්නවා......
මීටත් වඩා ජීවිතේ ලස්සන වෙන්න පුළුවන්ද?

"දැන් තරහා ඉවරද?" මං ඇහුවා.
එයා ඔරවනවා ආයෙත්. හැබැයි බොරුවට. මං දන්නවා.
මට හිනා ගියා. එයත් හිනා උනා.
අනේ ශවූ මට ඔයාව ඕනෙ. ඔයා මගේමයි නේද?
මට එහෙම අහන්න තිබුනා නම්.....

හිනා වෙවී, කෝලම් කර කර අපි දන්නෙම නැතුව camping site එකට ඇවිත් තිබුනා.
එක night එකක් නිසා ශවූ තෝරගෙන තිබුනෙ පැය 3 - 4ක් දුරින් තියෙන ලස්සන තැනක්.

අපි ඉතින් කාලා බීලා, tent එක එහෙම ගහගෙන ලෑස්ති උනා.
පහළ තිබුනු වතුර පාරකින් නෑවා.
ඒ සීතල වතුරෙ අපි සෙල්ලම් කලා.
කෑ ගැහුවා. ශවූ මගේ ඇඟට පැන්නා. මං ශවූගෙ ඇඟට පැන්නා.

මුලින් මං බයෙන් හිටියත් මට control නැති වෙයි කියලා එහෙම උනේ නෑ.
අපි දෙන්නා ඇත්තටම enjoy කලා.
සැරින් සැරේට කවුදෝ නැගිටලා උඩ බලාගෙන හිටියා තමයි, ඒත් අපි දෙන්නා පිස්සො දෙන්නෙක් වගේ රණ්ඩු වෙවී දඟල ඉද්දි මට control වෙන්න පුළුවන් උනා.

ක්සිතිජ ඉමට (Completed)Where stories live. Discover now