වේදනාව

925 124 48
                                    

ඉතින් එදා පටන් ගත්ත අපේ කතාව දවස ගානෙ ගලාගෙන ගියා.
මං හිතුවට වඩා ඉක්මනින් මිතූ මට ලං උනා.
මං හිටියෙ මුළු ලෝකෙම ලැබුනා වගේ සතුටින්.
අපි රෑ එලිවෙනකල් ඔහේ කතා කලා. දවල් දවසෙ වැඩත් එක්ක busy වෙද්දිත් චූටි චූටි msg යවාගත්තා.

එයා මගෙන් අහනවා Rayan කියන්නෙත් මගේ නමේ කෑල්ලක්ද කියලා.
ඔව් කෑල්ලක් නම් තමයි, ඒත් ඒක රහසක්...
ඔයාට දවසක මං කියන්නම්...

එයා, එයා ගැන හැමදේම මට කිව්වා.
පව්! එයා ගොඩාක් දුක් විඳලා.
එයාට දෙමව්පියන්ගෙ ආදරේ විඳින්න ඉඩ ලැබිලා තිබුනෙ නෑ.
ගොඩාක් කඩා වැටීම් එක්ක එයා කොහොම හරි ජීවිතේ දිනලා තිබුනා.
මගේ මිතූ... මට හරිම ආඩම්බරයි ඔයා ගැන.
ඒත් ආයෙ කවදාවත් මං ඔයාට ඒ වගේ කඩන් වැටෙන්න දෙන්නෙ නෑ.
මං ඔයා ලඟිම්ම ඉන්නවා.

එයාට කෙල්ලෙක් හිටියෙ නෑ.
ඒත් කලින් relationship එකක් තිබුනා කියලා එයා කිව්වා.
කොච්චර උනත් මට ඒක ඇහුවම ඉරිසියා හිතුනා.
මාත් මොකටද second වෙන්නෙ කියලා, මං මටත් එකක් තිබුනා කිව්වා.
එයාටත් මට වගේම ටිකක් රිදෙන්නැතිද එතකොට?

හැමදේම හරි ලස්සනට ගලාගෙන ගියා. ඒත් ටිකෙන් ටික ශවූ මගෙන් ඈත් වෙනවා වගේ මට දැනුනා.
ඉස්සර නිතරම මාත් එක්ක coffee වලට dinner වලට එළියට ගිය ශවූ, මාව මග අරින්න පටන් ගත්තා.
වෙනදා වගේම call කරලා කතා කලත් මට මේ වෙනස දරාගන්න බැරි උනා.

ඇයි මේ?
එයාට මගේ හැඟීම් ගැන තේරිලා මාව මග අරිනවද?

මට මොකක් උනාද මං දන්නෙ නෑ එත් මං එයාව follow කරන්න පටන් ගත්තා.
ඔහොම බලන්න එපා.
මං දන්නවා ඒක හරිම creepy. මං stalker කෙනෙක් උනා.

සමහරදවස් වලට එයා කෙල්ලෙක් එක්ක coffee වලට ගියා.
කෙල්ලෙක් කිව්වට ඒ එකම කෙල්ලද, නැත්තම් එක එක කෙල්ලොද කියලා මට හිතාගන්න බැරි උනා.
මොකද කෙල්ලොන්ගෙ එක එක hair style, make up එක්ක අද දකින කෙල්ලම හෙට දැක්කත් මට අඳුන ගන්න බැරි සයිස් එකක් තිබුනෙ
අනික මං සෑහෙන්න පරිස්සම් උනා.
එයා මේ ගැන දැනගත්තොත් මගෙ මූණවත් බලන්නෑ.
මං හිටියෙ එයාලට ගොඩක් ඈතින්.

මගෙ හිත කීරි ගැහිලා ගියා.
අවුරුදු ගානක් මං බලාගෙන හිටියෙ එයා වෙනුවෙන්. ඒත් එයා මාව මග ඇරිලා කෙල්ලොත් එක්ක ඇවිද ඇවිද ඉන්නවා.

ක්සිතිජ ඉමට (Completed)Where stories live. Discover now