9

427 87 19
                                    

ආහ් දැන්නේ මතක් උනේ.. මාව කලන්තේ දාල වැටුනනේ.. මම හෙමීට නැගිටලා අර කිචන් එකේ ඇරල තිබ්බ ටැප් එකත් වහලා ආවෙ මගෙ කාමරේට...

ඇවිත් දොර ඇරියා විතරයි...

"හචීන්... හචීන්... හචීන්.." එක දිගට කිඹුහුම් යන්න ගත්තා..

මේ මොනවාද මේ පුලුන් නේද...ආයිෂ් මට පිස්සු වගේ, මගෙ මුලු ගෙදරම විනාශ කරලා.. මම පුලුන් ටික ගස ගස ආවේ ඇඳ ළගට, ඇවිත් බෙඩ් ශීට් එක අයින් කරා විතරයි...

මේ ඉන්නේ අර කොල්ලා... අනේ ගුලි වෙලා පූස් පැටියෙක් වගේ නිදි.. ඒයි හොබියො ඔය ඉන්නේ කොල්ලෙක් හොබියෝ.. පූසෙක් නෙවෙයි, ඔයාගේ ගේ විනාශ කරපු එකා...

"ඒයි කොල්ලො, නැගිටිනවා..."

"ම්හූ.."

"ම්හූ නෙවෙයි නැගිටිනවා... තමුසේ කවුද කියනවා පොලිසියට කතා කරන්න කලින්.." මෙන්න කොල්ල නැගිට්ට.. බය වෙලාද කොහෙද..

"ආහ් දැන් කියනවා.. තමුන් කවුද? කොහොමද ගේ ඇතුලට ආවේ.." මම එයාගෙන් ඇහුවා.. එයා මොකක් හරි කියන්න යන්නේ ඒත් කියන්නේ නෑ..

"ඒ ඔයා මට බය වෙන්න ඕනි නෑ.. මම ඔයාව ගිලින්නේ නෑ..ඔයා කවුද කියලා කියන්නකෝ.."

"යු... යුන්ගිට බ.. බදගිනියි.." මෙන්න මෙයා කතා කරා..වාව් එයාගෙ කටහඩ... එයාට බඩගිනියිලු.. පව් මොනවා හරි කන්න දීලා ඉමු...

"ආ.. ආහ් ඉන්න මම මොනවා හරි හදන් එන්නම්.. ඔහොම්මම ඉන්න.. හරිද? තේරුනානේ..?" එයා ඔව් කියන්න වගේ ඔලුව වැනුවා..

"මම රූම් එකෙන් එළියට ආවේ.. කිචන් එකට යන්න.. ඒත් එයා..."

_________________________________________

_________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Cutiee.. 🥺💜🌼

🌼☘️

Written by - @jung_hoseok_lover

𝐌𝐢𝐧𝐞 𝐊𝐢𝐭𝐭𝐲💜[𝐒𝐎𝐏𝐄] (Completed) Where stories live. Discover now