පසුතැවීම

880 131 31
                                    

'He's in love with his best friend????'

මේ මොකද්ද මිතූ මේ සිද්ද වෙන්නෙ???

මට දැනුනෙ මං තවත් මේ ලෝකෙට අයිති නෑ වගේ. ඇඟම සීතල වෙලා පණ නැති වේගෙන වගේ යනකොට මං එහෙම්මම එතන තිබුනු පුටුවකට කඩන් වැටුනා.
මාව කොහොම අනික් අයට පෙනුනද මං දන්නෙ නෑ.
ඒත් අර කෙල්ල හොඳටම කලබල උනා.

"Oh! No, what happened?"
කියලා අහගෙන එයා මගේ ලඟට ආවත්, මට එයාට උත්තර දෙන්න තරම් නිරවුල් මනසක් තිබුනෙ නෑ.
මං එතෙන්ට වෙලා හිටියොත් හැමෝගෙම attention මට එනවා කියලා තේරුනු නිසා, මං මොකුත් ප්‍රශ්නයක් නෑ කියන්න ඒ කෙල්ලටත් අත වනාගෙනම එතනින් එලියට ආවා.
මට මං ඇවිදිනවා දැනුනෙ නෑ.
කකුල් හිරි වැටිලා වගේ.
මං හීනෙන් වගේ ඇවිදගෙන ගිහින් park එකේ ගහක් යට වාඩි උනා.

'Best friend?'
කවුද එයාගෙ best friend??
මමද? වෙන කෙනෙක්ද?
ඉස්කෝලෙ යන කාලෙ නම් රවීන්.
ඒත් පස්සෙ පස්සෙ එයාලා අවුරුදු ගානකින් meet වෙලාවත් තිබුනෙ නෑ.
Campus එකේ කවුරුහරි????
එහෙම වෙන්නත් බෑ.
අර කෙල්ල එහෙනම් මීට වඩා දෙයක් කියනවා.
එයා ඒක කියද්දි තේරුන විදියට මිතූ ආදරේ කරන්නෙ කාටද කියලා, එයත් දන්නෙ නෑ.

අනික මිතූට එහෙම හැමදාම කතාකරන, නිතර meet වෙන යාළුවො හිටියෙත් නෑ.

Office එකේ කෙනෙක් වෙන්නත් බෑ.
එහෙනම් මට හොරෙන් ඕක කරන්න ලැබෙන්නෙ නෑ.

එතකොට කවුද මිතූ ඒ???
බැරිවෙලාවත්.... මම?????

මගේ ඇස් බොඳවේගෙන කඳුළු කඩා හැලෙන්න ගත්තා.
ඔයා ආදරේ කලේ මටද මිතූ???

මට තවත් USA ඉන්න පුළුවන් කමක් තිබුනෙ නෑ.
ඉක්මනටම ගිහින් මේ හැමදේම හොයාගන්න ඕනෙ.
ඒත් බැරි වෙලාවත් ඒ වෙන කෙනෙක් උනොත්????

මට මතක් උනේ facebook එක.
එහෙම මොකුත් තියෙනවා නම් මිතූ upload කරන photos වලින් හොයාගන්න පුළුවන්.
මං මාස 6කට පස්සෙ fb log උනා.
මිතූගෙ profile එක තිබුනට මේ මාස 6ටම කිසිම update එකක් නෑ.

කමක් නෑ.
මෙහෙම පිච්චි පිච්චි මට ජීවත් වෙන්න බෑ.
මිතූ ආදරේ කරන්නෙ මට නෙමෙයි නම් මං ආයෙ කවදාවත්ම නොඑන්න ලංකාවෙන් යන්නම යනවා.
මේ පාර හැමදේම හරියටම කතා කරමු මිතූ.

ක්සිතිජ ඉමට (Completed)Where stories live. Discover now