14

380 80 43
                                    

📲

හෙලෝ කවුද මේ,,

කවුද මේ කියල අහන්නේ තමුන්ට දැන් මාවත් අමතකද?

අමතක තමුන් කවුද කියනවකෝ?

ආහ් මමද මම තමුන්ගෙ යාලුවා කියන එකා..

ආ ජ් ජින්??

ජින් තමයි... තමුසේ ගෙදර නැද්ද ඕයි මම දැන් කීයේ ඉඳන්ද මේ බෙල් එක ගහන්නේ..

ඒ ඔයාද බෙල් එක ගැහුවේ..

ඔව් මම තමයි... තමුසේ දැන් ගෙදර ඉන්නවද? නැත්නම් මම යන්නද...

ආහ් ඉන්න ඉන්න යන්න එපා.. මම ගෙදර ඉන්නවා.. ඉන්න මේ දොර අරින ගමන්...

.........................................

මම කෝල් එක කට් කරල ගිහින් දොර ඇරියා.. ඇරියාම දැක්කේ නහයෙන් කටින් දුම් දාන මගේ යාලුවව...

"හායි ජින්.. 😁" මම හිනා වෙලා එයාට හායි කිව්ව..

"හායි තමයි.. තමුසෙ බීරෙක්ද ඕයි.. මම මෙච්චර වෙලා මේ බෙල් එක ගැහුවා.. තමුසේ නිදන්ද හිටියේ.."

"හරි හරි ඉතිං පොඩ්ඩක් වෙලා ගියා දොර අරින්න දැන් කියවන එක නතර කරලා ගෙට වරෙන්කො.." මම ගෙට එන්න කිව්වා විතරයි මේ මනුස්සය මාවත් පෙරලන් ගේ ඇතුලට ගියා..

"අම්මෝ සනීපයි..."මෙන්න මේ මනුස්සයා ගෙනාපු බෑග් වීසි කරල සෝෆා එකට පැන්නා...

"ඒයි මනුස්සයො ගෙදරට ආපු කෙනෙක්ට සලකන්නවත් දන්නේ නැද්ද ආහ්? ගිහින් මට බොන්න මොනවා හරි අරම් වරෙන්.."මූ යකෝ කමක් නෑ දැන් මූ ඉල්ලන දෙයක් දීලා ශේප් එකේ තියාගන්න ඕන.. තියාගන්න නෙවෙයි යවන්න ඕනේ.. අර පූස් කොල්ලා ගැන මේ මනුස්සයා දැන ගත්තොත් මන් ඉඳල ඉවරයි..

"හරි හරි ඔහොම්ම හිටපන් මම හඳන් එන්නම්.."

"ආ හිටපන් මාත් එන්නම්.."

"නෑ ජිනී ඔයා ඔහොම්ම ඉන්න.. මම ඔයාට කූල්ම කූල් ඩ්‍රින්ක් එකක් හදන් එන්නම්.."

"හා හා උබේ කැමැත්තෙනේ.."

මම කිචන් එකට ආවා අරයට බොන්න මොනව හරි හදාගෙන යන්න...එතෝට මම දැක්ක මම කලින් ඉන්ඳලා ගිය විදියිටම ඉඳගෙන මගේ දිහා බලාගෙන ඉන්න මගේ පූස්ව...

"කවුද අලේව් ආවේ..." එයා මගෙන් එක පාරටම ඇහුවා..

"ආහ් ඒ මගේ යාලුවෙක් ආවේ.. ඒයි කොල්ලො මම කියනකන් සාලේ පැත්තට එහෙම එන්නේ නෑ හරිද?.." මම එයාට ටිකක් සැර කරා.. එයා මූන බෝලයක් කරගෙන  හා කියන්න වගේ ඔලුව වැනුවා...

මම බීම එකක් හදාගෙන ආපහු සාලෙට ගියා..

"ආ මෙන්න.." මම ජිනීට බීම එක ඇල්ලුවා..

"ඉතින් ජින් මොකද හදිසියේම මෙහෙ ආවෙ.."

"හදිස්සියේම නෙවේ.. ඇයි දැන් මට මගේ යාලුවගෙ ගෙදර එන්න බැරිද?,.."

"නෑ එහෙම නෙවේ කිව්වේ.. උබ මේ අවුරුද්දකින් විතරනේ ආවේ.."

"ආහ් මේකයි බන් තව මාස තුනකින් මායි ජුනියි මැරි කරනවා...."

"වාව් බන්... ඉතින් ඉතින්..."

"ඉතින් මට උබත් එක්ක මාසයක් ඉන්න ඕනේ.. ඉතිම් අද ඉදන් මන් මෙහෙ නතර වෙනවා..."

"ම්..මොකාආක්.."

____________________________________

හිහිහි හායිම්.. 👀😁😁

අද නම් ටිකක් දිග චැපියක් දුන්නා, මේ කතාව ඉක්මනට ඉවර කරන්න ඕනේ නිසා..

කමෙන්ට් එකක් වෝට් එකක් දාන් යන්න.. 🥺🙃

බායි...❤️

🌼☘️

Written by - @jung_hoseok_lover

𝐌𝐢𝐧𝐞 𝐊𝐢𝐭𝐭𝐲💜[𝐒𝐎𝐏𝐄] (Completed) Where stories live. Discover now