හීනයක්

880 139 56
                                    

මං නැගිටිනකොට හොඳටෝම දවල් වෙලා. ශවූ මගේ ලඟ නෑ.
මං ඉක්මනට එලියට දුවගෙන ගියා.
ඒත් ශවූ නෑ.

"ශවූ... ශවූ...."
මං කෑ ගැහුවා. මට බය හිතුනා, හැම්දේම හීනයක් වෙලා ශවූ නැති වෙලා ගිහින්ද කියලා.
හිනා වෙන්නෙපා. ඒක මහ විකාර සිතුවිල්ලක් තමයි.
ඒත් ශවූ ලඟදි මට සාමාන්‍ය විදියට හිතන්න බෑ.

මං ශවූට කෑ ගහ ගහ හැමතැනම දිව්වා.
එතකොටයි මං දැක්කෙ දොළ පාර පැත්තෙන් වතුර එකකුත් අරන් හිනා වෙවී එන එයාව.

මට ඒ වෙලේ මොනවා උනාද මං දන්නෙ නෑ. එක මොහොතක එයා දිහා බලාගෙන සැනසුම් සුසුමක් හෙලපු මම, ඊලඟ මොහොතෙදි හිටියෙ එයාගෙ ඇඟ උඩ. එයාව බදාගෙන. හරියට වඳුරු පැටියෙක් වගේ.
මං එයාගෙ ඇඟට පැන්න පාරට අපි දෙන්නම වතුර එකත් එක්කම බිම වැටුනා.

අනේ මගේ පැටියට රිදුනද දන්නෙත් නෑ.
මං ඉක්මනට නැගිටලා, ශවූවත් නැගිට්ට ගත්තා.
එයාට ඒත් හිනා.

"කොහෙද ශවූ ගියේ? ඇයි මට කතා නොකලෙ? මං බය උනා"

"වතුර ටිකක් ගේන්න අනේ. Noodles හදන්න හැදුවෙ මං. උදේටත් කෑවෙ නෑනෙ. ඉක්මනට කාලා රෑ වෙන්න කලින් යමු"
එයා හිනා වෙවීම කියනවා.

එයාට වාඩි වෙලා ඉන්න කියලා මං වතුර ගේන්න ගියා. එයා ගෙනාපු ටික බිමනෙ.

වතුර ගෙනත් එයා noodles හදනකල් මං එයා ලඟ දැවටි දැවටි හිටියා.
වැඩක් කර ගන්න බෑ කියලා එයාගෙ වැඩේම මාව එහාට කරන එක.
ඔයා කිව්වට බෑනෙ ශවූ...
මට එක තප්පරයක්වත් ඈතින් ඉන්න බෑ දැන්. ඔයාව ඕනෙ ඕනෙ ඕ....නෙමයි!!!!

මට ඕනෙ උනත් ඊයෙ රෑ ගැන කතා කරන්න, ශවූ මං කතාව පටන් ගද්දිම හෙමීට ඒක මග ඇරියා.
දෙතුන් පාරක්ම මෙහෙම වෙද්දි, මට හිතුනෙ එයා තාමත් ඉන්නෙ ලැජ්ජාවෙන් කියලා.
ඉතින් එයාට දවසක් දෙකක් කල් දීලා, ඊ ලඟට මගේ හිතේ තියෙන හැමදේම කියනවා කියලා මං හිතා ගත්තා.

ආපහු යද්දිත් අපි එදා රෑ ගැන කතා කලේ නෑ. හැබැයි ලෝකෙ තියෙන අනිත් හැමදේම ගැන කතා කලා, හිනා උනා.
එච්චර ලස්සන අත්දැකීමකට පස්සෙ එහෙම දෙයක් නොවුනා වගේ මේ හැසිරෙන හැටි ගැන මට සතුටක් නොතිබුනත්, මේ හැමදේම process කරගන්න ශවූට කාලය ඕනෙ ඇති කියලා මං හිතුවා.

ක්සිතිජ ඉමට (Completed)Where stories live. Discover now